22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

වැට් බදු සම්මන්ත්‍රණය

ජනාධිපති කාර්යාලයේ වෘත්තීය සමිති සබඳතා අංශය මගින් වැට් බදු පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් මුදල් අමාත්‍යංශ ශ්‍රවනාගාරයෙදී පැවැත්විණි.
ගරු මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සම්මන්ත්‍රණයෙ දේශකයන් වශයෙන් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය,මුදල් අමාත්‍යංශයේ බදු පිලිබද උපදේශිකා තනුජා පෙරේරා, ජනාධිපති කාර්යාලයේ ආර්ථික ස්ථායිකරණ ඒකකයේ අධ්‍යක්ෂ, කේ.කේ.අයි. එරන්ද යන මහත්වරු ඇතුළු මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ නිළධාරීන් පිරිසක් සහභාගී වුහ.

රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම සදහා බදු අය කිරීමෙ අරමුණ හා එහි නිවැරදි ක්‍රමවේදය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්, වෘත්තීය සමිති නියෝජිතයින්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, ව්‍යාපාරිකයන් සහ තරුණ ප්‍රජාව දැනුවත් කිරීම මෙහි අරමුණ විය.

මෙම සම්මන්ත්‍රණය ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය මගින් සංවිධානය කරන ලදී

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz