22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ළමයින් උදෙසා සිනමා ශාලාවක්

ළමයින් උදෙසා සිනමා ශාලාවක් ශ්‍රී ලංකාව තුළ ඇති කරලීම සඳහා යෝජනා කර, ඒ සඳහා මහජන මුදල් ප්‍රතිපාදන ලෙස වෙන්කර දීමෙන් අනතුරුව, පා.ම. යදමිණි ගුණවර්ධන මහතා පසුගියදා(30) එහි ප්‍රගතිය විමර්ශනය කළේය.

මෙරට මුල්වරට ළමා සිනමා ශාලවක් ආරම්භ කිරීමේ පූර්ණ වගකීම කොළඹ මහ නගර සභාව බාරගෙන ඇත. ප්‍රගති සමාලෝචනයේදී අදහස් දැක්වූ යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා, “අපේ සංස්කෘතික පාරිසරික උරුමයන් පිළිබඳ හැඟීම, රටෙහි ප්‍රගතිය උදෙසා අවශ්‍ය ආකල්ප දියුණුව, මෙන්ම යහපත් මානව සාරධර්ම වර්ධනය සඳහා ළමා සිනමාව විශාල දායකත්වයක් සපයන බව” පැවසීය. කොළඹ මහ නගර සභා ප්‍රධාන පුස්තකාලාධිපතිනිය වරුණී ගඟබඩආරච්චි මහත්මිය, වාස්තු නිර්මාණ ශිල්පීහු, ඇතුළු මහ නගර සභා නිළධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz