සම්පත් බැංකුව පවතින ආර්ථික අභියෝගයන් මධ්‍යයේ සිය ගනුදෙනුකරුවන්ගේ තිරසාරභාවයටද සහය දෙමින් ස්ථාවර මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

ශක්තිමත් ප්‍රාග්ධන පසුබිම හේතුවෙන් ආර්ථික අර්බුදයන් මධ්‍යයේ වුවද සම්පත් බැංකුව සිය නොසැලෙන ඉදිරි ගමන තවදුරටත් තහවුරු කරන ලදී. සුපරීක්ෂාකාරී අවදානම් කළමනාකරණය හා මනා ව්‍යාපාර ක්‍රමෝපායයන් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් තම පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතාවන්ට මූලිකත්වය දීමට සම්පත් බැංකුවට හැකි විය.

පසුගිය වසර කිහිපය පුරාවට පැවති ආර්ථික අර්බුදයන් හේතුවෙන් පීඩාවට පත් වූ ගනුදෙනුකරුවන් ඉන් මුදවා ගැනීම සඳහා එක් එක් ගනුදෙනුකරුවන්ගේ ණය ගෙවීමේ හැක‘යාව මත පදනම් වූ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පහසුකම් සලසා දෙමින් ව්‍යාපාර අඛණ්ඩව පවත්වා ගැනීමට බැංකුව තම ගනුදෙනුකරුවන්ට සහාය දෙන ලදී. එමෙන්ම මූල්‍ය හා ව්‍යාපාරික උපදේශන සේවා ක්‍රියාත්මක කිරීම මගින් ගනුදෙනුකරුවන්ගේ නව ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීමට සහය වූ අතර ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාර ආකෘති යාවත්කාලීන කිරීම සඳහා ද සම්පත් බැංකුව ක්‍රියාකාරීව දායක විය.

මීට අමතරව සිය සමාජ ආයතනික වගකීම් ක්‍රියාකාරකම් (CSR) මඟින් ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීම සඳහා “වැවට ජීවයක්“ වැඩසටහනද, “සයුරට හුස්මක්“ ව්‍යාපෘතිය යටතේ සාගර පරිසර පද්ධති සංරක්ෂණය, කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය, කොරල්පර හා කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය සඳහා ද සම්පත් බැංකුව ක්‍රියාශීලීව දායක විය.

ආර්ථිකයේ ඇති වූ අවිනිශ්චිතතාවයන් හා අභියෝගයන් මධ්‍යයේ වුවද 2023 වසර අවසානයේදී සම්පත් බැංකුව මූල්‍ය සේවාවන් මත බදු පෙර ලාභය රුපියල් බිලියන 38.4 ක් වාර්තා කිරීමට සමත් වූ අතර එය පෙර වසරේ වාර්තා කරන ලද රුපියල් බිලියන 20.2 හා සැසඳීමේදී 89.9% ක ඉහළ වර්ධනයකි. කෙසේ වුවද ඉහළ යන ලද බදු වියදම් හේතුවෙන් බැංකුවේ බදු පසු ලාභය 2023 වසරේ දෙසැම්බර් 31 දිනට රුපියල් බිලියන 17.1 ක් වූ අතර එය පෙර වසරේ වාර්තා වූ රුපියල් බිලියන 13.1 හා සැසඳීමේදී 30.5% ක වර්ධනයකට සීමා විය. මීට අමතරව සම්පත් සමූහය 2023 වසර අවසානයේදී බදු පසු ලාභය පෙර වසරට සාපේක්ෂව 27.5% ක වර්ධනයක් සහිතව රුපියල් බිලියන 17.9 ක් ලෙස වාර්තා කිරීමට සමත් විය.

2023 වර්ෂය සඳහා බැංකුවේ ශුද්ධ පොළ’ ආදායම (NII) රුපියල් බිලියන 72.3 ක් වූ අතර එය පෙර වසර හා සැසඳීමේදී 1.6% ක පහත වැටීමකි. පොළී ආදායමට සාපේක්ෂව 2023 වසර තුළදී පොළී වියදම ඉහළ යාම මීට හේතු විය. 2023 වර්ෂය සඳහා සම්පත් බැංකුවේ මුළු පොළී ආදායම පෙර වසරට සාපේක්ෂව 29.1% ක වර්ධනයක් එනම් රුපියල් බිලියන 45.8 ක ඉහළ යාමක් වාර්තා කරන ලද අතර පොළී වියදමද රුපියල් බිලියන 131.2 ක් දක්වා ඉහළ යන ලදී. ප්‍රතිමිලකරණ උපයා මාර්ග සහ වත්කම් හා වගකීම් නිසි ලෙස කළමනාකරණය ක‘රීම, සාමන්‍යය බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතය (AWPLR) පහත වැටීම තුළ‘න් ශුද්ධ පොළී ආදායමට ස‘දු වූ බලපෑම ස’මා ක‘රීමට හේතු විය. ශුද්ධ පොළී ආන්ත‘කය 5.16% ක් වූ අතර, එය අනුරූප වසර සඳහා 5.66% ක් විය.

ණය සඳහා ඇති ඉල්ලුම අඩු වීමත් කොමිස් අනුපාත පහළ දැමීම හා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුප‘යලේ අගය අත‘ප්‍රමාණය වීම හේතු කොට ගෙන වෙළෙඳාම් ආශ්‍රිත ආදායම පහළ යාමත් හේතුවෙන් බැංකුවේ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම පෙර වසරට සාපේක්ෂව 2.9% කින් පහත වැටිණ. එහෙත් කාඩ්පත්, විද්‍යුත් නාලිකා හා ප්‍රේෂණ ආශ්‍රිත ආදායම්හි වර්ධනයක් වසර තුළදී සිදු විය. පෙර වසරට සාපේක්ෂව ආදායම් පහළ යාමක් පෙන්නුම් කලද බැකුවේ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් සඳහා වෙළෙඳාම් ආශ්‍රිත ගනුදෙනුවලින් ලද ආදායම දායක විය.

පසුගිය වසරට සාපේක්ෂව 9.2% ක වර්ධනයක් සහිතව රුපියල් මිලියන 591.7 ක ප්‍රාග්ධන ලාභයක් ඉපයීමට බැංකුව සමත් වූ අතර මේ සඳහා වසර තුළදී භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණීම ප්‍රධාන වශයෙන් හේතු විය. මීට අමතරව 2022 වසරේදී වාර්තා වූ රුපියල් බිලියන 19.7 ක් වූ අනෙකුත් මෙහෙයුම් ලාභයට සාපේක්ෂව 2023 වසරේදී රුපියල් බිලියන 1.6 ක අනෙකුත් මෙහෙයුම් අලාභයක් වාර්තා වූ අතර මේ සඳහා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 11% කින් අත‘ප්‍රමාණය වීම (2022 – 82% ක් අවප්‍රමාණය විය) හේතුවෙන් සිදු වූ රුපියල් බිලියන 2.4 ක විනිමය අලාභය ප්‍රධාන වශයෙන් හේතු විය. කෙසේ වෙතත් ඉහත විනිමය අලාභය රුපියල් බිලියන 0.8 ක ශුද්ධ වෙළෙඳ ලාභය මගින් යම් දුරකට ආවරණය කර ගැනීමට බැංකුවට හැකි විය.

තම විචක්ෂණශීලී ප්‍රතිපාදන ප්‍රතිපත්තිය තවදුරටත් පවත්වාගෙන යමින් 2023 මූල්‍ය වර්ෂය සඳහා සම්පත් බැංකුව රුපියල් බිලියන 20.1 ක අපහායන අය කිරීමක් හඳුනා ගන්නා ලද අතර එය ණය හා අත්තිකාරම් සඳහා රුපියල් බිලියන 18.1 ක්ද (2022 මූල්‍ය වර්ෂය සඳහා බිලියන 54.3) වෙනත් මූල්‍ය උපකරණ සඳහා සඳහා රුපියල් බිලියන 1.8 ක්ද (2022 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 7.8) අනෙකුත් බැඳීම් හා අසම්භාව්‍යයන්ට එරෙහිව රුපියල් බිලියන 0.2 කින් ද (2022 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 0.6)  සමන්විත විය. 2022 වසර හා සැසඳීමේදී ණය හා අත්තිකාරම් සඳහා අපහායන අය කිරීම් රුපියල් බිලියන 36.3 කින් අඩු වුවද ප්‍රතිපාදන ආවරණ අනුපාතය 2022 වසර අවසානයේ පැවති 11.8% සිට 13.8% ක් දක්වා එනම් පදනම් ලකුණු 200 කින් ඉහළ යන ලදී. ණය හා අත්තිකාරම් සඳහා වූ මුළු අපහායන අය කිරීම් වල අඩුවීම සඳහා ආර්ථිකයේ ඇති වූ පුනර්ජීවනය, 2022 වසරේ පැවති වඩාත් විචක්ෂණශීලී ප්‍රතිපාදන ප්‍රතිපත්තිය හා සාමූහික අපහායනය සඳහා සළකා බලනු ලබන ණය කළඹේ ස‘දුවූ 8% ක අඩුවීම ප්‍රධාන වශයෙන් හේතු විය. තවද හඳුනාගත් ඉහළ අවදානම් සහගත කර්මාන්ත සඳහා මෙන්ම අනෙකුත් ඇති විය හැකි ණය අවදානම් සඳහා අතිරේක ප්‍රතිපාදනයන් හඳුනා ගැනීම 2023 වසර සඳහාද නොවෙනස්ව ස‘දු ක‘රීමට බැංකුව කටයුතු කරන ලදී.

මීට අමතරව දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (SLDB) රුපියල් බැඳුම්කරවලට හුවමාරු කිරීමට බැංකුව තීරණය කරන ලද අතර මේ හේතුවෙන් ඒ සඳහා වෙන් කරන ලද අපහායන ප්‍රතිපාදනය වූ රුපියල් බිලියන 4.8 ක් නැවත හැරවීමට බැංකුව කටයුතු කරන ලදී. කෙසේ වෙතත් මෙලෙස ලබා ගත් රුපියල් බැඳුම්කර සඳහා බැංකුව විසින් රුපියල් බිලියන 1.2 ක පළමු දින අලාභයක් (Day 1 loss) හඳුනාගන්නා ලදී. තවද ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (SLISB) සඳහා ද බැංකුව රුපියල් බිලියන 5.5 ක අතිරේක අපහායන ප්‍රතිපාදනයක් හඳුනා ගන්නා ලදී.

2022 වසරට සාපේක්ෂව 2023 මූල්‍ය වර්ෂය තුළදී සම්පත් බැංකුවේ මෙහෙයුම් වියදම් 15.7% කින් ඉහළ ග‘ය අතර මේ සඳහා 2022 වසරේ සිදු වූ රුපියල අවප්‍රමාණය වීම, උද්ධමනය හේතුවෙන් භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාම, ඉහළ බදු හා ආනයන සීමා කිරීම් මූලික වශයෙන් හේතු විය. ඉහත සඳහන් වූ කරුණු හේතුවෙන් 2022 වසරේ 25.3% ක්ව පැවති ආදායම් පිරිවැය අනුපාතය 2023 මූල්‍ය වර්ෂය සඳහා 35.7% ක් දක්වා ඉහළ යන ලදී. කෙසේ වෙතත් එය බැංකු ක්ෂේත්‍රයේ සාමාන්‍යය වූ 40.5% ට වඩා අඩු මට්ටමක පැවත‘ණ.

සමාජ ආරක්ෂණ හා දායකත්ව බද්ද (SSCL) සමස්ත වර්ෂය සඳහාම අදාල වීම සහ බදු පදනම පුළුල් වීම හේතුවෙන් මූල්‍ය සේවාවන් මත බදු වියදම 2022 මූල්‍ය වර්ෂයට පැවති රුපියල් බිලියන 5.2 සිට රුපියල් බිලියන 3.4 ක වර්ධනයක් සහ‘තව 2023 වසර සඳහා රුපියල් බිලියන 8.6 ක් ලෙස වාර්තා කරන ලදී. මීට අමතරව පුළුල් වූ බදු පදනම හා ඉහළ ග‘ය ආදායම් බදු ප්‍රතිශතය හේතුවෙන් 2022 මූල්‍ය වර්ෂයට පැවති රුපියල් බිලියන 1.9 ක් වූ ආදායම් බදු වියදම 567.7% ක වර්ධනයක් සහිතව 2023 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 12.6 ක් ලෙස වාර්තා විය.

සම්පත් බැංකුවේ මුළු වත්කම් පසුගිය වසරට සාපේක්ෂව 16.4% කින් ඉහළ යන ලද අතර රජයේ ණය සුරැකුම්පත් වල ආයෝජනය ඉහළ යාම මීට ප්‍රධාන වශයෙන් හේතු විය. බැංකුව සතු තැන්පතු ප්‍රමාණය 2022 වසරේ පැවති රුපියල් බිලියන 1,103.2 සිට රුපියල් බිලියන 1,264.5 දක්වා ඉහළ යාම හේතුවෙන් මුළු වගකීම් ද 16.4% කින් ඉහළ යන ලදී. 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී සියලුම ප්‍රාග්ධන අනුපාතයන්හි වර්ධනයක් පෙන්නුම් කරන ලද අතර එය අවම නියාමන මට්ටමට වඩා ඉහළ මට්ටමක පවත්වා ගැනීමට බැංකුව සමත් විය.

මීට අමතරව අධ්‍යක්ෂ මණ්ඩලය, 2024 මාර්තු මස 28 වන දින පැවැත්වීමට න‘යමිත වාර්ෂික මහා සභා රැස්වීමේදී කොටස් හිමියන්ගේ අනුමැතිය ලබා ගැනීමට යටත්ව, 2023 දෙසැම්බර් 31න් අවසන් මූල්‍ය වර්ෂය සඳහා කොටසකට රුපියල් 5.85 ක අවසාන මුදල් ලාභාංශයක් නිර්දේශ කර ඇත‘ අතර 2023 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා ලාභාංශ ගෙවීමේ අනුපාතය 40.02%ක් විය (2022-40.08%)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *