22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

අසත්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබූවන් සොයන්නවිශේෂ වැඩපිළිවෙළක්.

.
ප්‍රතිලාභ අත්හිටුවීමට, නැවත අය කර ගැනීමට සූදානම් බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය කියයි.

අසත්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. ඊට අදාළ චක්‍රලේඛය සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති බවයි එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පවසන්නේ. ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ලබා දී ඇති තොරතුරු සම්පූර්ණයෙන් ම හෝ කොටසක් හෝ අසත්‍ය බවට අනාවරණය වුවෙහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට 2002 අංක 24 දරණ සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩල පනත යටතේ ප්‍රතිපාදන ඇතැයි විජේරත්න මහතා සඳහන් කරයි.

අසත්‍ය තොරතුරු ලබා දීමක් පිළිබඳ දැනුවත්වීමක් සිදු වුවහොත් නිලධාරී කණ්ඩායමක් යොදවා පරීක්ෂණ පැවැත්වීමට දිස්ත්‍රික් ලේකම්වරයාට හෝ අතිරේක සුබ සාධන ප්‍රතිලාභ කොමසාරිස්වරයාට බලය පවරා තිබේ. එම පරීක්ෂණයේ දී ඉදිරිපත් කර ඇති තොරතුරු අසත්‍ය ද? ඒවා හිතාමතා ඉදිරිපත් කර තිබේ ද? යන්න ලබා දී ඇති ලියකියවිලි අනුව සොයා බැලිය යුතු අතර එහි ප්‍රතිඵල තමා වෙත වාර්තා කළ යුතු බවයි සභාපතිවරයා පවසන්නේ.

අසත්‍ය තොරතුරු මත පදනම්ව ප්‍රතිලාභ හිමි කර ගෙන ඇති බව අනාවරණ වුව හොත් අදාළ ප්‍රතිලාභී තැනැත්තා ප්‍රතිලාභ ලබා නොමැති නම් ලැයිතුවෙන් ඉවත් කිරීම, දැනට ලබා ගන්නේ නම් ප්‍රතිලාභ අත් හිටුවීම, ඒවා නැවත අය කර ගැනීම යන ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවයි සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz