22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

දේශීය වෛද්‍ය ක්ශේත්‍රයේ නිශ්පාදන, සේවා ඇගයීමට ව්‍යවසායකත්ව රන් සම්මාන උළෙලක්

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනුව දේශීය ආයුර්වේද වෛද්‍ය හා නිෂ්පාදන හා සේවා තුළින් දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොල ජය ගනු ලැබූ  ශ්‍රී ලාංකීය ව්‍යවසායකයින් දිරි ගැන්වීම හා ඔවුන්ගේ නිෂ්පාදනය ප්‍රවර්ධනය පිණිස දේශීය වෛද්‍ය ව්‍යවසායකත්ව රන් සම්මාන උළෙලක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ඒ පිළිබඳව එම ක්ශේත්‍රයේ නියැලෙන්නන් සහ මාධ්‍ය දැන්වත් කිරීමේ විශේෂ හමුවක් බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයයේදී අද(26) දින පවැත්විය.

පූර්ණ ස්වාධීන අධීක්ෂණ මණ්ඩලයක් යටතේ පත් කරනු ලැබූ තීරක මණ්ඩලයක් මඟින් මේ සඳහා සුදුසුකම් ලත් නිෂ්පාදන හා සේවා උදෙසා මෙම රන් සම්මාන ප්‍රදානය කිරීම සිදු කරනු ලබන අතර එය මාර්තු මස 05වන දින නෙළුම්පොකුණ ජාතික කලා රඟහලෙහිදී පැවැත්වීමට කටයුතු කරන බව අදහස් දක්වමින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කර සිටියේය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz