සම්බුදු තෙමඟුල සිහි කෙරෙන අසිරිමත් “වෙසක් පුර පසළොස්වක” පොහෝ දිනය අදයි…

ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට වෙසක් උත්සවය සමරනුයේ ඉමහත් බැතියෙනි. බුදුරජාණන් වහන්සේගේ උපත බුද්ධත්වය පිරිනිවන් පිරිනිවන්පෑම යන තෙමඟුල සිහිපත් කරමින් වෙසක් උත්සවය සමරනු ලබති.සියවස් ගණනක් තිස්සේ ශ්‍රී ලාංකික බෞද්ධයන් වෙසක් උත්සවය සමරනු ලබනුයේ මහත් බුද්ධාලම්බන ප්‍රීතියෙනි.

ශ්‍රී ලාංකිකයන්ට වෙසක් දිනය සැමරීමට දින දෙකක් වෙන් කර තිබේ එසේම එම කාලය තුළ මෙරට සියලු මත්පැන් අලෙවි සැල් මස් පැන් අලෙවි සැල් මස් පිණිස සතුන් මරණ ස්ථානරජයේ නියෝගය මත වසා දැමීමට කටයුතු කිරීම තුළින් පෙන්නුම් කරනුයේ සිංහල බෞද්ධයා සහ මෙරට රාජ්‍ය පාලනය අතර තිබෙන්නා වූ අන්‍යෝන්‍ය සබැඳියාවයි. ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන් බෞද්ධ ඉගැන්වීම් ඉගැන්වීම්වලට අනුව අටසිල් සමාදන්ව දෛනිකව ඒවා සුරකිමින් ධාර්මිකව කල් ගත කිරීමට කැප වෙති.වැඩි හිටියන්ට ආබාධිත පුද්ගලයන්ට සහ රෝගීන්ට සතුට ගෙන දීමට උත්සාහ කිරීමද වෙසක් සැමරුමෙන් තවත් එක් අදහසක් වෙයි.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට ආසන්න මොහොතේ හඬා වැටෙමින් සිටි ආනන්ද හිමියන් අමතමිනි දෙසූ කරුණු අපට බෙහෙවින් වැදගත් වන්නේය.ලොව පවතින සෑම දෙයක්ම වෙනස් වීමේ දහමට අනුව වැනසෙන බවත් ධර්මය සදාකාලික බවත් ඒ මොහොතේ වදාළ බුදුන් වහන්සේ තමන්ට වැඳිය යුත්තේ හුදෙක් මලින් සුවඳින් පහනෙන් පමණක් නොවන බවත් තමන්ගේ ධර්මය අනුව ජීවත් වන්නේ නම් එය තමන්ට කරන වැඳීමක් වන බවත්ය.මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ආදරය කරුණාව පතුරුවමින් සහජීවනය මනුෂ්‍යත්වය දැක්වීම වෙසක් සැමරුමේ සැබෑ අර්ථය වේ.

බෞද්ධ රාජ්‍ය සංකල්පය අනුව රජු වැරදි මාර්ගය ඔස්සේ රට පාලනය කරන විට ඔහු වටා සිටින සෙසු පිරිස් ද වැරදි දේ කරමින් රට පුරා ආ ධාර්මිකත්වය ප්‍රචණ්ඩත්වය දූෂණය ඇති කරවමින් ක්‍රියා කරයි.බුදුන් එදා වදාළ ධර්මය කෙතරම් දුරට සර්වකාලීන සත්‍යක් දැයි ඇස්පනාපිට තහවුරු වනුයේ මෑත ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේ දී ය.රාජ්‍යයක ප්‍රධානියා බෞද්ධ ප්‍රතිපත්තිය සුරකින විට සමස්ත සමාජය ද ඊට පෙළඹේ.එවිට මෙම දෙපිරිසගේම අයිතිවාසිකම් සුරක්ෂිත වේ.නමුත් මෙරට පාලකයන් දිගු කලක් තිස්සේ මහජන අවශ්‍යතා ඉටු කිරීමට අපොහොසත් වු නිසා රටේ මහජන විරෝධතා පසුගිය සමයේ දැකගත හැකි විය.එබැවින් දැහැමි රාජ්‍ය පාලනයක අවශ්‍යතාව ශ්‍රී ලාංකික ජනතාවට දැනෙමින් තිබිණ. ධාර්මික රාජ්‍ය පාලනය තුළින් රටෙහි දියුණුවක් ඇතිවන බවත් පිරිහීමක් ඇති නොවන බවත් බුදුන් වහන්සේ වදාළ සේක.

බුදුදහමේ විවිධ අවස්ථාවල අවධාරණය කර ඇති පරිදි ධාර්මික රාජ්‍ය පාලනයක් සඳහා හේතුවන බෞද්ධ පාලන ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම උදෙසා පුරවැසියන්ට රාජ්‍ය පාලන තන්ත්‍රයේ සියලු දෙනාටත් මේ පුන් පොහෝ දිනයේ මා ආරාධනා කරමි. එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල උලෙළ 2017 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පවත්වමින් ථේරවාදී බුදුදහම පිළිබඳ ජාත්‍යන්තර කතිකාවක් ඇති කිරීමට හැකිවිම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට පණිවිඩයක් ලබා දීම බුද්ධශාසන කටයුතු පිළිබඳ පිළිබද අමාත්‍යාංශයේ හිටපු ඇමතිවරයා ලෙස කටයුතු කරන්නට ලැබීම ලෝකවාසි බෞද්ධ ජනතාවට සිහිපත් කරනුයේ ඉමහත් බැතියෙනි.

ඔබ සැමට දම් සිසිලෙන් සිත් සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !

ආචාර්ය විජයදාස රාජපක්ෂ ✍️

ජනාධිපති නීතිඥ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *