කර්මාන්ත ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණ ව්‍යාපාරිකයකු වන සයිෆුඞීන් ජැෆර්ජි මහතා ඒ්කාබද්ධ ඇඟළුම් සංගම් සංසදයෙහි සභපතිවරයා ලෙස තෝරා පත් කර ගනී

කර්මාන්ත ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණ ව්‍යාපාරිකයකු වන සයිෆුඞීන් ජැෆර්ජි මහතා මෙරට ඇඟළුම් ක්ෂේත‍්‍රයේ සියලූ සංගම් නියෝජනය කෙරෙන සහ මෙරට ඇඟළුම් ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන ඒ්කාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ සභාපතිවරයා ලෙස 20 වැනි මහ සභා රැස්වීමේදී තෝරා පත් කර ගන්නා ලදී. මේ අතර උපසභාපති ධුරයන් සඳහා ෆීලික්ස් ප‍්‍රනාන්දු සහ අරුන් හයිද්‍රාමනි යන මහත්වරුන් යළි තෝරා පත් කර ගැනුනි.

මෙම ධුරයට පත් වීමෙන් අනතුරුව ජැෆර්ජී මහතා ඇඟළුම් කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සිදුකල යුතු සය වැදෑරුම් ප‍්‍රතිපත්ති පිළිබඳව කර්මාන්තය දැඩිව අවධානය යොමු කළ යුතු බවත් මේ සඳහා රජයේ සහාය අනිවාර්යයෙන් අපේක්ෂා කරන බවත් සඳහන් කළේය. මෙම සය වැදෑරුම් ප‍්‍රතිපත්ති මාලාව තුළින් මෙරට ඇඟළුම් කර්මාන්තය ලොව අංක එකේ ස්ථානයට පත්කිරීම ඒ්කාබද්ධ ඇඟලූම් සංගම් සංසදයේ ප‍්‍රමුඛතම අරමුණ බව සිය ආරම්භක දේශනයේදී ඔහු පැවසීය.

”ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා ගාමක බලවේගය වන්නේ අපනයනාභිමුඛ කර්මාන්තයන් බව පසුගිය කාලයේදී අප විසින් මුහුණ දුන් ආර්ථික අර්බුදය තුළින් ද අපට හොඳින් අවබෝධ වුනා. එනමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ කර ඇති දැනට ක‍්‍රියාත්මක වන සාර්ව ආර්ථික වැඩසටහන් මගින් අපගේ ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරික ක‍්‍රියාකාරීත්වයට බලපෑමක් එල්ල වී තිබෙන බැවින් ඒ්කාබද්ධ ඇඟළුම් සංගම් සංසදය වශයෙන් වර්තමාන රජයේ නායකත්වය සමග සම්බන්ධ වී අපනයන අරමුණ වෙත දැඩි අවධානයක් යොමු කළ යුතු ව්‍යාපාර විධික‍්‍රමයන් වෙත නොපමාව යා යුතු බව මාගේ අදහසයි. එමෙන්ම කර්මාන්තයක් පමණක්ම වශයෙන් නොව රටේ සමස්ත ආර්ථිකය පිළිබඳව අවධානය යොමු කරමින් ඇඟළුම් ක්ෂේත‍්‍රයේ අපනයන ප‍්‍රවර්ධනය කළ යුතුයි” යනුවෙන් පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති විදුලි මිල ගණන්වලට අනුකූල වීම හේතුවෙන් තරඟකාරී රටවලට සාපේක්ෂව ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් කර්මාන්තයේ මෙහෙයුම් පිරිවැය 50% කින් වැඩි වී ඇත. මෙම ප‍්‍රවණතාවය තිරසාර නොවන බවත් ඒ සඳහා වෙනස්කම් සිදු කරන ලෙසත් ජැෆර්ජි මහතා රජයෙන් ඉල්ලා සිටී.

ආරම්භයේදී තාවකාලික පියවරක් ලෙස ක‍්‍රියාත්මක කරන ලද අනිවාර්ය විදේශ විනිමය පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ඉස්මතු කළ ජැෆර්ජි මහතා විශේෂයෙන්ම විනිමය අනුපාතිකය සහ බැංකු පද්ධතියේ අතිරික්ත ද්‍රවශීලතාවය ඉහළ යාම සැලකිල්ලට ගෙන මෙම ප‍්‍රතිපත්තිය නැවත සලකා බලන ලෙස ද මහ බැංකුවෙන් ඉල්ලා සිටියේය.

විශේෂයෙන් සේවකයින් සඳහා ආහාර සහ ප‍්‍රවාහන සේවා සම්බන්ධයෙන් VAT බදු නීතිවල ඇති බලපෑම සහ නොගැලපීම පිළිබඳව පෙන්වා දුන් ඔහු මෙම ගැටලූවලට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය. SVAT සම්බන්ධයෙන්, ජැෆර්ජි මහතා සඳහන් කළේ, වඩාත් කල් පවත්නා විසඳුමක් සඳහා පෙනී සිටින, ප‍්‍රායෝගික සාක්ෂි මත පදනම්ව ආපසු ගෙවීමේ වත්මන් ක‍්‍රමය ක‍්‍රියාත්මක නොවන බවත් ඒ සඳහා ස්ථිර හා කල් පවත්නා වැඩපිළිවෙලක් ස්ථාපිත කළ යුතු බවයි.

ඉන්දු-ශ‍්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමෙ (ISFTA) හි සාර්ථකත්වය පිළිබඳව සුබවාදී අදහස් පළ කළ ජැෆර්ජි මහතා ව්‍යාපාරවලට වෙළෙඳපල වෙත පහසුවෙන් ප‍්‍රවේශ වීම කෙතරම් වැදගත්ද යන්න අවධාරණය කළේය. කෙසේවෙතත්, නිසි ක‍්‍රමවේදයක් නොමැතිකම හේතුවෙන් ව්‍යාපාරවලට මෙම වෙළඳපල වෙත ප‍්‍රවේශ වීමට දැනට අපහසු වී ඇති බවත් මෙම ආයතනික ව්‍යුහය නොමැතිවීම ගැටළු ඇති වීමට හේතු වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. කර්මාන්තවල වර්ධනයට සහ රටේ සමස්ත ආර්ථික පුනර්ජීවනය සඳහා වෙළෙඳපොළ වෙත ප‍්‍රවේශය ඉතා වැදගත් වන බැවින් මෙම ක‍්‍රියාවලිය කඩිනම් කරන ලෙස ඔහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

තවද කර්මාන්තයේ කාර්යක්ෂමතාව සහ ධාරිතාව ඉහළ නැංවීම සඳහා ගුවන් තොටුපල scanner යන්ත‍්‍ර ක‍්‍රියාත්මක කිරීම වේගවත් කරන ලෙස ද අභිනව සභාපතිවරයා මෙහිදී බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

2024 වසරේ අග භාගයේදී කර්මාන්තය සඳහා ඇණවුම්වල වැඩි වීමක් පෙන්නුම් කරන සුබවාදී බලාපොරොත්තු පිළිබඳව ජැෆර්ජි මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා ඇඟලූම් මූලාශ‍්‍ර සංගමය (The Sri Lanka Apparel Sourcing Association (SLASA) විසින් මේ වසරේදී එක්සත් රාජධානියේදී පැවැත්වීමට නියමිත ‘Sourced Sri Lanka’ යන අදහස මෙහිදී හඳුන්වා දුන්නේයx ශ‍්‍රී ලංකාවේ අපනයන හැකියාවන් ප‍්‍රදර්ශනය කිරීමත් අනාගත ගැනුම්කරුවන්, සන්නාමයන්, වෙළෙන්දන් සහ ආනයනකරුවන් එකට එක් කිරීමත් මෙම ප‍්‍රදර්ශනයේ අරමුණයි. JAAF, SLASA සහ EDB සහයෝගීතාවය සමඟින් මෙම ප‍්‍රදර්ශනය මගින් ශ‍්‍රී ලංකාවේ අපනයන ශක්තීන් ප‍්‍රදර්ශනය කරනු ඇත. එමගින් ශ‍්‍රී ලංකාවේ අපනයන හැකියාවන් ඉහළ නංවා ගැනීම, නායකත්ව සහ විකුණුම් සඳහා අවස්ථා නිර්මාණය කිරීම සහ වැදගත් කර්මාන්ත සබඳතා වර්ධනය කිරීම අරමුණු කරයි.

ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් කර්මාන්තය අපනයන වර්ධනයේ ප‍්‍රමුඛතම සාධකයක් ලෙස ස්ථාපිත කරන මාර්ගෝපදේශයක් ‘Sri Lanka Apparel: Ambition 2030’ උප සභාපති අරුන් හයිද්‍රාමනි මහතා විසින් මෙහිදී ඉදිරිපත් කරන ලදී. මෙමගින් කලාපීය රටවලට අනුකූලව ඇඟලූම් ක්ෂේත‍්‍රයේ තරඟකාරිත්වය ඉහළ නැංවීමේ අවශ්‍යතාවය මෙන්ම ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් නවෝත්පාදනය, තාක්ෂණික ශක්තීන් සහ දක්ෂ ශ‍්‍රම බලකායක් සිටීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

Image 1 – සයිෆුඞීන් ජැෆර්ජි මහතා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සභාපතිවරයා (JAAF) ලෙස 20 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී සමාරම්භක දේශනය පවත්වමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *