ශ්‍රී ලංකාවේ තිරසාර කෘෂි ව්‍යාපාර ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන හේලීස් වැවිලි සමාගම, විශිෂ්ටත්වය හා
ප්රවීනත්වය අගයමින් දෙවන වරටත් සංවිධානය කරන ලද 2023 වසරේ විශිෂ්ඨතම තේ දළු නෙළන්නිය තේරීමේ
තරගාවලිය සාර්ථකව අවසන් කළේය.
හේලීස් වැවිලි සමාගමේ සේවක ප්‍රජාවෙහි කැපවීම සහ වෙහෙස මහන්සියට වටිනාකමක් එකතු කිරීමට හේලීස්
වැවිලි සමාගමට අයත් කැළණි වැලි වැවිලි සමාගම, තලවකැලේ වැවිලි සමාගම හා හොරණ වැවිලි සමාගම යන
සමාගම්වල වතු නියෝජනය කරමින් දළු නෙලන්නියන් අතර මෙම තරඟය පැවැත්විය. මෙම වසරේ තරඟාවලිය,
COVID-19 වසංගතයේ ආරම්භයත් සමඟ වසර දෙකක විරාමයකින් පසුව සහ සේවකයින්ගේ දැඩි ඉල්ලීම
සැලකිලකිල්ලට ගනිමින් නැවත ක්‍රියාත්මක වීම විශේෂයෙන් කැපී පෙනේ.
තලවකැලේ වැවිලි සමාගමට අයත් සමර්සෙට් වතුයායේ ආර්. සීතායම්මා මහත්මිය 2023 වසරේ විශිෂ්ටතම තේ දළු
නෙළන්නිය ලෙස කිරුළු පැළඳුවාය. ඊට අමතරව තලවාකැලේ වැවිලි සමාගම සඳහා රන් සම්මානය දිනා ගැනීමට
අමතරව ඇය විනාඩි 20 ක් ඇතුලත කිලෝග්‍රෑම් 10.42 ක ඇදහිය නොහැකි අස්වැන්නක් නෙළාගෙන 82.6% ක ඉහළම
ලකුණු ප්‍රමාණයක් සමඟින් රන් සම්මානය දිනා ගත්තාය.
”තරඟයෙන් ජයග්‍රහණය කිරීමට ලැබීම ගැන මම ඉතා සතුටු වෙනවා. තේ අස්වනු නෙළන ආකාරය පිළිබඳ හොද
පුහුණුවක් ලබාදීම සහ මෙවැනි තරඟයට සහභාගි වීමට අවස්ථාව ලබාදීම ගැන අපගේ ආචාර්ය රොෂාන් රාජදුරෙයි
මහතාට, වතු කළමණාකරුවන්ට වගේම හේලීස් ආයතනයට මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මගේ පවුලේ අය සහ
මිතුරන් මට සහයෝගය දෙනවා සහ මාව දිරිමත් කරනවා.” යනුවෙන් ඇය තමන්ට හිමි රු. 300,000 ක ත්‍යාග මුදල
ලබාගනිමින් කියා සිටියාය.
බට්ල්ගල්ල වත්තේ එස්. ගෝමතී මහත්මිය කැලණිවැලි වැවිලි සමාගම නියෝජනය කරමින් රන් සම්මානය දිනාගත්
අතර, හොරණ වැවිලි සමාගම නියෝජනය කරමින් රන් සම්මානය දිනාගත්තේ ඇල්ටන් වතුයායේ එම්.විග්නේශ්වරී
මහත්මියයි. හේලීස් වැවිලි සමාගම සියළුම රන් සම්මානලාභීන්ට රු. 100,000, රිදී සම්මානය සමඟ රු. 75,000 ක් සහ
ලෝකඩ සම්මානය සඳහා රු. 50,000 ක් පිරිනමන ලදි.
මෙහිදී විනිශ්චය මණ්ඩලය ලෙස තේ පර්යේෂණ ආයතනයේ කර්මාන්ත විශේෂඥයින් සහ හේලීස් වැවිලි සමාගමේ
ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහභාගී විය. නියමිත වේලාවට නෙළන ලද තේ ප්‍රමාණය, එහි ප්‍රමිතිය සහ
අස්වැන්න නෙලීමේදී තේ පඳුරු නඩත්තු කිරීමේදී ඔවුන් දක්වන සැලකිල්ල මත තරඟකරුවන් විනිශ්චය කරන ලදී.
”අපේ ජනතාව අපගේ ව්‍යාපාරයේ හදවතයි. ඒ නිසා ඔවුන් එක් එක් අයගේ කැපවීම සහ කුසලතා හඳුනාගෙන
අගය කිරීම අත්‍යවශ්‍යයි. මෙවැනි දියත් කිරීම් හරහා සුරක්ෂිත සහ සේවක හිතකාමී සේවා පරිසරයක් ස්ථාපිත
කිරීමට මෙන්ම මෙරට වැවිලි කර්මාන්තයට වඩා හොඳ ඉදිරි මාවතක් සහතික කිරීමට අපි බලාපොරොත්තු
වෙනවා.” යනුවෙන් හේලීස් සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා පැවසීය.
”අද ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය පාරිසරික, සමාජීය සහ ආර්ථික අභියෝග රැසකට මුහුණ දී තිබෙනවා. මෙම
ගැටළු මධ්‍යයේ වුවද, කර්මාන්තය අඛණ්ඩව පවතී. මෙරටට අපනයන ආදායමක් ලබා දීම සඳහා අත්‍යවශ්‍ය
කාර්යභාරයක් ඉටු කිරීම, තේ වල පැවැත්ම සහ තේ කර්මාන්තය අඛණ්ඩ සංවර්ධනය කිරීම ජාතික
අවශ්‍යතාවයක්. එමෙන්ම හේලීස් අපගේ තේ අස්වනු නෙළන්නන් සවිබල ගන්වමින් ඔවුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල
උන්නතිය සඳහා අඛණ්ඩව ආයෝජනය කරනවා.” යනුවෙන් පණ්ඩිතගේ මහතා තවදුරටත් පැවසීය.
තරගයෙන් අනතුරුව, නුවරඑළිය රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී හේලීස් වැවිලි සමාගම විසින් එහි ජයග්‍රාහී
තරඟකරුවන්ට උපහාර දැක්වීම සඳහා විශේෂ සම්මාන ප්‍රදානෝත්සවයක් පවත්වන ලදී.
”අද අපගේ සේවකයින්ගේ කැපී පෙනෙන කාර්ය සාධනය ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ සැබෑ ශක්තිය පිළිබඳ
සාක්ෂියක්. වතුකරයේ අනාගතය සඳහා වන හේලීස් සමූහයේ දැක්ම අපගේ සේවකයන්ගේ අවශ්‍යතා සහ
අභිලාෂයන් වටා ගොඩනැගී ඇති අතර, ව්‍යාපාරයේ සෑම අංශයකින්ම තිරසාර ඵලදායිතාව ඉහළ නැංවීම කෙරෙහි
අවධානය යොමු කරනවා. අපගේ තේ අස්වනු නෙළන්නන් සවිබල ගැන්වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු
කරමින් දිගු කාලීන තිරසාර සංවර්ධනයක් කෙරෙහි අපගේ අවධානය යොමු වෙනවා.”
”හේලීස් විශිෂ්ටතම දළු නෙලන්නිය තරඟාවලිය යනු අපගේ සේවක ජනතාවගේ කැපවීමට වටිනාකමක් ලබාදෙන
සහ ඔවුන්ව දිරිගන්වන වැඩසටහන් මාලාවේ කොටසක්. අපි අපගේ සේවක ප්‍රජාව සවිබල ගන්වමින් ගුණාත්මක
සෞඛ්‍ය සහ පෝෂණය සඳහා ප්‍රවේශය සහතික කරන අතරම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සහතික
කිරීමට කටයුතු කරනවා. මෙම උත්සාහයන් අපගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය සඳහා ඉතා වැදගත් වෙනවා. කෙසේ
වෙතත්, ඔවුන් ශ්‍රී ලංකා තේ කර්මාන්තය සඳහා තිරසාර නව මාවතක් විවර කර ගැනීමට උපකාර කරනවා.”
යනුවෙන් හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා පැවසීය.
හේලීස් වැවිලි සමාගම ශ්‍රී ලංකාවේ සිය කර්මාන්තයේ ප්‍රථම වරට ක්ෂේත්‍ර නිලධාරීන්ට ඔවුන්ගේ
තාක්ෂණික විශේෂඥතාව ඉහළ නැංවීම සඳහා ජාතික නිපුණතා බලපත්‍රය සඳහා භඪූ සහතිකය පිරිනැමීය.
එසේම සමාගම විසින් වතු කළමනාකරණය හරහා නවෝත්පාදන සහ නැගී එන හොඳම භාවිතයන් පිළිබඳ දැනුම
හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පළමු වැවිලි කළමනාකරණ සම්මන්ත්‍රණය ද පවත්වන ලදී. හේලීස්
වැවිලි සමාගම් විසින් මව් සහ ළමා හිතකාමී වැවිලි ප්‍රතිපත්ති ද ආරම්භ කර ඇති අතර, සදාචාරාත්මක සහ
තිරසාර වැවිලි කළමනාකරණයේ නව මිණුම් සලකුණු සැකසීම සඳහා ගෝලීය හා දේශීය පිළිගැනීම් දිනා ගනිමින්
ඉදිරියට යයි.
Hayleys Plantations Best Tea Harvester තරගය 2018 වසරේ Ceylon Tea හි 150 වැනි සංවත්සරය නිමිත්තෙන්
ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද එවැනිම තරගයකින් එහි ආභාෂය ලබා ගනී. ජනතාවගෙන්
ලැබුණු සුබවාදී ප්‍රතිචාර හේතුවෙන් හේලීස් වැවිලි සමාගම තම වතු තුළ මෙම තරගාවලිය ඉදිරියට ගෙන යාමට
එඩිතරව තීරණය කළේය.
හේලීස් සමූහයේ අනුබද්ධ සමාගම් තුන වන KVPL, TTEL සහ HPL වලට අයත් තේ වතු ආශ්‍රිතව පැවති මෙම
තරගාවලියේ මූලික අදියරවලින් ජයග්‍රාහකයින් තෝරා ගන්නා ලදී. ඉන් අනතුරුව එම සෑම සමාගමකම
ජයග්‍රාහකයන් සෑම දෙනාගේම ඔල්වරසන් මධ්‍යයේ අවසන් මහා තරගයකට ඉදිරිපත් විය.