අප සුරත මාධ්‍ය ජාලයේ වවුනියා දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදිනිය රසිකා මදුශානි මහත්මිය විසින් සංවිධානය කල හැලඹගස් වැව අවට ගම්මාන 4 ක පාසැල් ළමුන් සදහා වසරකට අවශ්‍ය පාසැල් පොත් හා උපකරණ ලබා දීම පූජ්‍ය මාතර විජයසීහ ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හැලඹගස් වැව ගම්නයේදී සිදු කරන ලදි.
මෙම අවස්ථාවට දායකත්වය ලබා දුන් සියලුම පරිත්‍යාගශීලි භවතූන්ටත්, සුරත මාධ්‍ය ජාලයේ ද්‍රවිඩ අංශයේ වව්නියා දිස්ත්‍රික් නායක අබ්දූල් රසාක් උමර්දීන් මහතාටත් , මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම තමන්ට විවිධ අයුරින් සහයෝගය දුන් සියඵම දෙනාටමත් තම හෘදයාංගම ස්තූතිය පුද කරන බව රසිකා මදුශානි මහත්මිය පැවසුවාය. මේ පිළිබදව අදහස් දැක්වූ පාසල් ලමුන්ගේ දෙමව්පියන් කියා සිටියේ වසරක කාලසීමාවක් සදහා පොත්පත් සහ පාසල් උපකරණ මිලදී ගැනීමට විශාල මුදලක් වැයවන බවත්, පවතින දැඩි ආර්ථික අර්බුදය නිසා දෙමව්පියන්හට මෙම පරිත්‍යාගය මහත් අස්වැසිල්ලක් බව රසිකා මදුශානි මහත්මිය මැදිහත්වී මේ කල පුණ්‍ය කර්මයට දායක වූ සැමටතම ගෞරවණීය ආචාරය පුද කරන බවය.