22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

තායිලන්තයේ හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය කොම් ඩබාරන්සි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුව

තායිලන්තයේ හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය කොම් ඩබාරන්සි (Kom Dabharansi) සහ තායිලන්ත ව්‍යාපාරික දූත පිරිසක් මාර්තු 7 වැනිදා කොළඹ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු විය.

කෘෂිකර්මය, සංචාරක සහ තවත් ක්ෂේත්‍ර කිහිපයක පවත්නා ආයෝජන අවස්ථා සහ සහයෝගීතාව පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරිණි.
දූත පිරිසට ව්‍යාපාරිකයින් වන අටකෝන් මැන්සමුට් (Attakorn Maensamut), චම්රුස් විසාවාචයිපන් (Chamrus Visavachaipan), ඒ. කේ. ඒ. අෆ්රීල් (A K A Afreel) සහ එල්. එම්. ‍ෆර්හාන් (LM Furhan) ඇතුළත් වූ හ.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ උපදේශක සුගීස්වර සේනාධිර මෙම අවස්ථාවට සහභාගී වූහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz