වඩාත්ම සතු­ටින් සිටින රට­වල් ලැයි­ස්තුව ලෝක ප්‍රීති­මත් දින­යේදී නිකුත් වෙයි

ජාත්‍ය­න්තර ප්‍රීති­මත් දිනය යෙදී තිබූ ඊයේ (20) නිකුත් වූ ලොව ප්‍රීති­මත්ම රට­වල් ලැයි­ස්තුවේ පළමු ස්ථානය ෆින්ල­න්ත­යට ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ලැයි­ස්තුව එක්සත් ජාතීන්ගේ තිර­සර සංව­ර්ධන ජාලය සහ ඔක්ස්ෆර්ඩ් පර්යේ­ෂණ ආය­ත­නය එක්ව සෑම වස­ර­කම මාර්තු 20 වැනි­දාට යෙදෙන ලෝක ප්‍රීති­මත් දින­යේදී නිකුත් කරනු ලබන අතර, නව­තම ලැයි­ස්තු­වට අනුව ෆින්ල­න්තය ලොව ප්‍රීති­මත්ම රට බවට පත් වී ඇත්තේ අඛ­ණ්ඩව 7 වැනි වරට බව ද වාර්තා වේ. එම ලැයි­ස්තු­වට අනුව ඩෙන්මා­ර්කය දෙවැනි ස්ථාන­යට පත්ව ඇති අතර, අයි­ස්ල­න්තය තුන්වැනි ස්ථාන­යට සහ ස්වීඩ­නය සිව්වැනි ස්ථාන­යට පත්ව ඇතැයි ද වාර්තා වේ. පස්වැනි තැන හිමි වී ඇත්තේ ඊශ්‍රා­ය­ල­යට වන අතර, නෙද­ර්ල­න්ත­යට 6 වැනි ස්ථානය ලැබී තිබේ.
2021 සිට 2023 දක්වා වසර තුනක කාල­යේදී ලොව රට­වල් 140ක ජන­තා­වගේ ආයු කාලයේ සාමාන්‍ය අගය අනුව ලැයි­ස්තු­ගත කර ඇති එම ලැයි­ස්තුවේ බ්‍රිතා­න්‍යය 20 වැනි ස්ථාන­යට සහ අමෙ­රි­කා­වට 23 වැනි ස්ථානය ලැබී ඇති අතර, ශ්‍රී ලංකාව 128 වැනි ස්ථාන­යට සහ ඉන්දි­යාව 126 වැනි ස්ථාන­යට පත්ව තිබේ. ලොව ප්‍රීති­මත්ම රට­වල් අතර 30 වැනි ස්ථානයේ පසු­වන සිංග­ප්පූ­රුව ආසි­යාවේ ප්‍රීති­මත්ම රට බවට පත්ව ඇති අතර, ජපා­න­යට 50 වැනි ස්ථානය සහ දකුණු කොරි­යා­වට 51 වැනි ස්ථානය ලැබී ඇතැයි වාර්තා වේ. ලෙබ­න­නය, සියෙරා ලියොන් සහ කොංගෝ රාජ්‍යය එම ලැයි­ස්තුවේ පහ­ළම ස්ථාන­වල පසු­වන බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *