• ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලස්සන වචන ටිකක් විතරයි. මේ වචනවලට රැවටුනොත් රට ආගාධයකට යනඑක වළක්වන්න බැහැ…..
• අයි. එම්. එෆ් එකගතා ගැන වචනයක් සඳහන් නොකරන ජාතික ජන බලවේගය විකල්පයක් ගැන කතා කරන්නේ කොහොමද?…..
• විකල්පයක් ඉදිරිපත් කරනවා කීමෙන්, නොකියා කියන්නේ අයි.එම්.එෆ් වැඩසටහන සම්පූර්ණයෙන් කඩා බිද දමන බවයි….
• ජාතික ජන බලවේගය අයි.එම්.එෆ්. සමග කරනවා කියන සාකච්ඡා ලත් තැන ලොප්වෙනවා…..
• අයි.එම්.එෆ්. එක පැත්ත ගැහුවොත් ණය ප්‍රතිසංස්කරණයට එකඟ වුණු රටවල් අපිට අහිමි වෙනවා…..
• දෙසැම්බර් මාසය වෙද්දි ඩොලර් බිලියන 1.3කට ආසන්න මුදලක් රටට අහිමි වීම හරහා ආර්ථිිකය කඩා වැටෙනවා……
- අමාත්‍ය ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි මැතිතුමා
˝ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලස්සන වචන ටිකක් විතරයි. මේ වචනවලට රැවටුනොත් රට ආගාධයකට යාම වැළැක්විය නොහැකියි˝ යැයි අමාත්‍ය, ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි මහතා පැවසීය.
ජාතික ජන බලවේගය ඉදිරිපත් කර ඇත්තේ අයි.එම්.එෆ්. සාකච්ඡා ලත් තැන ලොප් වී රට නැවත විනාශයකට යොමු වන ආකාරයේ ප්‍රතිපත්තියක් බවද අද (2024.08.26) කොළඹ පැවැති ‟පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි මහතා –
2022 ශ්‍රී ලංකාව විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. බදු අඩු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ආදායම අවුරුද්දකට බිලියන 600ක් පමණ අඩුවුණා. ඒ තත්ත්වය පාලනය කරගන්න රජයට මුදල් නැති වුණා. ඒ හින්දා තමයි ණය ගෙවා ගන්න බැරි වුණේ. වියදම වැඩි වෙනවනම් ඊට සාපේක්ෂව ආදායම වැඩි විය යුතුයි. ආදායම අඩු කරලා, වියදම වැඩි කරනවා කියන්නේ කරන්න බැරි දෙයක්. ඒ වෙලාවට මුදල් අච්චු ගහන්න ඕනේ. දැන් කොහොමටත් මහ බැංකු පනත නිසා මුදල් අච්චු ගහන්න බැහැ. එහෙම වුණොත් රුපියල කඩා වැටෙනවා. උද්ධමනය උඩ යනවා. ඩොලර් ටික නැතිවෙනවා. 2022 තත්ත්වයටම රට පත්වෙනවා.
මේ අය අයි.එම්.එෆ් එකත් එක්ක ඉදිරියට යනවලු. අයි.එම්.එෆ් වැඩසටහන තුළ තිබෙන වැදගත්ම දේ තමයි ණය ගෙවීමේ ශක්‍යතාවය පිළිබඳ දරා ගැනීමේ හැකියාව පිළිබඳ විස්තරය. ඒක උඩ තමයි සම්පූර්ණයෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා කරලා තියෙන්නේ. වියදම් කරන ප්‍රමාණය සාකච්ඡා කරලා තියෙන්නේ. ගෙවිය යුතු බදු පිළිබඳ සාකච්ඡා කරලා තියෙන්නේ. මේ අය කියන්නේ සාකච්ඡා කරලා විකල්පයක් ඉදිරිපත් කරන බවයි. එහෙම කරන්න බැහැ. කරුණු කීපයක් උඩ එහෙම කිරීමේ හැකියාවක් නැහැ.
ණය දරාගැනීමේ හැකියාව පිළිබඳ විස්තරය කරුණු පහක් මත පදනම් වෙලා තියෙනවා. 2023 වෙනකොට අපට ප්‍රාථමික අයවැය අතිරික්තයක් තිබුණා. 2025 – 2032 යි අතර ඒක 0.6 සිට 2.3 ට වැඩිවෙන්න ඔනේ. ප්‍රාථමික අයවැය කියන්නේ පොලියයි, ණයයි ගෙවීමට අමතරව ආදායමයි වියදමයි අතර වෙනස. පඩි ටික ගෙවා ගන්නවත් බැරි නම් කොහොමද පොලිය ගෙවන්නේ. ඒ ගැන වචනයක්වත් මෙහි නැහැ. ඊළඟට රාජ්‍ය ණය. 2023 වෙනකොට දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 111ක් රාජ්‍ය ණය. එය සියයට 95 දක්වා අඩු කරගන්න ඕනේ 2032. ඒ ගැන කිසිම වචනයක් නැහැ.
තුන්වෙනුව දල මූල්‍ය අවශ්‍යතාවය. 2023 සියයට 27.8 දල ජාතික නිෂ්පාදනයේ කොටසක් හැටියට. 2027 වෙනකොට එය 13 % කට අඩු කරගන්න ඕනේ. විදේශිය ණය සදහා ගෙවන ප්‍රමාණයට දැනට දළ ජාතික නිෂ්පාදනයෙන් 9.2 ක් අවශ්‍යයි. එය අඩු කරගන්න ඕනෑ 2028 වෙනකොට 4.5ට. මේ සියල්ල නැති කොට, ඒ ගැන කිසිම වචනයක් සඳහන් නොකර විකල්පයක් ගැන කතා කරන්නේ කොහොමද එහෙම කරන්න බැහැ. මේකෙන් අදහස් වෙන්නේ මේ සාකච්ඡා අසාර්ථක වෙන බවයි. අයි.එම්.එෆ්. සාකච්ඡා ලත් තැනින්ම ලොප් වෙලා විනාශයකට යනවා කියන එක. අයි.එම්.එෆ්. එක පැත්ත ගැහුවොත් වෙන්නේ ණය ප්‍රතිසංස්කරණයට එකඟ වුණු රටවල් තියෙනවා. ඒ සියලු රටවල් ආපස්සට යනවා. මොකද ඔවුන් එකඟවුණේ මේ කොන්දේසි වලටයි.
එහෙම වුණොත් දෙසැම්බර් මාසේ අයි.එම්.එෆ් එකෙන් එන්න තියෙන ඇමරිකානු ඩොලර් මිලියන 400 එන්නේ නැහැ. කියන්නේ ලෝක බැංකුවෙන් එන ඩොලර් මිලියන 400ත් නැහැ. ඒ කියන්නේ ආසියානු බැංකුවෙන් එන ඩොලර් මිලියන 500 එන්නෙත් නැහැ. ඒ කියන්නේ ඉදිරි ජනවාරි වන මිස ඩොලර් බිලියන 1.3කට ආසන්න මුදලක් එන්නේ නැහැ. ඒ කියන්නේ ආර්ථිකය කඩා වැටෙනවා. මේකම තමයි සිද්ධ වුණේ. කොහෙවත් කියන්නේ නැහැ කොහොමද ආදායම වැඩි කරගන්නේ නැහැ කියලා. හැබැයි ආදායම අඩු කරගන්නවා කියනවා. පේයි ටැක්ස් අඩු කරනවලු . ඊට පස්සේ කියනවා ඉන්කම් ටැක්ස් එක ගැන. වැඩියෙන් උපයනකොට වැඩියෙන් ගෙවන්න ඕනේ. ලෝක හැමතැනම මෙහෙමයි. 34 ඉඳලා 24 වෙනකල් අඩු කරනවා කියලා අනුර කුමාර බීබීසී සාකච්ඡාවට ඇවිල්ලා කිවා. මේ කියන්නේ ආදායම අඩු කරගෙන වියදම වැඩි කරගන්නවා කියන එකයි.
මේකම තමයි 2019 දී අවාසනාවකට වගේ අපේ ආණ්ඩුව කළේ. දල බදු ආදායම බිලියන 600ක් අඩුකර ගත්තා. ඒක නැවත වතාවක් වෙන්න ඕනෙද. රෑ වැටුණු වලේ දවල්ටත් වැටෙන්න ඕනෙද කියන ප්‍රශ්නේ තියෙනවා.
ඒ නිසා අපි කියන්නේ මේ රටේ ජනතාවට මේක සම්පූර්ණයෙන්ම කළ නොහැකි ප්‍රායෝගික නොවන, කඩා වැටීමට වැට බඳින වැඩපිළිවෙළක්. වැඩියෙන් වියදම් කරන්න නම් වැඩියෙන් උපයා ගන්න ඕනේ. වැඩියෙන් වියදම් කරන්න අඩුවෙන් ඉපයුවොත් මුදල් අච්චු ගන්න ඕනේ. රුපියල බාල්දු වෙනවා. ඩොලර් ඉහළට යනවා. උද්ධමනය අහස උසට යනවා. පඩි වැඩි කරලා වැඩක් නැහැ. ඔබ දැනට රු10000 ගන්න බඩු මල්ල ගන්න රුපියල් 20000ක් විතර යනවා. මේක ඉතා සංයමයෙන් රට ඉදිරියට ගෙන යන්න ඕන කාලපරිච්ඡේදයක්.
විශ්ව විද්‍යාලයක පාලක මණ්ඩලයේ පත් කරන්නේ උපකුල උපතිවරයා පත් කරන්නේ පිහිටාධිපතිවරයා පත් කරන්නේ කොහොමද කියන දේවල් කියලා හොඳින් තියෙනවා. වඩා වැදගත් දේ ආර්ථිකය ගැන කියල තියෙනවද. ණය දරා ගැනීමේ හැකියාව පිළිබඳව විස්තරය වෙනස් කරනවල කරනවා ලු. මේක උඩින් දාපු ලස්සන වචන ටිකක් මේ වචන වලටරැවටුණොත් නැවතත් රට ආගාධයට යන්නේ.
මේ අය විවිධාකාරයෙන් කියන්න උත්සාහ කරන්නේ අපේ රජය දැනටමත් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල විස්තර අඩුවෙන් වෙන වචන වලින් කියනවා. නවය වසර විභාගය, පොකුරු පාසල් ක්‍රමය, පෞද්ගලික විශ්ව විද්‍යාල නියාමනය කළ යුතුයි කියලා යෝජනා කරනවා.
ඒකෙන් සනාථ වෙන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍ය බව. මේවා ඔක්කොම 1980 දවලපත්‍රිකාවෙන් ඉදිරිපත් කරපුවා. ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණේ ඔය පක්ෂය. අවුරුදු 40කට පස්සේ තමයි තේරුම් අරගෙන තියෙන්නේ. අවුරුද් 40ක් තිස්සේ රට ආපස්සට ගෙනිච්චා. පොකුරු පාසල්ක්‍රමය, නවය වසර විභාගය, පෞද්ගලික විශ්ව විද්‍යාල දැන් හොඳයි නම් ඇයි ඒ කාලේ හොඳ නැත්තේ. දේශපාලන හේතු මත ඒවා කඩාකප්පල් කළා. රට කරගෙන යන අයට වඩා වෙනස් විදිහට කරන්න කිසිම අලුත්ක්‍රමයක් යෝජනා කරලා නැහැ.
මං විදේශ අමාත්‍යවරයා විදිහට විදේශ ප්‍රතිපත්තිය ද හා බැලුවා ඔවුන් කියනවා ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යනවලු. අපිත් දැන් පවත්වාගෙන යන්නේ ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් තමයි. ඊට පස්සේ කියනවා විදේශ සේවයට විදේශ සේවා නිලධාරීන් වැඩියෙන් පත් කරනවලු. මං පත්කරල තියෙන පත් කිරීම් වලින් සියයට හැත්තෑවකට වැඩිය විදේශ සේවා නිලධාරීන්. ඉතිහාසය වැඩියෙන්ම කොටස. කදිරගාමර් මහත්තයාගේ කාලේ 65%යි. දැන් 70%යි. ආර්ථිකය සඳහා විදේශ සේවය උපයෝගී කරගන්නවලු. ඒක අපි දැනටමත් කරනවා. ඒ හින්දා තමයි දැනටමත් අලුත් ආයෝජන, සංචාරක ආදී අවස්ථා ලැබුණේ. භූගෝලීය ජගතුන්ගේ තරගයට අවනත නොවී ස්වාධීනත්වය රැකගන්නවලු. ඒක ශ්‍රී ලංකාව හැමදාම කරපු විශේෂ දෙයක්.
මේ අයට ලොකුම සටන් පාඨය හොරු අල්ලන එක. අනිත් රටවල්වල නැති සහ ලංකාවේ නැති මොනවා හරි අලුත් දෙයක් කරනවද කියලා මම කල්පනා කරලා බැලුවා. ඔවුන් කියන්නේ නීති විශේෂඥ කමිටුවක් මගින් පවතින නීති සමාලෝචනය කරන බවයි . මම අධිකරණය ඇමතිවරයා ලෙස ඉන්නකොට කමිටු විසිනමයක් දාලා සමාලෝචනය කරලා අලුතින් නීති අසූ අටක් විතර හඳුන්වල දුන්නා. ඒකත් කරගෙන යනවා. අධිකරණ ක්‍රියාවලියට නවීන තාක්ෂණය හඳුන්වල දෙනවලු. අපි ඩිජිටල් කරනයට සියල්ල සූදානම් කරලා තියෙන්නේ. මුදල් නැතිකම නිසා ඉදිරියට යන්න බැරි වෙලා තියෙනවා. සුහුරු ස්මාට් අධිකරණ ශාලා ඇති කරනවාලු. මේ වෙනකොට සුප්රීම් කෝට් එක ක්‍රියාත්මක වෙන්නෙත් සුහුරු අධිකරණයක් විදිහට. ඉහළ හා පහළ අධිකරණ වලට පරීක්ෂණ නිලධාරීන්ගේ සහාය ලබා දෙනවාලු දැනුත් ඒක වෙනවා. අලුත් දෙයක් මේකේ කොහෙවත් නැහැ. අලුත් දෙයක් විදියට සඳහන් කරලා තියෙන්නේ රජයේ ප්‍රධාන අභිශෝධක කාර්යාලයක් ඉදිරිපත් කරන බව කියනවා මිසක වෙන කිසිම දෙයක් නැහැ.
අපි හිතුවා ඇවිල්ල මාස හයකින් විතර සියලුම හොරු පාරෙන් අල්ලලා ඇතුලට දානවා වගේ ක්‍රමවේදයක් තියෙයි කියලා. පවතින නීතිය අනුවයි මේ සියල්ල කරන්න තියෙන්නේ. අනිත් අයටත් ඒ බාධා තියෙනවා. හැබැයි අපි ඔයිට වඩා පිළිවෙලට අපේ ආණ්ඩුව තුළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරු වැඩි කරා. අභියාචනාධිකරණ විනිශ්චයකාරවරු වැඩි කරා. අනිත් අධිකරණවල විනිශ්චයකාරවරුව වැඩි කරා. අලුත් උසාවි ශාලා වැඩි කරා. නීතිය සමාලෝචනය කිරීම කලා.
මේ සියල්ල අලුත් දෙයක් නැහැ. තිබුණු දේටත් වඩා පිටිපස්සෙන් තිබෙන්නේ. ඒ නිසා ප්‍රධාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ ණය ගෙවීමේත් තිරසරභාවය පිළිබඳ විස්තරයට විකල්පයක් ඉදිරිපත් කරනවා කියන එකෙන් නොකියා කියන්නේ අයි.එම් එෆ් සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකම කඩා බිඳ දමන බවයි. ඒ මත තමයි සම්පූර්ණ වැඩසටහන රැඳිලා තිබෙන්නේ. ඒ වැඩසටහන කඩා බිඳලා දැම්මොත් විශාල ප්‍රශ්නයක් වෙනවා.