ප්‍රවීණ රංගන ශිල්පිනී ලියෝනි කොතලාවල මහත්මිය 19 උදෑසන සිය නිවසේදී අභාවප්‍රාප්ත වූවාය.
 කලක් රෝගාතුරව සිටි ඇය මිය යන විට 78 වන වියේ පසු වූවා ය.
මෑත කාලයේ ‘සංගීතේ‘ ටෙලි නාට්‍යයේ කළ රංගනය නිසා ඇය ජනප්‍රිය විය.
1962 වර්ෂයේදී ශ්‍රී ලංකා කලා මණ්ඩලය මගින් සංවිධාන කළ නාට්‍ය තරගයකට G.D.L. පෙරේරා නිර්මාණය කළ ‘සාමා’ වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාමින් ඇය රංගනයට පිවිසියාය.

වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය මෙන් ම චිත්‍රපට යන ත්‍රිවිධ ක්ෂෙත්‍රයන්හි ප්‍රකට වූ ලියෝනි විවාහ වී සිටියේ ඡායාරූප ශිල්පී තිස්ස කොතලාවල සමගිනි. සැමියා 2000 වසරේදී දිවියෙන් සමුගෙන තිබෙන අතර ඇයට පුතුන් පස් දෙනෙකුද මුණුබුරු මිනිපිරියන් රැසක්ද සිටී.
ජූනි 22 වන බදාදා බොරැල්ල සුසාන භූමියේදී ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.

By Saman

Leave a Reply

Your email address will not be published.