කෙලින් වැඩ කරන, ඇත්ත කතා කරන ,ඇමති ආරක්ශකයින් නොගත් ,පාර්ලිමේන්තුවෙන් දෙන පිස්තෝලය නොගත්,  කෝටි ගනනක් වටින වාහන බලපත්‍රය එපා කියූ පාර්ලිමේන්තු මංත්‍රී නීතිඥ මධුර විතානගේ මහතාට මේ වනවිට සමාජ මාධ්‍ය කිපයක් හා වෙබ් අඩවි කීපයකින් එල්ල කරන චෝදනා පිලිබද සොයා බැලීමක් … …

නීතිඥ මධුර විතානගේ මහතා පසුගියදා ඩුබායිහි පැවැත්වෙන එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනය වෙනුවෙන් ජී.එල් පීරිස් හා ප්‍රසන්න රනතුංග ඇමතිතුමන්ලා සමග
සහභාගීවන ලදි.පසුව නැවත ලංකාවට පසුගිය 8 වනදා රාත්‍රී  එමිරේට්ස් ගුවන් යානයකින් පැමිනි අතර මෙම සිදුවීම් සිදු වී ඇත්තේ ඒ අතරතුරයි.

.එම ගුවන් යානයෙන් එලියට පැමිනි පිරිස අතර සිටි පුද්ගලයකු සම්බන්ධ කරගෙන විශාල මඩ ප්‍රහාරයක් දියත් කරන අතර එම පුද්ගලයාගේ මෙරටට පැමිනීම පිලිබද මධුර විතානගේ මංත්‍රීතුමාගේ කිසිදු සම්බන්ධයක් නොමැතිබවට  කරුනු අනාවරනය කරගෙන ඇත.එසේම මේ වනවිට ජනාධිපතිතුමා මෙම සිද්දිය පිලිබද  පූර්න පරීක්ෂණයක් කරවා ඇති අතර ඒ මගින් නිවැරදි තොරතුරු ලබාගෙන ඇත. 

මංත්‍රීට හා රාජ්‍ය ඇමතිට වැඩ වරදී යනුවෙන්  හෙඩ් ලයින් යොදා ඉතා සංවිධානාත්මකව මේවනවිට මඩ ප්‍රචාරය දියත් කර ඇත.
එම පුද්ගලයා කටුනායක ගුවන්තොටුපළට එන විට ඔහුව  හමුවීමට  අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමාත්‍යතුමා ගුවන්තොටුපළතුල රැදි සිටීම මෙම ගැටලුව මතුවීමට හේතු වී ඇත.
 
මේවන විට හිරු වෙබ් අඩවියේ හා තවත් වෙබ් අඩවි කීපයක  මුදල් ගෙවමින් මේ පිලිබද විශාල ප්‍රචාරයක්  දියත් කරමින් ඇත. මංත්‍රීතුමාගේ පින්තූරය හා නම සදහන් කරමින් හිරු වෙබ් අඩවිය අයිතිකරු ඉතාමත්ම සංවිධානාත්මකව මෙ ප්‍රචාරය මෙහෙය වන්නෙ තම  සහොදරයා වන දුමින්ද සිල්වාට ඉදිරි මහ මැතිවරනයේදී මධුර විතානගේ අභියොගයක් වන නිසා බවද ආරංචි පැතිරයමින් ඇත….එසේම   හිරු වෙබ් අඩවිය කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන  සරත් වීරසේකර මහතාට, නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතාටද මේ ආකාරයට විටින් විට මඩ ප්‍රහාර දීමට පෙලඹී ඇත්තේ දුමින්දගේ අයියා ඔහුගේ මල්ලී වන දුමින්ද සිල්වාගේ කොළඹ 🤣 දේශපාලනය වෙනුවෙන් බව ඉතාමත්ම පැහැදිලි වේ.
මෙය පැහැදිලිවම දුමින්දගේ අනාගත දේශපාලනය වෙනුවෙන් හිරු විසින්  මධුරට මඩ ගැසීමක්.. 
එසේම තවත් වෙබ් අඩවි කීපයක්ද නේ ආකරයට අසත්‍ය කරුනු ප්‍රචාරය කරනු අප නිරීක්ෂණය කලෙමු.

මධුර විතානගේ මංත්‍රීතුමා කෝටි ගනනක් වටින වාහන බලපත්‍රය නොගැනීම ,ඇමති ආරක්ශවරු ලබා නොගැනීම ,නිල පිස්තෝලය ලබා නොගැනීම පිලිබද ආන්ඩු පක්ශයේම බොහො මැති ඇමතිවරු අතර විවේචනයට ලක් වී ඇත. මධුර මංත්‍රී  මෙසේ වාහන බලපත්‍රය ප්‍රතික්ශේප කල නිසා අනෙක් මංත්‍රීවරුන්ට ද මේවනතෙක් වාහන බලපත්‍ර අහිමි වූ බවට ආන්ඩු පක්ශයේ මෙන්ම විපක්ශයේ  මංත්‍රීවරු කීපදෙනෙක්ම මංත්‍රීවරයාට  තම නොසතුට පලකර ඇත.                       මෙම කරුනු විකෘති කරන ලද ඊනියා මාධ්‍යවේදීන්ට හා වෙබ් අඩවි වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව දැනගන්නට ලැබී ඇත

By Saman

Leave a Reply

Your email address will not be published.