22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

නව අස්වැසුම ප්‍රතිලාභින් ලක්ෂ 04 ක් තෝරාගැනීමට අයදුම්පත් කැඳවීම පෙබරවාරි මස 10

නව අස්වැසුම ප්‍රතිලාභින් ලක්ෂ 04 ක් තෝරාගැනීමට අයදුම්පත් කැඳවීම පෙබරවාරි මස 10 වෙනදා වන විට ආරම්භ කරනවා… මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි……..

ලක්ෂ 20 ක් පමණ වූ අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව තවත් ලක්ෂ 04 කින් වැඩිකිරීම සඳහා අයදුම්පත් කැඳවීම පෙබරවාරි මස 10 වන දින පමණ වන විට ආරම්භ කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී විවිධ පාර්ශව වලින් ලද යෝජනා අනුව නිර්ණායක සංශෝධනය කිරීම කෙරෙහිද අවධානය යොමු වී ඇති බවයි.
පවුල් තෝරා ගැනීමේදී සිදුවූ, නිර්ණායක වලට බර තැබීමේදී යමෙකුට මෙම වැඩපිලිවෙලට අයදුම් කිරීමට නොහැකි වූයේ නම් එමගින් ඔවුන්ටද අයදුම් කිරීමට අවස්ථාව උදාවන බව සඳහන් කළ අමාත්‍යවරයා , මේ වන විට අස්වැසුම ප්‍රතිලාභ හිමිවන පරණ ප්‍රතිලාභීන්ට මේ සඳහා අයදුම් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, එම අයදුම්කරුවන් ලබාදුන් තොරතුරු තහවුරු කර ගැනීමට රජය බලාපොරොත්තු වන බවද සඳහන් කළා.
පසුගිය වසරේදී අස්වැසුම ප්‍රතිලාභීන්ට ප්‍රතිලාභ ලබාදීම සඳහා ලෝක බැංකුවෙන් ප්‍රතිපාදන ලබාදුන්නද , මෙම වසරේ මහා භාණ්ඩාගාරය මගින් ඊට ප්‍රතිපාදන ලබාදෙන බවත්, රුපියල් බිලියන 205 ක මුදල සපයා ගැනීම සඳහා රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීම සඳහා වූ සැලසුම් සියල්ල සකස් කර ඇති බවත් සියඹලාපිටිය මහතා එහිදී සඳහන් කළා.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz