22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

2022 දී බිලියන 743ක් පාඩු ලැබූ රාජ්‍ය ව්‍යවසාය 2023 දී බිලියන 456ක ලාභයක් වාර්තා කරයි.

  • .ප්‍රතිව්‍යුහගතකරණය අකාර්යක්ෂමතාව පිටු දැකීමට සහ ඵලදායීතාව වර්ධනයට හේතුවක්..ඇමැති ෂෙහාන් සේමසිංහ

2022 වසරේ දී රුපියල් බිලියන 743ක අලාභයක් ලැබූ රාජ්‍ය ව්‍යසාය 2023 වසරේ දී රුපියල් බිලියන 456ක ලාභයක් උපයා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. විශේෂයෙන් ම විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව වැනි සහනාධාර මත ක්‍රියාත්මක වූ ආයතන සිය නිෂ්පාදන සඳහා පිරිවැයට සරිලන මිලක් නියම කිරීම ද මෙම ලාභය වාර්තා කිරීම සඳහා හේතු වූ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් රාජ්‍ය ව්‍යවසාය වඩා ඵලදායී මට්ටමට පත් කිරීම සඳහා පෞද්ගලික අංශයේ දායකවත්වය ලබා ගැනීමට රජය කටයුතු කරන බව පෙන්වා දෙන සේමසිංහ අමාත්‍යවරයා කියා සිටින්නේ එමගින් රජයට සිය මූලික වගකීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ හැකි බවයි. විශේෂයෙන් ම ජනතාවගේ බදු මුදල්වල ඵලදායීතාව තහවුරු කිරීමට එමගින් අවස්ථාව සැලසෙන අතර අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය සහ යටිතල් පහසුකම් වැනි අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරවීමට එමගින් අවස්ථාව සැලසෙන බව අමත්‍යවරයා පෙන්වා දෙයි.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය මගින් ඒවායේ අකාර්යක්ෂමතාව අවම වන අතර දේශපාලන මැදිගත් වීම ද ඉවත් යන බවයි සේමසිංහ මහතා පවසන්නේ. එමගින් අදාළ ආයතනවලට වෙළෙඳපොල තත්ත්වයන් මත තීන්දු තීරණ ගැනීම සඳහා පෙළඹවීමක් ඇති කරවන අතර එය වඩාත් තරගකාරී සහ තිරසාර ආර්ථිකයක් කරා රට ගමන් කරවීමට අවස්ථාව උදාකරවන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz