22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

අ.පො.ස. විභාගයට පෙනී සිටි සිසුන් සඳහා උසස් පෙළ පන්ති ජූනි මස 04 වනදා…

මෙවර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල උසස් පෙළ පන්ති ආරම්භයට කටයුතු සූදානම් – ආරම්භය ජූනි මස 04 වනදා…

මෙවර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල අ.පො.ස. (උසස් පෙළ) පන්ති ජූනි මස 04 වෙනි දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත. ඊට අදාල චක්‍රලේඛය මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර තිබේ. එම චක්‍රලේඛය සියලු‍ම පළාත්වල අධ්‍යාපන බලධාරීන්ට යොමු කර ඇත.

මෙම චක්‍රලේඛය මේ වනවිටත් ලැබී නොමැති විදුහල්පතිවරුන් ඇත්නම් ඒ පිළිබඳව පළාත් සහ කලාප අධ්‍යාපන කාර්යාලවලින් විමසිය හැකි අතර පාසල් සිසුන්ට වැඩිදුර තොරතුරු අදාල පාසලේ විදුහල්පතිවරයාගෙන් ලබා ගත හැක.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz