විල්සන් කරුණාරත්න අභාවප්රාප්තවේ. සිංහල සිනමාවේ දැවැන්ත සටන් නළුවකු ලෙස ජනප්රියත්වයක් හිමිකර ගත් විල්සන් කරු හෙවත් විල්සන් කරුණාරත්න මහතා මියයන විට 79 වියේ පසුවිය. ඒ මහතා කලක් රෝගාතුරුව ප්රතිකාර ලබමින් සිටි අතර අද දින කඵබෝවිල මහ රෝහලේ දී අභාවප්රාප්ත වූ බව සංවේගයෙන් දන්වා සිටිමු. මේ වන විට ඔහුගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ මහජන ගෞරවය සදහා තැන්පත් කර ඇති අතර හෙට එනම් 04 වන බදාදා අවසන් කටයුතු කිරුළපන දී සිදු කිරීමට නියමිතය.