කළුතර දිස්ත්රික්කයෙන් ‘මයික්රෆෝනය’ යටතේ තරග කළ හිටපු ක්‍රිකට් නායක ටී.එම්. ඩිල්ෂාන් මහතා පරාජිතයන්ගේ ගොඩට එකතු වෙද්දී ඔහුගේ පක්ෂයට කළුතර දිස්ත්රික්කයෙන්ම ලැබී ඇත්තේ ඡන්ද 7090ක් පමණි. එය 1.04%ක පමණ සුළු ප්රතිශතයක් වීම කැපී පෙනේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 87කට හා එක්දින තරග 330කට සහභාගිවූ ඩිල්ෂාන් විස්සයි20 තරග 80කට ක්‍රීඩා කළේය.
ජාතික තලයේ ක්‍රීඩා කළ ක්රීඩකයන් කිහිපදෙනකුම පරාජයට පත්ව තිබේ. ශ්‍රී ලංකා හිටපු වොලිබෝල් ක්‍රීඩක ශාන්ත බණ්ඩාර මහතා කුරුණෑගල දිස්ත්රික්කයෙන් ගෑස් සිලින්ඩරය යටතේ තරග කොට පරාජයට පත්වූ අතර, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු උප සභාපති හා මීටර් 100 ජාතික තලයේ හිටපු ක්‍රීඩක අනිල් වීරසිංහ මහතා පුත්තලම දිස්ත්රික්කයෙන් පොහොට්ටුව යටතේ තරග කොට පරාජයට පත් විය.
මෙයට අමතරව මෑතකදී මලල ක්රීඩාවෙන් විශ්‍රාම ගත් ෂෙහාන් අඹේපිටිය ‘පදක්කම’ යටතේ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්වී සිටියද ඔහුට ද අවස්ථාවක් හිමි නොවනු ඇතැයි වාර්තා වේ.