22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

සහල් ආනයනය සඳහා කිසිදු අවසරයක් දී නැහැ..

සහල් ආනයනය සඳහා කිසිදු අවසරයක් දී නැහැ.. සංචාරක හෝටල් අවශ්‍යතා මත බාස්මතී සහල් ගෙන්වීමට පමණක් අවස්ථාව දී තිබෙනවා.. මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

සහල් ආනයනය සඳහා කිසිදු අවසරයක් ලබා දී නොමැති බවත්, සංචාරක හෝටල් වල අවශ්‍යතාවය සඳහා පමණක්ම බාස්මතී සහල් එම අවශ්‍ය ප්‍රමාණයට පමණක් ගෙන්වීමට අවස්ථාව දි ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
සහල් ආනයනයට අවසර දී ඇති බවට නගන චෙදෙනා සම්බන්ධයෙන් අවිස්සාවේල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය පෙබරවාරි මාසයේදී සහල් හිඟයක් ඇතිවීමේ අවධානමක් මතුවූ අවස්ථාවේ සහල් ආනයනය කිරීමට රජය අවස්ථාවක් ලබාදුන් බවයි. ඒ අවස්ථාවේ දින කීපයක් පසුවී ගෙන ආ සහල් ප්‍රමාණයක් වරාය තුළ සිර වී තිබූ බැවින් එම සහල් ප්‍රමාණය නිදහස් කර ගැනීමට සතියක කාලයක් ලබාදුන්නද එම කාලය මේ වන විට අවසන් බව අමාත්‍යවරයා සඳහන් කළා

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz