ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත..
අවසන් වටයේ සාකච්ඡාව ඇමැති සියඹලාපිටියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා ලබා දෙන පොලී අනුපාතය ඉහළ නැංවීම පිිළිබඳ කඩිනමින් සොයා වාර්තාවක් සකස් කිරීම සඳහා පත් කළ කමිටුව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී රැස් වෙයි. එහි දී අමාත්‍යවරයා කියා සිටියේ පොලී අනුපාතය පවතින ආර්ථික තත්ත්වය අනුව කොතරම් ඉහළ දැමිය හැකියදැයි සොයා බලා ඊට අනුව කටයුතු කරන ලෙසයි. වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලයන්ට හිමි ගිණුම් මිලියන 1.1ක් පමණ පවතින අතර ඒව විධිමත් කිරීමේ අවශ්‍යතාව ද මෙහි දී අවධාරණය කෙරිණි. විශේෂයෙන් ම එකම පුද්ගලයා බැංකු ගිණුම් කිහිපයක් පවත්වාගෙන යාම, වෙනත් පාර්ශ්වයන්ගේ මුදල් එම ගිණුම්වල තැන්පත් කිරීම ආදිය පිළිබඳ සොයා බැලීම සම්බන්ධයෙන් ද මෙහි දී අදහස් පළ විය. අදාළ වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය. මේ අතර සමෘද්ධි, ග්‍රාම නිලධාරීන් සහ රජයේ විධායක නිලධාරීන්ගේ වැටුප් සහ දීමනා ඉහළ නැංවීම පිළිබඳ යෝජනා කිහිපයක් ද මෙහි දී සාකච්ඡාවට ගැණිනි. මෙම අවස්ථාවට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු, ජාතික අයවැය දෙපාර්තමේන්තුව, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ව්‍යපාර දෙපාර්තමේන්තුව, කළඹනාකරණ සේවා දෙපාර්තමේන්තුව යන ආයතනවල ජ්‍යේෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.