අනාගතයට අවශ්‍ය තාක්ෂණික කුසලතා වලින් ශ්‍රී ලංකාවේ දරුවන් සවිබල ගැන්වීමට Microsoft සහ DP Education අත්වැල් බැඳගනී

Microsoft තාක්ෂණය භාවිතා කර සිසු සිසුවියන් මිලියනයක් පුහුණු කරමින් රටේ විරැකියාව අවම කිරීමට DP Education දරන වෑයමක්

ශ්‍රී ලංකාවේ දරුවන්ට විසි එක්වන සියවසට ගැළපෙන නවීන
තාක්ෂණය හඳුන්වා දීමේ සහ ඔවුන්ගේ තාක්ෂණික කුසලතා දියුණු කිරීමේ
අරමුණින් Microsoft හා DP Education පසුගියදා අවබෝධතා ගිවිසුමක් අත්සන්
කරනු ලැබීය. DP Education යනු ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනමේ අධ්‍යාපන
අංශයයි. ශ්‍රී ලංකාව මේ වනවිට STREAM අධ්‍යාපනය, Coding හැකියාවන් සහ
ඩිජිටල් කුසලතා අතිශයින් වැදගත් වන ඩිජිටල් ආර්ථිකයක් කරා වේගයෙන්
ගමන් කරමින් සිටින අතර, ඉදිරි දශකය තුළ ශ්‍රම බලකායට ඇතුළත් වීමට
බලාපොරොත්තු වන යොවුන් පරපුරට එමගින් අවස්ථා රාශියක් උදාවනු ඇත.

Microsoft සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ප්‍රධාන දේශීය කළමනාකරු හර්ෂ රන්දෙණි මහතා සහ DP
Education ආයතනයේ නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතා අවබෝධතා ගිවිසුම හුවමාරු කරගනිමින්.
Microsoft සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ප්‍රධාන දේශීය කළමනාකරු
හර්ෂ රන්දෙණි මහතා සහ DP Education ආයතනයේ නිර්මාතෘ සහ සභාපති
ධම්මික පෙරේරා මහතා විසින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදි.

Microsoft සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ප්‍රධාන දේශීය කළමනාකරු හර්ෂ රන්දෙණි මහතා සහ DP
Education ආයතනයේ නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතා ගිවිසුමට අත්සන් තැබූ අවස්ථාව
දිවයින පුරා වෙසෙන සිසු සිසුවියන්ට AI, Coding, Robotics සහ Computer
Programming වැනි විෂයන් නොමිලයේ හැදෑරීමට අවස්ථාව සලසා දීමේ අරමුණින්
DP Education ආයතනයේ ‘DP Education AI, Coding and Robotics Campus’ මගින්
පසුගියදා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ලදී.
“Coding යනු ලෝකයේ නව භාෂාවයි. ඩිජිටල් ලෝකයේ කොටස්කරුවන් බවට
පත්වීමට නම් ගැහැනු පිරිමි භේදයකින් තොරව සියලු දරුවන් එය ඉගෙනගත
යුතුයි. ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය නිර්මාණය කර පවත්වාගෙන යාම සඳහා
Coding සිදුකරන ශ්‍රී ලාංකිකයන් මිලියනයක් බිහිකිරීම DP Education Coding School
හි අරමුණ වී තිබෙනවා.” DP Education ආයතනයේ නිර්මාතෘ සහ සභාපති,
ධම්මික පෙරේරා මහතා පැවසී ය.
ඉදිරි වසර 3 තුළ දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන
පරිදි Coding පාසල් 331 ක් ස්ථාපිත කිරීමට DP Education ආයතනය
බලාපොරොත්තු වෙයි. මෙමගින් සිසු සිසුවියන් 165,000 කට අධික පිරිසකට AI,
Coding, Robotics සහ Computer Programming යන විෂයන් නොමිලේ හැදෑරීමට
අවස්ථාව ලැබෙනු ඇත. මෙම මධ්‍යස්ථාන සමස්තයක් ලෙස පරිගණක 7,000 කින්
සමන්විත වනු ඇති අතර, STREAM අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා සෑම
මධ්‍යස්ථානයකම අධ්‍යාපනික රොබෝවන් යොදවනු ඇත.
ලෝකයේ සෑම කෙනෙකුම මෙන්ම සෑම ආයතනයක්ම හා සංවිධානයක්ම සවිබල
ගැන්වීමේ මෙහෙයුමක Microsoft නිරත වෙමින් හිඳියි. එහි එක් පියවරක්
වශයෙන් DP Education ආයතනය ක්‍රියාවට නංවන දීපව්‍යාප්ත වැඩසටහනට
තාක්ෂණික සහයෝගය ලබාදීමට Microsoft ඉදිරිපත් විය. මෙය මෙම වැඩසටහන
වැඩි පිරිසක් වෙත සමීප කරවමින්, තරගකාරී ගෝලීය රැකියා වෙළඳපොළට
ගැළපෙන ශ්‍රම බලකායක් රට තුළ නිර්මාණය කිරීමට මහෝපකාරී වනු ඇත.

මේ යටතේ DP Education ආයතනය වෙත ලබා දී ඇති Microsoft 365 A1
තාක්ෂණයට, වඩාත් ඵලදායී අධ්‍යාපනයකට උපකාරී වන විශේෂාංග රාශියක්
ඇතුළත් ය. ගුරුවරුන්ට ඕනෑම ස්ථානයක සිට බාධාවකින් තොරව ඉගැන්වීමට
අවස්ථාව සලසා දෙන අතරම සිසු සිසුවියන්ට නවීනතම අධ්‍යාපනික අත්දැකීමක්
ලබාදෙන Collaborative Classrooms ක්‍රමවේදය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. මේ
වනවිට DP Education ආයතනය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම
වයස අවුරුදු 3 සිට ඉහළට පාඨමාලා හඳුන්වා දී ඇති අතර, ක්ෂේත්‍රයේ සම්මත
මෘදුකාංග මෙන්ම Microsoft 365 A1 වැනි සිසුන් කේන්ද්‍රකරගත් විසඳුම් භාවිතා
කිරීම මගින්, සාම්ප්‍රදායික පන්තිකාමර අධ්‍යාපනයේ සීමාවන් ඉක්මවා යමින්, හෙට
දවසේ රැකියාවන්ට ගැළපෙන ඵලදායී අධ්‍යාපනයක් ලබාදීමට එම ආයතනයට
හැකියාව ලැබී තිබේ.
මෙවැනි අධ්‍යාපනයක් නොමිලේ ලබාදීම මගින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ
සහ පුරවැසියන්ගේ කුසලතා වැඩිදියුණු වී ඔවුන්ට වෙනස් වන ලෝකයේ
අනාගත රැකියාවන් සඳහා සූදානම් වීමට අවශ්‍ය පසුබිම සකස් වනු ඇති අතර,
එය රටේ විරැකියාව අවම කිරීමට සුවිශාල දායකත්වයක් දක්වනු ඇත.
“රටේ තරුණ පරපුරේ කුසලතා වැඩිදියුණු කිරීමට DP Education ආයතනය සමග
අත්වැල් බැඳගැනීමට ලැබීම අපට මහත් සතුටක්. මේ වනවිට සේවායෝජකයන්
තම කාර්ය මණ්ඩල සඳහා සාමාජික සාමාජිකාවන් බඳවා ගැනීමේදී කෘත්‍රිම
බුද්ධිය හෙවත් AI තාක්ෂණය පිළිබඳ අවබෝධයක් සහිත පුද්ගලයන්ට ප්‍රමුඛත්වය
ලබාදෙන බව, 2023 ‘Microsoft Work Trend Index’ වාර්ෂික වාර්තාව මගින් පැහැදිලි
වනවා. අප මේ උත්සාහ කරන්නේ රටේ සියලුම දරුවන් වෙත ඩිජිටල් අධ්‍යාපනය
සමීප කරවමින් Coding සම්බන්ධයෙන් දැනුවත් තරුණ තරුණියන් මිලියනක්
බිහිකිරීම සඳහා DP Education දරන උත්සාහයට තාක්ෂණික සහයෝගය
ලබාදීමටයි.” Microsoft සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ප්‍රධාන දේශීය
කළමනාකරු හර්ෂ රන්දෙණි මහතා පැවසී ය.

Microsoft සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ප්‍රධාන දේශීය කළමනාකරු හර්ෂ රන්දෙණි මහතා සහ DP
Education ආයතනයේ නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතා සමග Microsoft ශ්‍රී ලංකා, DP Education සහ
ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම යන ආයතනවල නියෝජිතයන් පිරිසක් අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවේදී
තරුණ පරපුරේ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම, ඔවුන්ගේ ඩිජිටල් ආත්ම විශ්වාසය
වර්ධනය කිරීම සහ ඔවුන්ට හිමි වන රැකියා අවස්ථා වැඩි කිරීම යන අරමුණු
පෙරදැරිව, Coding සිදුකරන ගැහැණු දරුවන් ලක්ෂ 5 කට ආසන්න ප්‍රමාණයක්
ශ්‍රම බලකායට දායාද කිරීමට හැකි සංස්කෘතියක් ගොඩනැගීමට DP Education හා
එක්ව කටයුතු කිරීමට Microsoft අපේක්ෂා කරයි. ගැහැනු දරුවන්ට මෙවැනි
අවස්ථා හිමි වීම සැබැවින්ම අනාගතය පිළිබඳව බලාපොරොත්තු දල්වනසුලු ය.
ශ්‍රම බලකායට ලැබෙන කාන්තා දායකත්වය සම්බන්ධයෙන් මෑතකාලීනව ශ්‍රී
ලංකාව ප්‍රගතියක් පෙන්නුම් කර ඇති අතර, 2021 වසරේදී 31.8% ක් වූ මෙරට
ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වය 2022 වසර වනවිට 32.1% දක්වා ඉහළ
ගොස් තිබිණි. කෙසේ නමුත් ඉදිරියේදී මෙම තත්ත්වය තවදුරත් වර්ධනය විය
යුතු බව පැහැදිලි ය. රාජකාරි කටයුතුවලදී විශ්ලේෂණාත්මක හැකියාව සහ
කෘත්‍රිම බුද්ධි තාක්ෂණ ප්‍රවණතාවන්ට ඉක්මනින් හැඩගැසීමේ හැකියාව යනාදිය
අත්‍යවශ්‍ය වෙමින් පවතින පසුබිමක් තුළ, Coding කටයුතුවල නිරත වීමට
බලාපොරොත්තු වන තරුණ තරුණියන්ට මෙවැනි ව්‍යාපෘති ඔස්සේ අනාගතයට
හොඳින් සූදානම් වෙමින්, අනාගත පරිවර්තනයන් තුළ සක්‍රීය කාර්යභාරයක්
ඉටුකිරීමට අවස්ථාව උදා වේ.
මේ වනවිට ‘DP Education AI, Coding and Robotic Campus’ අධ්‍යාපනික මධ්‍යස්ථාන
20 කට අධික සංඛ්‍යාවක් සතියේ සෑම දිනකම විවෘතව පවතී. මෙම
මධ්‍යස්ථානවල සේවයෙහි යෙදී සිටින ගුරුවරුන් සහ සම්බන්ධීකාරකවරුන්, සිසු
සිසුවියන්ගේ STREAM ඉගෙනුම් හැකියාවන් වර්ධනය කරගැනීම සඳහා සහය
වීමට සෑම විටම සූදානමින් සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *