මුදල් රාජ්‍ය අමාත්‍ය රජිත් සියඹලාපිටියා මහතා පවසයි.
මෙරට පුරවැසියන්ගේ චංචල හා නිශ්චල දේපල පිලිබඳ විස්තර ලබන ජුලි පළමු වැනිදා සිට දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට අනිවාර්යෙන්ම ලබාදිය යුතු වන බවට ගැසට් පත්‍රයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කළද , එය නව නීති පැනවීමක් නොවන බවත් , ආදායම් බදු නීතියේ 123 ( 8 ) වගන්තිය අනුව ආදායම් බදු දෙපාර්තමේන්තුවට තෙවන පාර්ශවයකින් තොරතුරු ලබාගැනීමට ඇති අයිතිය ක්‍රියාත්මක කිරිමක් පමණක් මෙමගින් සිදුවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා
මාධ්‍ය වෙත පවසනවා
එමෙන්ම මෙම නීති රීති කිසිවිටෙකත් අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක නොකරන බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කරනු ලැබුවා.
මෙම චක්‍රලේඛය මගින් සිදුවන්නේ අක්‍රියව පැවති නීතියක් යළි ක්‍රියාත්මක කිරීම බවත් , ඒ අනුව පසුගිය මාර්තු 21 වන දින නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම පිලිබඳ නිවේදනය මැයි මස 21 වන දින දේශිය ආදායම් කොමසාරිස් වරිය විසින් නිකුත් තළ බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියා.
ඒ අනුව ජුලි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍යයෙන් ආදායම් පිලිබඳව කටයුතු සිදුවන ආයතන වන ඉඩම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව , සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව , කොටස් වෙළඳපල , බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ආදී ආයතන තමන්ගේ එදිනෙදා සිදුවන ගනුදෙනු පිලිබඳව තොරතුරු දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුවට දැනුම් දිය යුතු බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියා.
ලෝකයේ අඩුම රාජ්‍ය ආදායම ලබන රටක් බවට පත් වී ගැඹුරු ප්රපාතයනට වැටීමට මෙවැනි නීති මෙතෙක් ක්‍රියාත්මක නොවීම බලපෑ බව සඳහන් කළ අමාත්‍යවරයා එසේම අපේ රටේ බදු ආදායමෙන් 20% ක් සෘජු බදු වී සමස්ථ සමාජයේ සාමාන්‍ය පුංචි මිනිසාට පවා පැනවෙන වක්‍ර බදු ප්‍රමාණය 80 % ක් බවට පත්වීමටත් මෙම කරුණු බලපෑ බවද අමාත්‍යවරයා සඳහන් කළා.
සමාජය පීඩාවට පත්ව සිටින මොහොතක අතීතයට ගොස් තොරතුරු සොයා බලා මෙම නීතී ක්‍රියාත්මක කර ජනතාව තවදුරටත් පීඩාවට පත් කිරීමේ කිසිදු අදහසක් නොමැති බවත් , ආදායම් බදු ගෙවිය යුතු එහෙත් විවධ උපක්‍රම යොදා ඒවා ගොගෙවා සිටින අයගෙන් නිසි පරිදි බදු අයකර ගැනීමත් මෙමගින් අපේක්ෂා කරන බවද ඔහු පවසා සිටියා