Year: 2026

  • 6 වන තරඟාවලියේදී Colombo Kaps කණ්ඩායමේ හිමිකාරීත්වය Witness Sports Alliance LLC සමාගමට

    6 වන තරඟාවලියේදී Colombo Kaps කණ්ඩායමේ හිමිකාරීත්වය Witness Sports Alliance LLC සමාගමට

    එළඹෙන LPL තරඟාවලියේදී Colombo Kaps කණ්ඩායමේ හිමිකාරිත්වය Saranyan Palaniswamy සහ K.C. Shyam Kangayan විසින් මෙහෙයවනු ලබන Witness Sports Alliance LLC සමාගම වෙත පැවරෙන බව නිල වශයෙන් නිවේදනය කරන ලදී.

    ශ්‍රී ලංකාවේ ප්‍රධානතම T20 ක්‍රිකට් තරඟාවලිය වන LPL වෙනුවෙන්  Colombo Kaps කණ්ඩායම සූදානම් වන අවස්ථාවක, මෙම නව හිමිකාරිත්වය එහි ඉදිරි ගමනට තැබූ වැදගත් පියවරක් ලෙස සඳහන් කළ හැකිය. Witness Sports Alliance LLC සමාගම යටතේ, කොළඹ නගරයේ ක්‍රිකට් උද්‍යෝගය සහ ක්‍රීඩාශීලීත්වය මනාව දැකගත හැකි අයුරින් ප්‍රබල, වාණිජමය වශයෙන් ශක්තිමත් සහ ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කරගන්නා කණ්ඩායමක් නිර්මාණය කිරීමට ඔවුන් අවධානය යොමු කරනු ඇත.

    ශක්තිමත් කණ්ඩායමක් නිර්මාණය කිරීමේ මූලික පියවරක් ලෙස , Colombo Kaps කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ දක්ෂ පිතිකරුවකු මෙන්ම කඩුලු රකින්නකු වන කුසල් මෙන්ඩිස් සහ තුන්ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් පෙර-ගිවිසුම් හරහා කණ්ඩායමට එක කර ගෙන ඇත. මේ හරහා එළඹෙන තරඟාවලිය සඳහා ප්‍රබල දේශීය නියෝජනයක් කණ්ඩායමට ලැබී ඇති අතරම ජාත්‍යන්තර අත්දැකීම්, තරඟ ජයග්‍රහණය කරවීමේ හැකියාව සහ ශ්‍රී ලාංකීය ක්‍රීකට් ප්‍රේක්ෂකයින් අතර ඇති ජනප්‍රියත්වය අතින් මෙම ක්‍රීඩයින් දෙදෙනාම පෙරමුණ ගෙන සිටියි.

    නව හිමිකාරිත්වය සාදරයෙන් පිළිගනිමින් LPL තරඟාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා“ LPL හි 6 වන අදියර සඳහා Colombo Kaps  කණ්ඩායමේ නව හිමිකරුවන් ලෙස Witness Sports Alliance LLC සමාගම එක් කර ගැනීමට ලැබීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉතා සතුටට පත්වනවා. කොළඹ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ වැදගත් මධ්‍යස්ථානයක්. මේ තරඟාවලියේ අඛණ්ඩ වර්ධනය වෙනුවෙන් මෙවැනි කැපවීමක් ඇති හිමිකරුවන් ඉදිරිපත් වීම සතුටට කරුණක් වනවා. ” යනුවෙන් පැවසීය.

    IPG Global සමාගමේ නිර්මාතෘ සහ සභාපති අනිල් මෝහන් මහතා මෙහිදී සඳහන් කර සිටියේ “Colombo Kaps කණ්ඩායමේ පැමිණීම ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට තවත් ශක්තියක් සහ උද්යෝගයක් එක් කරනවා. කැපවීමක් ඇති හිමිකාරිත්වයක් සහ දක්ෂ දේශීය ක්‍රීඩකයින් දැනටමත් කණ්ඩායම සතු බැවින්, ප්‍රබල කණ්ඩායමක් ගොඩනැගීමට ඔවුන්ට හොඳ අවස්ථාවක් තිබෙනවා. එමෙන්ම උසස් තත්ත්වයේ ක්‍රිකට් ක්‍රීඩාවක්, ප්‍රේක්ෂක ආකර්ෂණයක් සහ වාණිජමය අවස්ථා රැසක් සහිත සාර්ථක තරඟ වාරයක් වෙනුවෙන් දායක වීමටද ඔවුන්ට හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

    ප්‍රේක්ෂකයින් සමඟ සමීපව කටයුතු කරන, ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවට ශක්තියක් එක් කරන සහ LPL තරඟාවලිය තුළ දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කළ හැකි විනයගරුක මෙන්ම නවීන කණ්ඩායමක් ගොඩනැගීම තම ප්‍රධාන අරමුණ බව Witness Sports Alliance LLC මෙහිදී පවසා සිටින ලදී. 

  • Bairaha Farms PLC Raises the Bar on Climate Transparency

    Bairaha Farms PLC Raises the Bar on Climate Transparency

    Achieves ISO 14064 GHG Verification – Reasonable Level of Assurance

    Bairaha Farms PLC has achieved a landmark milestone in corporate sustainability, becoming one of Sri Lanka’s leading poultry-businesses to receive Greenhouse Gas (GHG) Verification at the organizational level with a “reasonable level of assurance”. The ISO 14064 framework provides two levels of verification assurance with reasonable assurance representing the higher and more rigorous standard. By achieving the higher standard, Bairaha Farms PLC has demonstrated the accuracy, transparency and integrity of its carbon footprint reporting, positioning the Company at the forefront of climate accountability in Sri Lanka’s poultry production sector.

    This confirms that the firm’s GHG statement has been prepared in full compliance with ISO 14064-1:2018; which is the internationally recognized standard for quantifying and reporting greenhouse gas emissions and removals at the organizational level and independently verified in accordance with ISO 14064-3:2019.

    While the certification was issued by the Sri Lanka Climate Fund (Pvt) Ltd, under the purview of the Ministry of Environment, making it the only poultry company to achieve this status under the purview of the Ministry of Environment. The official certificate was presented in early 2026 at the Secretary’s Office of the Ministry of Environment. It was formally handed over by the Secretary to the Ministry of Environment and Chairman of the Sri Lanka Climate Fund K R Uduwawala in the presence of senior representatives from both institutions. Those in attendance included Acting Chief Executive Officer of the Sri Lanka Climate Fund Harshani Abeyrathna, Assistant Manager – Project and Quality Management Yashodha Lekamge and Project Executive Madhubhashini Gunathilaka.

    Managing Director of Bairaha Farms PLC Yakooth Naleem commented: “This verification from the Sri Lanka Climate Fund is a defining moment for Bairaha Farms. Attaining this level of international independent climate verification has significant positive implications for our stakeholders, which include local communities and global partners. Responsible business leadership demands transparency, and accountability on measuring and mitigating our environmental footprint. As we mark 50 years of nourishing this nation, this certification reaffirms our commitment to ensuring that our next chapter is built on a foundation of genuine sustainability.”

    This certification comes at a time when global markets increasingly demand traceable, low-carbon supply chains. This achievement positions Bairaha Farms PLC as a credible partner for international buyers and regulatory stakeholders alike. It signals the Company’s readiness to align with evolving environmental, social, and governance (ESG) expectations, contributing meaningfully to Sri Lanka’s Nationally Determined Contributions (NDCs) under the Paris Agreement.

    While this increases emissions visibility across the value chain and seek to improve our standards. This is not the end goal, but an important step towards building a more transparent, resilient and climate conscious value chain that enables responsible growth.

  • 19.05.2026 Weather Forecasts – කාලගුණ අනාවැකිය – வானிலை முன்னறிவிப்பு

    19.05.2026 Weather Forecasts – කාලගුණ අනාවැකිය – வானிலை முன்னறிவிப்பு

    ( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )   

    2026 මැයි මස 19 දින සඳහා කාලගුණ අනාවැකිය
    2026 මැයි මස 19 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.

    නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    උතුරු පළාතේත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

    ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    WEATHER FORECAST FOR 19 MAY 2026
    Issued at 05.30 a.m. on 19 May 2026.

    South-West monsoon is gradually getting established over the island.

    Showers or thundershowers will occur at times in Western, Sabaragamuwa, Central and North-western provinces and in Galle and Matara districts.

    Several spells of showers will occur in Northern province and in Anuradhapura and Hambanthota districts.

    Showers or thundershowers may occur at a few places in Uva and Eastern provinces and in Polonnaruwa district after 2.00 pm.

    Fairly strong winds about (30-40) kmph can be expected at times over Western slopes of the central hills, Northern, North-central and North-western provinces and in Hambantota district.

    The general public is kindly requested to take adequate precautions to minimize damage caused by temporary localized strong winds and lightning during thundershowers.

    2026 மே 19ஆம் திகதிக்கான வானிலை முன்னறிவிப்பு
    2026 மே 19ஆம் திகதி அதிகாலை 05.30 மணிக்கு வெளியிடப்பட்டது.

    நாட்டில் தென்மேற்குப் பருவப் பெயர்ச்சி மழை நிலைமை படிப்படியாகத் தாபிக்கப்பட்டு வருகின்றது.

    மேல், சப்ரகமுவ, மத்திய மற்றும் வடமேல் மாகாணங்களிலும் காலி மற்றும் மாத்தறை மாவட்டங்களிலும் அவ்வப்போது மழையோ அல்லது இடியுடன் கூடிய மழையோ பெய்யக் கூடிய சாத்தியம் காணப்படுகின்றது.

    வடக்கு மாகாணத்திலும் அனுராதபுரம் மற்றும் ஹம்பாந்தோட்டை மாவட்டங்களிலும் பல தடவைகள் மழை பெய்யும் என எதிர்பார்க்கப் படுகின்றது.

    ஊவா மற்றும் கிழக்கு மாகாணங்களிலும் பொலன்னறுவை மாவட்டத்திலும் சில இடங்களில் பி.ப. 2.00 மணிக்குப் பின்னர் மழையோ அல்லது இடியுடன் கூடிய மழையோ பெய்யக் கூடிய சாத்தியம் காணப்படுகின்றது.

    மத்திய மலைநாட்டின் மேற்கு சரிவுப் பகுதிகளிலும் வடக்கு, வடமத்திய மற்றும் வடமேல் மாகாணங்களிலும் ஹம்பாந்தோட்டை மாவட்டத்திலும் அவ்வப்போது மணித்தியாலத்துக்கு 30-40 கிலோ மீற்றர் வரையான வேகத்தில் ஓரளவு பலத்த காற்று வீசக் கூடும் என எதிர்பார்க்கப் படுகின்றது.

    இடியுடன் கூடிய மழை பெய்யும் வேளைகளில் அப் பிரதேசங்களில் தற்காலிகமாக வீசக் கூடிய பலத்த காற்று மற்றும் மின்னல் தாக்கங்களினால் ஏற்படக்கூடிய பாதிப்புகளை குறைத்துக்கொள்ள தேவையான முன்னெச்சரிக்கை நடவடிக்கைகளை எடுத்துக் கொள்ளுமாறு பொதுமக்கள் அறிவுறுத்தப் படுகின்றார்கள்.

  • දුම්කොළ භාවිතය හා දුම්පානය නැවැත්වීමේ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයාමට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල සහ ගෝලීය සෞඛ්‍ය සංවිධාන එක්වෙති.

    දුම්කොළ භාවිතය හා දුම්පානය නැවැත්වීමේ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයාමට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල සහ ගෝලීය සෞඛ්‍ය සංවිධාන එක්වෙති.

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල, සෞඛ්‍ය සේවා වෘත්තිකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ගෝලීය සෞඛ්‍ය සංවිධාන  එක්ව “ශ්‍රී ලංකාවේ දුම්කොළ භාවිතය හා  දුම්පානය නැවැත්වීම වැඩි දියුණු කිරීමේ උපාය මාර්ග” පිළිබඳ සාකච්ඡාවක් සහ මාධ්‍ය හමුවක් 2026 මැයි 14 වන දින කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ ඩියුක්ස් කෝට් 2 හි පැවැත්වීමට සූදානම් කර ඇත.

    ආසියානු  ජනගහනයේ අවදානම් සහිත කොට්ඨාසයන්හි  ශ්වසන රෝග ඇති විමේ ප්‍රවණතාව අඩු කිරීම සහ ඔවුන්ගේ සෞඛ්‍ය මට්ටම  වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් ඒ සදහා ජාත්‍යන්තර මැදිහත්වීමක් ලෙස ගෝලීය සෞඛ්‍ය පිළිබද Respire ව්‍යාපෘතිය යටතේ මෙය සංවිධානය කර ඇත.මෙමගින් ශ්‍රී ලංකාවේ දුම්කොළ භාවිතය හා දුම්පානය නැවැත්වීමේ ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම අරමුණු කරගෙන ඇති අතර ඒ සදහා අවශ්‍ය උපාය මාර්ග සහ සහයෝගී ප්‍රවේශයන් ද ඉස්මතු කර ඇත.

    මෙය ඉදිරිපත් කරනු ලබන්නේ Respire  ව්‍යාපෘතියේ ශ්‍රී ලංකාවේ  නියෝජිත ආයතන වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකාවේ රජරට විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකාවේ වයඹ විශ්ව විද්‍යාලය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය විසිනි .

    මෙම සාකච්ඡාව සඳහා ගරු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO)  නියෝජිතයින් සහ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ (NATA) නියෝජිතයින්, වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල විද්වතුන්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) සාමාජිකයින් සහ ADIC, සර්වෝදය සහ CCT ඇතුළු රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් ඇතුළු කීර්තිමත් සහභාගීත්ව මණ්ඩලයක් එක්වනු ඇත.

    RESPIRE යනු එඩින්බරෝ විශ්ව විද්‍යාලය සහ මලයා විශ්ව විද්‍යාලය සමනායකත්වය දරන ව්‍යාපෘතියක් වන අතර බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය යන රටවල් ද එහි සාමාජිකත්වය දරයි. ආසියානු ජනගහනයේ ශ්වසන රෝග සහ ඒ ආශ්‍රිත  මරණ අවම කිරීම සඳහා ප්‍රතිපත්ති නිර්මාණය  සහ සායනික මැදිහත්වීම් සිදු කිරීම  කෙරෙහි මෙමගින් අවධානය යොමු කරයි.

    එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය හා සත්කාර පර්යේෂණ ආයතනය (NIHR) විසින් RESPIRE ව්‍යාපෘතියට අරමුදල් සපයනු ලබයි.

    මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක්ද ලෙස ශ්‍රී ජයවර්ධපුර විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය   උපාධිය හදාරන ලද  කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රසන්න හේරත් විසින් පරීක්ෂණාත්ම හෝ තහවුරු කරන ලද  ඒක පුද්ගල දුම් පානය නිවාරණය සම්බන්ධ විද්‍යාත්මක ක්‍රමවේදය හඳුන්වා දීම සිදු කරන ලද අතර 15 වනදා ඒ සම්බන්ධයෙන් සෞඛ්‍යය වෘත්තකයන් සහ විශ්ව විද්‍යාලයේ  කතිකාචාර්යවරුන්   සියයක් පුහුණු කිරීමටද නියමිතය. පර්යේෂණය මහාචාර්ය සාවිත්‍රී විමලසේකර, මහාචාර්ය තමරා අමරසේකර,  ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මනෝජ් ප්‍රනාන්දු සහ ස්. ටුරාලේ ගේ අධීක්ෂණය යටතේ සිදු කර ඇත.

    මෙමගින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සම්පන්න, දුම්පානයෙන්  තොර අනාගතයක් ගොඩනැගීම සදහා  සහයෝගී ක්‍රියාමාර්ග දිරිමත් කිරීම මෙන්ම ඒ සදහා ප්‍රතිපත්ති සම්පාදකයින්, සෞඛ්‍ය සේවා වෘත්තිකයන්, පර්යේෂකයින් සහ සිවිල් සමාජ සංවිධාන අතර සංවාදය ශක්තිමත් කිරීම අරමුණු කරගෙන ඇත.

    වමේ සිට දකුණට

    ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු — ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨාධිපති

    මහාචාර්ය දුමින්ද යසරත්න — RESPIRE ව්‍යාපෘතියේ සම-ප්‍රධානි

    මහාචාර්ය දුෂාන්ත මාදෙගෙදර — RESPIRE ව්‍යාපෘතියේ සම-ප්‍රධානි

    ආචාර්ය හංසක විජේමුණි — ගරු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

    ආචාර්ය රාජේෂ් සම්භාජිරාවෝ පණ්ඩව් — ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නේවාසික නියෝජිත

    මහාචාර්ය සාවිත්‍රි විමලසේකර — RESPIRE ව්‍යාපෘතියේ සම-ප්‍රධානි

    ආචාර්ය ප්‍රසන්න හේරත් — කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

  • One Love Reggae Festival 2026 set for 7-9 August

    One Love Reggae Festival 2026 set for 7-9 August

    South Asia’s first ever “One Love Reggae Festival” will be held from 7 to 9 August 2026 in Bentota Beach, its organisers announced yesterday.

    The festival will feature 9 legendary international reggae headlining artists making it one of the largest reggae gatherings ever staged in the region. Starting daily from 5.00 p.m. onwards, fans can expect three days of vibrant music, cultural expression, and unity.

    Set against the stunning coastal backdrop of Bentota, the ONE LOVE Reggae Festival 2026 promises to be a landmark international music and cultural experience for Sri Lanka and the South Asian region, the organisers said.

    The festival proudly pays tribute to the timeless legacy of reggae icons including Bob Marley and The Wailers, as well as pioneers such as Peter Tosh, Bunny Wailer, and Gregory Isaacs—honouring their enduring influence on global music, peace, love and unity.

    Organised as a celebration of love, diversity, and togetherness, the ONE LOVE Reggae Festival aims to position Sri Lanka as a vibrant destination for international entertainment and leisure.

    Flat rate tickets and curated hotel packages will be available from 1st week of May 2026 with early bird offers on www.onelove.lk ticketing platform

  • Nature meets flavour and creativity at the newly opened The BLAC café at Colombo 03

    Nature meets flavour and creativity at the newly opened The BLAC café at Colombo 03

    The BLAC -home of the nature-inspired café concept- is now in Colombo 3, and celebrating the opening of its 2nd outlet in Colombo.

    Located at the heart of one of Colombo’s most prestigious and liveliest addresses, The BLAC’s proprietors conceived the new space as a response to the needs of Colombo’s growing creative community, while also acknowledging the powerful effect of centering nature for stimulating relaxation and unlocking creative potential.

    Be it a lazy Sunday brunch outdoors under the shade of lush-green flora, a team meeting in a fully equipped board room, a refined space to film a lifestyle program or a glamorous background for a fashion shoot, a special date night in an elegant indoor setting, or even an intimate family celebration in a private lounge; The BLAC has managed to curate a space that caters to absolutely everyone. 

    The new cafe also allows The BLAC to extend the quality dining experience it has come to be known for, with a menu that now spans coffee, breakfast, lunch, and dinner, seven days a week. Signature dishes include the Jaffna Curry Kottu and Chu Chee Prawns, while must-tries from the beverage offering are the Caramel Macchiato and Chocolate Shake.

    We’re excited to be able to make our signature brand of speciality coffee and appetising fare more accessible to a wider clientele with the opening of our Colombo 03 outlet,” commented Kaushal Mendis, founder of The BLAC, on the new opening. “Here, we aim to continue to elevate the dining experience, but also serve up a flexible multi-purpose lifestyle space which customers can feel free to use in whichever way they feel suits their needs at the time.”

    With careful thought put into every nook and corner, the new outlet features a sleek-minimalistic yet inviting indoor dining area, as well as verdant outdoor seating spaces: the open-air Garden café offers patrons a tranquil and lush natural sanctuary far removed from the bustle of the city, and The Glasshouse, a visually distinctive space with overhead glass, powered by natural light during the day and a starlit ambience by night.

    The space also offers a fully-equipped Boardroom, designed for business meetings, workshops, and presentations, a Lounge to serve as a private space for intimate celebrations and dining experiences, as well as a Content Space that serves as a shoot-ready environment perfect for photography, videography, and brand content production.

    With its newest outlet on Bagatelle Rd., The BLAC aims to steer away from traditional café culture, and indiscriminately provide a refined yet accessible and adaptable environment that offers comfort, connection, and creative flexibility – all within one stunning, nature-centred space.

  • Former Indian U19 World Cup star-led Sports Commune buys Jaffna Kings

    Former Indian U19 World Cup star-led Sports Commune buys Jaffna Kings

    Jaffna Kings announced that the franchise will come under the ownership of Sports Commune, led by Indian sports entrepreneurs Manjot Kalra and Mayank Goel, ahead of Lanka Premier League Season 6.

    A former India U19 World Cup cricketer, Kalra brings first-hand cricketing experience together with sports entrepreneurship, digital media and youth engagement. As Co-Founder of Sports Commune, he has focused on creating structured opportunities for young athletes and building stronger connections between players, fans and sporting communities.

    Goel, also Co-Founder of Sports Commune, is an entrepreneur with interests across digital security, insurance and sports development. He is the Founder of Softsecure Infotech Pvt. Ltd. and Shree Dhyan Insurance Brokers Private Limited, and has supported youth cricket through tournaments for teenage players and corporate cricket initiatives.

    The Jaffna Kings have also pre-signed Sri Lanka batter Bhanuka Rajapaksa and all-rounder Dunith Wellalage, giving the franchise a strong local foundation as it prepares for the upcoming season.

    Welcoming the new ownership, Lanka Premier League Director Samantha Dodanwela said, “Sri Lanka Cricket welcomes Sports Commune as the new ownership group of Jaffna Kings for Lanka Premier League Season 6. Their commitment to cricket, youth engagement and sports development adds further strength to the league.”

    IPG Global Founder and Chairman Anil Mohan said, “Sports Commune brings cricketing knowledge, business experience and digital engagement to Jaffna Kings. We look forward to supporting the franchise as part of a season focused on strong competition, fan engagement and commercial opportunity.”

    The new owners stated that their focus will be on building a disciplined, modern and connected franchise that reflects the spirit of Jaffna Kings while investing in long-term sporting value.

  • Jaffna Kingsකණ්ඩායමේ අයිතිය Sports Commune සමාගමට හිමි වෙයි

    Jaffna Kingsකණ්ඩායමේ අයිතිය Sports Commune සමාගමට හිමි වෙයි

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත 6 වන LPL  තරඟාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත Jaffna Kings කණ්ඩායමේ හිමිකාරීත්වය Sports Commune සමාගමට පැවරුණු බව පසුගියදා නිවේදනය කරන ලදී. සමාගම මෙහෙයවනු ලබන්නේ ඉන්දීය ක්‍රීඩා ව්‍යවසායකයින් වන Manjot Kalra  සහ Mayank Goel විසිනි.  

    LPL තරඟාවලිය වෙනුවෙන් මේ වන විටත් ශ්‍රී ලංකා පිතිකරුවකු වන භානුක රාජපක්ෂ සහ තුන් ඉරියව් ක්‍රීඩක දුනිල් වෙල්ලාලගේ සමඟ ගිවිසුම්ගත වීමට Sports Communeසමාගම කටයුතු කර ඇත.

    දිල්ලියේ වෙසෙන හිටපු වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම ඩිජිටල් නිර්මාණකරුවකු සහ podcast නිවේදකයකු වන Manjot Kalra , Sports Commune  සමාගමේ සම නිර්මාතෘ ලෙස කටයුතු කරයි. සිය Second Innings with Manjot Kalra වැඩසටහන හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධ කරගනිමින් ක්‍රීඩා තොරතුරු සහ අත්දැකීම් ප්‍රේක්ෂකයින් සමඟ බෙදා හදා ගැනීමට ඔහු සමත්ව සිටියි. සමාගමේ අනෙක් සම නිර්මාතෘ ලෙස කටයතු කරන්නේ Mayank Goel ය. ඔහු ඩිජිටල් ආරක්ෂණ, රක්ෂණ සහ ක්‍රීඩා සංවර්ධනය ක්ෂේත්‍රයන්හි ව්‍යාපාර රැසක් මෙහෙයවන ව්‍යවසායකයෙකි.

    Jaffna Kings හි නව හිමිකාරීත්වයට සුබ පැතුම් එක් කළ ඛඡඛ තරඟාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වල මහතා “6 වන LPL තරඟාවලිය සඳහා Jaffna Kings කණ්ඩායමේ නව හිමිකරුවන් බවට පත් වූ Sports Commune සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් සාදරයෙන් පිළිගන්නවා. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් එම සමාගම සතු කැපවීම, තරුණ දායකත්වය මෙන්ම ක්‍රීඩා සංවර්ධනය මෙම තරඟාවලිය තව දුරටත් ශක්තිමත් කිරීමට හේතු වනවා” යනුවෙන් පැවසීය.

    IPG Global  සමාගමේ නිර්මාතෘ සහ සභාපති Anil Mohan මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ Sports Commune සතු ක්‍රිකට් දැනුම, ව්‍යාපාරික අත්දැකීම් හා ඩිජිටල් තාක්ෂණික දායකත්වය ‍Jaffna Kings කණ්ඩායමට සුවිසල් ශක්තියක් වනු ඇති බවයි. එසේම ඉහළ තරඟකාරීත්වයක්, රසික ආකර්ෂණයක් හා වාණිජමය අවස්ථා රැසක් අරමුණු කරගත් මෙවර තරඟාවලියේදී Jaffna Kings කණ්ඩායමට පූර්ණ සහයෝගය ලබා දීමට තම සමාගම බලාපොරොත්තු වන බවද ඔහු පවසා සිටින ලදී.

  • 18.05.2026 Weather Forecasts – කාලගුණ අනාවැකිය – வானிலை முன்னறிவிப்பு

    18.05.2026 Weather Forecasts – කාලගුණ අනාවැකිය – வானிலை முன்னறிவிப்பு

    ( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )  

    2026 මැයි මස 18 දින සඳහා කාලගුණ අනාවැකිය
    2026 මැයි මස 18 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

    ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    WEATHER FORECAST FOR 18 MAY 2026
    Issued at 05.30 a.m. on 18 May 2026.

    Showers or thundershowers will occur at times in Western, Sabaragamuwa, Central, North-western and Northern provinces and in Galle and Matara districts.

    Fairly heavy falls above 50 mm are likely at some places in Western and Sabaragamuwa provinces and in Galle, Matara, Kandy and Nuwara-Eliya districts.

    Several spells of showers will occur in Anuradhapura district.

    Showers or thundershowers may occur at a few places in Uva and Eastern provinces and in Polonnaruwa district after 1.00 pm.

    Fairly strong winds about (30-40) kmph can be expected at times over Western slopes of the central hills, Northern, North-central and North-western provinces and in Hambantota district.

    The general public is kindly requested to take adequate precautions to minimize damage caused by temporary localized strong winds and lightning during thundershowers.

  • Mahindra Ideal Finance, 2025-26 මූල්‍ය වර්ෂයේ බදු පෙර ලාභය පසුගිය වසරටසාපේක්ෂව 193% කින් රු. මිලියන 818 ක් දක්වා වර්ධනය කරගනී

    Mahindra Ideal Finance, 2025-26 මූල්‍ය වර්ෂයේ බදු පෙර ලාභය පසුගිය වසරටසාපේක්ෂව 193% කින් රු. මිලියන 818 ක් දක්වා වර්ධනය කරගනී

    Mahindra Ideal Finance Limited (MIFL), 2026 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය වසර සඳහා සිය ඉතිහාසයේ සාර්ථකම හා ඉහළම මූල්‍ය ප්‍රතිඵල වාර්තා කිරීමට සමත්ව ඇත. එහිදී සමාගමේ ලාභදායිත්වය, ණය ලබා දීමේ ප්‍රමාණය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව යන අංශවල කැපී පෙනෙන වර්ධනයක් සනිටුහන් කිරීමට සමාගම සමත්ව තිබේ.

    අදාල කාල පරිච්ඡේදයේදී MIFL රු. මිලියන 818 ක බදු පෙර ලාභයක් වාර්තා කර ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 193%ක කැපී පෙනෙන වර්ධනයකි. මේ අතර සමාගමේ බදු පසු ලාභය පසුගිය වසරට සාපේක්ෂව 228% කින් රු. මිලියන 478ක් දක්වා වර්ධනය වී ඇත. 2025-26 මූල්‍ය වර්ෂය තුළ සමාගම ලබාදුන් සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 57.6ක් දක්වා වර්ධනය වී ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 98%ක කැපී පෙනෙන ඉහළ යාමකි. MIFL සතු විවිධ මූල්‍ය සේවා යටතේ ණය පහසුකම් ලබාදීම අඛණ්ඩව පුළුල් කිරීම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු විය.

    2025-26 මූල්‍ය වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් Mahindra Ideal Finance හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුෆාඩල් චූනියා මහතා පැවසුවේ “පසුගිය වසරේදී මෙරට ආර්ථික තත්ත්වයන් යහපත් වීමත්, වාහන ලීසිං ක්ෂේත්‍රයේ ඇති වූ පිබිදීමත් හේතුවෙන් අපගේ මූල්‍ය පහසුකම් සඳහා ඉහළ ඉල්ලුමක් නිර්මාණය වුණා. ඒ සමඟම, ණයවල ගුණාත්මකභාවය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට, පිරිවැය කළමනාකරණය සහ පාරිභෝගික සබඳතා ශක්තිමත් කිරීමට අප විශේෂ අවධානයක් යොමු කළ අතර අපගේ ණය ලබා දීම් මෙන්ම ලාභදායිත්වය ඉහළ යාමට මෙය සෘජුවම බලපානු ලැබුවා. සමාගම තවදුරටත් ව්‍යාප්ත වන අතරේදී අපගේ ප්‍රමුඛතාවය වන්නේ මෙම සාර්ථකත්වය ඉදිරියටත් පවත්වා ගනිමින් පාරිභෝගිකයින්ට විශ්වාසනීය සහ පහසු මූල්‍ය විසඳුම් ලබා දීමයි.” යනුවෙනි.

    මෙම වසර තුළ සමාගමේ මෙහෙයුම් කාර්යක්ෂමතාව කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළේය- ආදායමට සාපේක්ෂ පිරිවැය අනුපාතය (cost-to-income)  68.9% සිට 50.5% දක්වා සැලකිය යුතු ලෙස අඩු වී ඇති අතර මෙහෙයුම් පිරිවැය අනුපාතය (Opex ratio) ද 8.0% සිට 5.6% දක්වා පහළ ගොස් ඇත. සමාගමේ ලාභදායිත්වයද තවදුරටත් ශක්තිමත් වී ඇති අතර, පසුගිය වසරේ 1.88% හා සැසඳීමේදී වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය (ROA) 3.40% ක් සහ කොටස් හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය (ROE) පසුගිය වසරේ 4.85% හා සැසඳීමේදී 14.40% ක් ලෙස වාර්තා වී ඇත. මෙමගින් සමාගමේ ඉපැයීම්වල ගුණාත්මකභාවය සහ ප්‍රාග්ධනය ඵලදායී ලෙස භාවිත කර ඇති බව මැනවින් පැහැදිලි වෙයි.

    MIFL හි ශක්තිමත් ණය ලබා දීමේ ක්‍රියාවලිය හේතුවෙන් සමාගමේ සමස්ත ණය කළඹ රු. බිලියන 26.95ක් දක්වා වර්ධනය වූ අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 82%ක කැපී පෙනෙන ඉහළ යාමකි. මේ අතර සමාගමේ සමස්ත වත්කම් ප්‍රමාණය ද පසුගිය වසරට සාපේක්ෂව 81%කින් ඉහළ ගොස් රු. බිලියන 30.98ක් දක්වා වර්ධනය වී ඇත. මීට අමතරව, විචක්ෂණශීලි ණය ඇගයීම් ක්‍රමවේද සහ ශක්තිමත් ණය අයකර ගැනීමේ ක්‍රියාවලිය හේතුවෙන් සමාගමේ වත්කම්වල ගුණාත්මකභාවය තවදුරටත් වර්ධනය වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස Gross Stage 3 (අක්‍රිය ණය) අනුපාතය 1.86% සිට 1.73% දක්වා අඩු කර ගැනීමට සමාගම සමත්ව ඇත.

    විවිධ සන්නාමයන් යටතේ මූල්‍ය පහසුකම් සැපයීම පුළුල් කිරීමත්, ඩිජිටල් ණය පහසුකම් සහ පාරිභෝගික සේවා පහසුකම් වෙනුවෙන් සිදුකරන අඛණ්ඩ ආයෝජනයන් නිසා වඩාත් පුළුල් පාරිභෝගික පිරිසකට සේවය සැලසීමට තමන්ට හැකි වී ඇති බව MIFL සඳහන් කළේය. මෙලෙස තම ව්‍යාපාරික කටයුතු සාර්ථක කරගන්නා අතරතුර, ඉතා වගකීම් සහගතව සහ දැඩි විනයකින් යුතුව ගුණාත්මක ණය පහසුකම් සැපයීමට ද සමාගම නිරන්තරයෙන් කැපවී සිටියි.