“රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවන්නේ නිශ්චිත නියාමනයක් සහ ඉහළ විනිවිද භාවයකින් යුතුව යුතුවයි”

මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය

රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ රජයේ නිශ්චිත නියාමනයක් පවත්වා ගනිමින් නිශ්චිත බදු මුදල් අය කරගනිමින් එම ආයතන සම්බන්ධයෙන් රජයේ බර අඩු කරගනිමින් වඩාත් පුළුල් ප්‍රතිපත්ති රාමුවක් තුළ එම ආයතනවල ව්‍යවසායකත්ව කටයුතු පෞද්ගලික අංශයට පැවරීම බවත් ඒ ඒ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව හඳුනාගත් සුවිශේෂ හේතු පවතින බවත් ආචාර්ය රංජිත් සියඹලා පිටිය මහතා පැවසීය.
ලාභ ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නැගූ පෑනේ එකට පිළිතුරු දෙමින් අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඇතැම් රාජ්‍ය ව්‍යාපාර නිසි ප්‍රතිපත්ති රාමුවක් තුළ සහ ව්‍යවසායකත්වයක් තුළ ක්‍රියාත්මක නොවීම නිසා වසරකට රුපියල් බිලියන 500කට ආසන්න අලාභ රටේ ජනතාව මත බදු බර ලෙස පැටවී ඇති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, ආර්ථික වශයෙන් ධනාත්මක ගමනකට අවතීර්ණව සිටින මෙවන් මොහොතක ඊට සාමූහිකව සහාය වනු වෙනුවට මෙතෙක් සිදු නොකළ දේ ගැන එකිනෙකාට ඇඟිලි දිගු කර ගැනීමෙන් ඵලක් නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම ඉහළ විනිවිද භාවයකින් සිදු කරන අතර ඒ සම්බන්ධ කිසියම් හෝ ප්‍රශ්න කිරීමක් යෝජනාවක් තිබේ නම් ඒවා සලකා බැලීමට රජය සූදානම් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *