22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

2024 මුල් මාස තුනේ දී ආණ්ඩුව ඩොලර් බිලියන 4 ක් ණයට ගෙන ඇති බව සඳහන් කිරීම ජනතාව නොමග යැවීමක්

‘2024 මුල් මාස තුනේ දී ආණ්ඩුව ඩොලර් බිලියන 4 ක් ණයට ගෙන ඇති බව සඳහන් කිරීම ජනතාව නොමග යැවීමක් ‘-
මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය
2024 මුල් මාස තුනේ දී ආණ්ඩුව ඩොලර් බිලියන 4 ක් ණයට ගෙන ඇති බවට එක්තරා දේශපාලන පක්ෂයක් විසින් දක්වා ඇති කරුණ ජනතාව නොමඟ යවන සුළු සාවද්‍ය ප්‍රකාශයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
2023 දෙසැම්බර් 31 දින වන විට ඩොලරයක රුපියල් වටිනාකම රුපියල් 323.9 කි. 2024-03-31 වනවිට ඩොලරයක රුපියල් වටිනාකම රුපියල් 301.1කි. ඒ අනුව එම මාස තුන තුළ ඩොලරයක් සඳහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය රුපියල් විසි තුනකට ආසන්න ප්‍රමාණයකින් අඩුවී ඇත. එනම් ඩොලරය 7% කට ආසන්න ප්‍රමාණයකින් රුපියලට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇත. ඒ අනුව අපගේ මුළු ණය තොගය 2024-03-31 වන දිනට සාපේක්ෂව බලා රුපියල් අගය ඩොලර්වලට හැරවූ විට ඩොලර් වටිනාකම බිලියන 4.6කින් වැඩි වේ. එසේ වීමට හේතුව අලුත් ණය ගැනීමක් නොව ඩොලරය රුපියලට සාපේක්ෂව අවප්‍රමාණය වීමයි.
සැබෑ ලෙසම බැලුවහොත් මෙම මාස තුන තුළ අපේ දේශීය ණය තොගය රුපියල් බිලියන 262කින් එසේ නැතහොත් ඩොලර් බිලියන දශම 0.9කින් වැඩි වී ඇති අතර, විදේශීය ණය තොගය ඩොලර් දශම 0.3කින් අඩු වී ඇත. ශුද්ධ වශයෙන් බැලුවහොත් 2024 මුල් මාස තුන තුළ අපේ රටේ මුළු ණය තොගය වැඩි වී ඇත්තේ ඩොලර් බිලියන දශම 0.5කිනි. එය අසාමාන්‍ය තත්වයක් නොවේ. මුදල් ප්‍රවාහ හසුරවා ගැනීමේ දී ඇතිවන සාමාන්‍ය තත්වයකි. අවුරුද්දේ දෙවන කාර්තුවේ රාජ්‍ය ආදායම එකතු වීමත් සමග මෙම තත්වය වෙනස් වීම සාමාන්‍ය තත්වයකි.
එසේ තිබිය දී ඩොලරය අවප්‍රමාණය වීම නිසා රුපියල්වලින් ගණනය කළ ණය තොගය ඩොලර් වටිනාකමට හරවා බැලූ විට ඇතිවන වැඩිවීම වූ ඩොලර් බිලියන 4.6 පටලවා ගෙන හෝ හිතාමතා හෝ නව ණයක් ගැනීම ලෙස ප්‍රකාශ කිරීම ඉතාමත් සාවද්‍ය කරුණකි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz