22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

වරකාපොළ වාහන තදබදයට විසඳුම් ලෙස ඉදි කෙරෙන විකල්ප මාර්ගයේ වැඩ කටයුතු කඩිනමින් ඇරැඹීමට ඇමැති සියඹලාපිටියගෙන් උපදෙස්..

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වරකපොළ නගරය ආශ්‍රිතව ඇති වන දැඩි වාහන තදබදයට පිළියම් ලෙස යෝජනා වී ඇති විකල්ප මාර්ගයේ කටයුතු කඩිනමන් ආරම්භ කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දෙයි. එහි කටයුතු පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් අතරමග නවතා දමා තිබිණි. මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සාකච්ඡාවක් පැවැති අතර එහි දී ඉදිරිපත් වූ කරුණු තව දුුරටත් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ඒ අනුව ජූලි මස 15 වැනි දාට පෙර අදාළ කටයුතු ආරම්භ කිරීමට එහි දී එකගත්වය පළ විය. මේ සඳහා වැයවන මුදල් රුපියල් මිලියන 900ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන් යන මහත්වරු සහ මුදල් අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වී සිටියහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz