22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ජාතික ජන බලවේගයේ රට පුරා ව්‍යාපාරිකයින්ගේ හමුවීම් රැසක්

ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය විසින් රට පුරා ප්‍රධාන නගරවල ව්‍යාපාරිකයින්ගේ හමුවීම් රැසක් සංවිධානය කර තිබෙනවා. එය පසුගිය 10 වෙනිදා ආරම්භ වූ අතර මේ වනවිටත් හමුවීම් අලව්ව, ගල්ගමුව, කුලියාපිටිය, මොනරාගල, කිලිනොච්චි දඹුල්ල හා නාවුල, කුරුණෑගල සහ නුවර යන ප්‍රධාන නගරවලදී ව්‍යාපාරික හමුවීම් පවත්වා තිබෙනවා.

මෙම හමුවීම් සඳහා ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුවේ සාමාජිකයින් වන මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, සුනිල් හඳුන්නෙත්ති, මහාචාර්ය සීතා බණ්ඩාර, ආචාර්ය හර්ෂණ නානායක්කාර, වසන්ත සමරසිංහ, ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි, චතුරංග අබේසිංහ යන අය සහභාගි වෙයි.

ජූලි මස මුල් සතිය දක්වා මෙම ව්‍යාපාරික හමුවීම් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර දිවයිනේ ප්‍රධාන නගර පනහකට අධික සංඛ්‍යාවකදී මෙම හමුවීම් පැවැත්වීමට නියමිතය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz