Year: 2023

  • ජෝන් ඩියර් ට‍්‍රැක්ටර් සහ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ආකර්ෂණීය ප‍්‍රතිලාභ ලබා දීමට HNB, සිංගර් සමඟ ඇති දිගු කාලීන හවුල්කාරිත්වය නැවත අලූත් කරයි

    ජෝන් ඩියර් ට‍්‍රැක්ටර් සහ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ආකර්ෂණීය ප‍්‍රතිලාභ ලබා දීමට HNB, සිංගර් සමඟ ඇති දිගු කාලීන හවුල්කාරිත්වය නැවත අලූත් කරයි

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප‍්‍රමුඛ්‍යා මෙන්ම ජෝන් ඩියර් ට‍්‍රැක්ටර් සඳහා ලංකාවේ එකම නියෝජිතයා වන සිංගර් සමාගම සමඟ එක්ව කෘෂි ක්ෂේත‍්‍රයට අවශ්‍ය අතිනවීන වාහන හා කෘෂි යන්ත්‍රෝපකරණ ලබා දීමට සිය දිගු කාලීන හවුල්කාරිත්වය පසුගියදා නැවත අලූත් කළේය.

    මෙම හවුල්කාරිත්වය හරහා John Deere ට‍්‍රැක්ටර් සහ කෘෂි යන්ත‍්‍රඋපකරණ සඳහා ආකර්ෂණීය ප‍්‍රතිලාභ කෘෂි ක්ෂේත‍්‍රයට ලබා දෙනු ඇත. 

    මේ පිළිබඳව අදහස් දක්වමින් HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පාරිභෝගික බැංකුකරණය සමූහ සංජය විජේමාන්න මහතා පැවසුවේ ‘‘නොයෙකුත් අභියෝග මධ්‍යයේ වුවද ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය පෙර වසරට සාපේක්ෂව 3.6% ක වර්ධනයක් අත්කරගෙන තිබෙනවා. සිංගර් සමඟ වන අපගේ හවුල්කාරිත්වය තුළින් දේශීය ගොවීන්ගේ මෙම ඔරොත්තු දීමේ හැකියාවට සහ ශක්තියට සහාය වීම අපගේ අරමුණයි. මෙම අවස්ථාව ප‍්‍රයෝජනයට ගනිමින් ගොවීන්ට ඔවුන්ගේ ව්‍යාපාර පුළුල් කරමින් තව තවත් සාර්ථකත්වයට පත් වීමට අපි අපගේ ගනුදෙනුකාරභවතුන්ව දිරිමත් කරනවා.’’ යනුවෙනි.

    මෙම හවුල්කාරීත්වය මගින් HNB විසින් පාරිභෝගිකයින්ගේ මූල්‍ය තත්වයට ගැලපෙන විශේෂ අඩු පොළී අනුපාත හා ආකර්ෂණීය ලීසිං පැකේජ ලබා දෙනු ඇත. මීට අමතරව, HNB හි Prestige Prime වෙළෙඳ හවුල්කාර ජාලය තුළ අගය එකතු කළ නිෂ්පාදන සහ සේවා සඳහා වට්ටම් සහ ප‍්‍රතිලාභ භුක්ති විඳීමට ද පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබේ.

    තවද මෙම පැකේජය තුළින් HNB General Insurance වෙතින් ආකර්ෂණීය වට්ටම් සහිත මාසික වාරික සහ නොමිලේ රුපියල් මිලියන 4.5ක ජීවිත රක්ෂණාවරණයක් ද ්වභාවික මරණයක් සඳහා HNB ඇෂුවරන්ස් විසින් රු. 600,000ක රක්ෂණාවරණයක් ද ලබා දෙයි.

    ‘‘දීප ව්‍යාප්ත අප ආයතන දෙකෙහි අන්‍යෝන්‍ය පාරිභෝගික පදනමට දැරිය හැකි මිලකට ලීසිං විසඳුම් ලබා දීමට HNB සමඟ ඇති අපගේ හවුල්කාරීත්වය නැවතත් අලූත් කිරීමට ලැබීම පිළිබඳව අපි සතුටු වනවා. විශේෂයෙන්ම පහළ මට්ටමේ කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායන් සඳහා HNB හි අඛණ්ඩ සහයෝගය, කෘෂි ක්ෂේත‍්‍රයේ දියුණුවට අවශ්‍ය නවීන යන්ත‍්‍ර සූත‍්‍ර සැපයීමට අපට හැකි බව සහතික කරනවා.’’ යනුවෙන්  සිංගර් ශ්‍රී ලංකා ප‍්‍රධාන විධායක නිළධාරී මහේෂ් විජේවර්ධන මහතා පැවසීය.

    HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පාරිභෝගික බැංකුකරණ සංජය විජේමාන්න සහ සිංගර් ශ‍්‍රී ලංකා ප‍්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන යන මහත්තවරුන් අදාල අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගනිමින්. HNB සහ සිංගර් පීඑල්සී හි ජේෂ්ඨ නිළධාරීන් ද ඡායාරූපයේ වෙයි.

  • NCHS-Swinburne තාක්ෂණ විශ්ව විද්‍යාලයේ 2023 උපාධි ප්‍රධානෝත්සවය BMICH හි දී

    NCHS-Swinburne තාක්ෂණ විශ්ව විද්‍යාලයේ 2023 උපාධි ප්‍රධානෝත්සවය BMICH හි දී

    “වඩා හොඳ අධ්‍යාපනයක් යහපත් සමාජයක් ඇති කරයි” – ජෝර්ජ් ස්වින්බර්න්

    නවලෝක උසස් අධ්‍යයන ආයතනය (NCHS), Swinburne (ස්වින්බර්න්) තාක්ෂණ විශ්ව විද්‍යාලය සමඟ එක්ව 2023 වසරේ උපාධි ප්‍රදානෝත්සවය 2023 නොවැම්බර් 1 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී (BMICH) අතිඋත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

    “දැනුම හඹා යෑම උපතේ සිට මරණය දක්වාම කරගෙන යා යුතු දෙයක් වන අතර එය අපගේ අනාගත පැවැත්මට බෙහෙවින්ම ඉවහල් වෙනවා. NCHS ඔබව දිනෙන් දින වෙනස් වන ගෝලීය ප්‍රවණතාවන් වෙනුවෙන් සූදානම් කරනවා වගේම ශක්තිමත්ව සහ නොනවත්වා ඉදිරියට යාමට අවශ්‍ය දැනුම සහ කුසලතා ලබාදෙනවා.” යනුවෙන් මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.

    ඕස්ටේ්‍රලියාවේ Swinburne තාක්ෂණ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය බ්‍රොන්ටේ නෙයිලන්ඩ්, නවලෝක උසස් අධ්‍යයන ආයතනයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස, නවලෝක උසස් අධ්‍යයන ආයතනයේ අධ්‍යයන පීඨාධිපති ආචාර්ය ඇලන් රොබට්සන් සහ නවලෝක උසස් අධ්‍යයන ආයතනයේ උප සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී වික්ටර් රමනන් ඇතුළු සම්භාවනීය අමුත්තන්, උපාධිලාභීන්ගේ පවුල් වල අය සහ සුභ පතන්නන් මෙම උත්සව අවස්ථාවට එක් විය.

    මෙම උපාධි ප්‍රදානෝත්සවයේදී ව්‍යාපාර අධ්‍යයනය, ඉංජිනේරු විද්‍යාව, සෞඛ්‍ය විද්‍යාව සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධි ප්‍රදානය කරන ලද අතර එදින රාත්‍රියේ උපාධි ප්‍රධානෝත්සවය නිමිත්තෙවන් ප්‍රිය සම්භාෂණයක් ද සංවිධානය කර තිබුණි.

    “ඔබට හිමි Swinburne සුදුසුකම සහතිකයකට එහා ගිය දැනුම් සම්භාරයක්. Swinburne තාක්ෂණ විශ්ව විද්‍යාලය විසින් ඔබව අනාගතය වෙනුවෙන් සන්නද්ධ කිරීමට සහ රැකියා අවස්ථා වෙත යොමු කිරීමට විවිධ කර්මාන්ත සහ අනාගත සේවා යෝජකයන් සමඟ සමීපව කටයුතු කරනවා. ඔබ අද උපාධිය ලබා ගන්නේ ඔබේ විෂයයන්, නවීන කුසලතා සහ ීඅසබඉමරබැ වෙතින් ඔබ ලබාගෙන ඇති සුවිශේෂී ගුණාංගයන් පිළිබඳ ගැඹුරු දැනුමක් සමඟින් සහ ක්ෂේත්‍ර තුළ කැපීපෙනෙන වෘත්තිකයෙකු ලෙසයි.” යනුවෙන් Swinburne තාක්ෂණ විශ්ව විද්‍යාලයේ  උපකුලපති සහ සභාපති Pascale G. Quester ප්‍රකාශ කළේය.

    “මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ සුදුසුකම් සහ කුසලතා ඇති අයයි. ඔබ ගුණාත්මක දැනුමකින් පරිපූර්ණ නිසා වඩා හොඳ අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් වෙර දරණ ඔබේ රටට ඔබ ඔබගේ උපරිම දායකත්වය ලබාදෙන්න.” යනුවෙන් ශ්‍රී ලංකාවේ ඕස්ටේ්‍රලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මෙහිදී පැවසීය.

    කොළඹ නගර මධ්‍යයේ මෙන්ම මහනුවර ප්‍රදේශයේ ද පිහිටා ඇති NCHS ශ්‍රී ලංකාව ආසියාවේ ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරයි. එමගින් දරුවන්ට නිවසේ සිටම අධ්‍යාපනය ලබන්නාක් මෙන් වඩාත් පහසුවෙන් තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට පහසුකම් සලසන අතර මෙහි අතිනවීන ඉගෙනුම් පහසුකම් සිසුන්ට ජාත්‍යන්තර අධ්‍යන අත්දැකීමක් තිළිණ කරයි.

    NCHS එක් එක් ශිෂ්‍යයාගේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සකස් කර ඇති සුවිශේෂී ප්‍රතිලාභ ද ලබා දෙයි. සිසුන්ට ඔවුන්ගේ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාග අවසන් වූ පසු තමන් කැමති වැඩසටහනක් සඳහා ලියාපදිංචි විය හැකිය.

    NCHS හි ප්‍රාරම්භක වැඩසටහනක් සම්පූර්ණ කිරීමෙන් පසු, සිසුන්ට Hawthorne, Australia හෝ Malaysia හි Swinburne කැම්පස් වල තමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන උපාධිය තෝරාගත හැකිය.

    ඔබට NCHS හි කීර්තිමත් Swinburne degree pathways වෙත ඇතුලත් වන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර දැන ගැනීමට, 0777 899 998/ 077 888 9655 අමතන්න. නැතිනම් info@nchs.edu.lk යන විද්‍යුත් තැපෑලෙන් ඔබට NCHS හා සම්බන්ධ විය හැකිය.

    ඕස්ටේ්‍රලියාවේ Swinburne තාක්ෂණ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය බ්‍රොන්ටේ නෙයිලන්ඩ් සහ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ විසින් ඉහළ දස්කම් දැක්වූ සිසුන්ට සම්මාන ප්‍රදානය කරමින් 

    නවලෝක උසස් අධ්‍යයන ආයතනයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස සහ නියෝජ්‍ය සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වික්ටර් රමනන් ඉහළ දස්කම් දැක්වූ සිසුන්ට සම්මාන ප්‍රදානය කරමින්

  • කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 19.11.2023

    කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 19.11.2023

    අද දින උපන් දිනය සමරන සරණපාල ජයසූරිය, සරත් කුලාංග, උදයංග ශ්‍රී වික්‍රමසිංහ, කුලසිරි මල්ලිකාරච්චි, හිරුෂි ජයසේන, තුසිත විමලසිරි, විමලරත්න අධිකාරි, සනත් බාලසූරිය, තුෂාන් රංගන මීමනගේ, ශාලික ඉශාන්, පියසිරි කුලරත්න, නවරත්න අත්තනායක, ශ්‍රියාණි දිසානායක, චන්දිමා ඈපා සෙනෙවිරත්න, සුජානි වීරබද්දන ආරච්චි, ප්‍රදීප් රණසිංහ, ඉස්තියා අබ්දුල් කාදර්, ආනන්ද දිසානායක, ක්‍රිශාන්ත ලක්මාල් සිරිවර්ධන, රත්නායක ප්‍රේමදාස සහ සෝමසිරි සූරියපටබැදි ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

    කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

  • டெங்கு நெலும்பு பரவலைத் தடுக்கும் முகமாக கொழும்பு நகர சபை டெங்கு ஒழிக்கும் அதிகாரிகளுடன் ரவி கருணாயக சென்றிருந்தார்

    டெங்கு நெலும்பு பரவலைத் தடுக்கும் முகமாக கொழும்பு நகர சபை டெங்கு ஒழிக்கும் அதிகாரிகளுடன் ரவி கருணாயக சென்றிருந்தார்

    ( Mohamed Nazar )

    ஞாயிட்டுக்கிழமை ) மேல் மாகாண த்தில் டெங்கு நோயின் தாக்கம் அதிகரித்துள்ளதால் வட கொழும்பு பகுதியில் டெங்கு நுளம்பு பரவும் இடங்களை இனம் கட்டுப்படுத்தும் சிரமதான பணி முன்னாள் அமைச்சர் ரவி கருணாநாயக்க தமைமையில் நடைபெற்றது. சுரத ஊடகபிரிவின் நிருபர்
    படம் எம்.நஸார்

  • අපි තාම බංකොලොත් වෙලා නැහැ.. පරිසරවේදී හිරාන් විජේසිංහ

    අපි තාම බංකොලොත් වෙලා නැහැ.. පරිසරවේදී හිරාන් විජේසිංහ

    ( සටහන: සුරත මාධ්‍යවේදී විනිත් හසන් )

    යුරෝපයේ සමනල්ලු ප්‍රමාණයන් සුඵ ප්‍රමාණයක් වූවද ඉතා කුඩා භූමි ප්‍රමාණයක පිහිටි අපේ රටේ සමනල ප්‍රභේද 247 ක් වාර්තා වෙනවා. ජෛව විවිධත්ව අනුව එය ඉතා ඉහල අගයක් ගන්නවා. මෙපමණ සමනලයන් ප්‍රමාණයක් අප රටේ ජීවත්වීම පාරිසරික වශයෙන් අපට වැදගත් වෙනවා. ශ්‍රීලංකා සමනල සංරක්‍ෂණ සහ පරේෂණ සමූහය හෙවත් BCRG හි සංවිධාන සමාරම්භක කණ්ඩායම් නායක හිරාන් විජේසිංහ මහතා අද සියත රූපවාහිනියේ සුන්දර ඉරිදා වැඩ සටහනට එක් වෙමින් පැවසීය.

    මෙම පරිසර විනාශය එක්ක රථවාහන වැඩිවීම, මදුරුවන් මර්ධනයට භාවිතා කරන උපක්‍රම, ශාක සහ පරිසර විනාශය සමග සමනල්ලුන්ගේ ව්‍යාප්තිය සීමා වෙනවා, ඒ වගේම මෙම බලපෑම් නිසා වදවීමේ තර්ජණයට ලක්වීම සහ සමහරක් සමනල විශේෂයන් වදවීමක් සිදු වූ බව හෙතෙම තව දුරටත් සදහන් කරන ලදී.

    වදවී යන සමනලයින්ගෙන් අප පාරිසරික පද්ධතියට වන කාර්යභාරය පිළිබදව වර්තමාන පරපුර දැනුවත් කිරීම ශ්‍රීලංකා සමනල සංරක්‍ෂණ සහ පරේෂණ සමූහයේ මුඛ්‍ය පරමාර්ථය බවත්, එම ආයතනය කොළඹ දියසරු උද්‍යාණය සහ නුගේගොඩ කාර්යාලය මුල් කරගෙන දීප ව්‍යාප්ත වැඩ කටයුතු රාශියක් සිදුකර ඇති අතර ඉදිරියේදී ද එම කාර්යභාරය අඛණ්ඩව සිදු කරන බව පැවසීය.

    ජෛව්‍ය විවිධත්වයෙන් අපි ඉහලක සිටියත් අපි ජාතියක් හැටියට බංකොලොත්. මතු අනාගතය වෙනුවෙන් දුවා දරුවන්ට කියන්න තියෙන්නේ අපි මේ වගේ ධන නිධානයක් ලග තියාගෙන බංකොලොත් කියලා හිතන්නේ නැතුව ඔබ නැණවත්ව සිතලා, මනා කලමණාකරණයකින් මතු පරපුරට මේ දේවල් දායාද කිරීම තමයි අපේ වගකීම.


    සමනල්ලුන් පිළිබදව හිරාන් විජේසිංහ මහතා මාධ්‍යවේදී Tharanga Prasad Herath සමග කල සම්මුඛ සාකච්ජාව පහත ලින්ක් එකට ගොස් නැරඹීමට හැක.

  • ෂැංහයි සමුළුවේදී තිරසාර රෙදි නිෂ්පාදනය සඳහා ආයෝජනය කරන ලෙස SLAEA සභාපති ඉල්ලා සිටී

    ෂැංහයි සමුළුවේදී තිරසාර රෙදි නිෂ්පාදනය සඳහා ආයෝජනය කරන ලෙස SLAEA සභාපති ඉල්ලා සිටී

    ශ‍්‍රී ලංකා ඇඟලූම් අපනයනකරුවන්ගේ සංගමය (SLAEA) චීනයේ ෂැංහයි නුවර පැවති 16 වැනි ගෝලීය රෙදිපිළි සහ ඇඟලූම් සැපයුම් දාම සමුළුවට මෑතකදී සහභාගී විය. මෙම සමුළුවේදී නවෝත්පාදන සහ ඉතා දියුණු නිෂ්පාදන ශිල්පීය ක‍්‍රම භාවිතයෙන් උසස් තත්වයේ රෙදිපිළි නිෂ්පාදන කරනු ලබන විශේෂිත කණ්ඩායම් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු විය.

    ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම වාර්ෂික සමුළුව ඇමතූ SLAEA හි සභාපති ඉන්දික ලියනහේවගේ මහතා තිරසාර රෙදි නිෂ්පාදනය පිළිබඳව විශේෂයෙන් අවධාරණය කරමින් ‘Green dynamics and intelligent empowerment’ යන මැයෙන් සිය දේශනය ඉදිරිපත් කළේය.

    ‘‘ඇඟලූම් ශ‍්‍රී ලංකාවේ වැදගත් ක්ෂේත‍්‍රයක්. එය අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතයට 6% ක දායකත්වයක් ලබා දෙමින් පුද්ගලයින් 350,000 කට රැකියා සපයනු ලබනවා. කොවිඞ්-19 විසින් ගෙන එන ලද අභියෝග සහ ආර්ථික අර්බුදය මගින් ඇති කරන ලද ඉහළ උද්ධමනය මධ්‍යයේ වුවද ඇඟලූම් කර්මාන්තය අඛණ්ඩව ව්‍යාපාර මෙහෙයුම් පවත්වා ගෙන යනු ලැබුවා.’’ යනුවෙන් ලියනහේවගේ මහතා සඳහන් කළේය.

    ශ‍්‍රී ලංකා ආර්ථිකයේ වත්මන් තත්වය පිළිබඳ දළ විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් ලියනහේවගේ මහතා සඳහන් කළේ දේශීය ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම මේ වන විට අවසන්ව ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකයට අදාල කටයුතු සිදු වෙමින් පැවතීමත් සමඟින් රට ස්ථාවරත්වය කරා ගමන් කරන බවයි.

    ඇඟලූම් කර්මාන්තයට සම්බන්ධ බොහෝ සමාගම් WRAP, LEED සහ GOTS සහතික හිමි කරගෙන තිබීමත් සමඟින් තිරසාරභාවය සහ නීතිරීතිවලට අනුකූල වීම ශ්‍රී ලංකාවේ ඇඟලූම් ක්ෂේත‍්‍රය සඳහා අත්‍යවශ්‍ය අංගයක් බවට පත් කර ඇති බව ඔහු අවධාරණය කළේය. ‘‘මෙගාවොට් 70කට අධික ධාරිතාවයෙන් යුත් වහලය මත සවිකළ සූර්ය බලශක්ති පද්ධතියක් ඇඟලූම් ක්ෂේත‍්‍රය සතුව ඇති අතර පුනර්ජනනීය බලශක්තිය සඳහා අපි අඛණ්ඩව අයෝජනය කරනවා. තිරසාරභාවය පිළිබඳව අප දැඩි උනන්දුවක් දක්වන අතර මේ සඳහා කර්මාන්තයේ ඉහළ පෙළේ නායකයින්නේ විශාල සහයෝගයක් අපට ලැබෙනවා. එමෙන්ම ඇඟලූම් නිෂ්පාදකයින් ගණනාවක් පාරිසරික බලපෑම අවම කරමින් සම්පත් භාවිත කිරීම, නැවත භාවිතය හා ප‍්‍රතිචක‍්‍රීයකරණය සඳහා දැඩි ලෙස කැපවී සිටිනවා. මීට අමතරව පරිසර හිතකාමී කර්මාන්තශාලා බොහොමයක් ආරම්භ වෙමින් තිබෙන අතර අපගේ ක‍්‍රියාමාර්ගවල තීරණාත්මක අංගයක් ලෙස ද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණය කෙරෙහි අවධානය යොමුවී තිබෙනවා.’’

    රෙදිපිළි නිෂ්පාදනය සහ නවෝත්පාදනය සඳහා වැඩි සහයෝගයක් ලබා දෙන ලෙස ද SLAEA මෙහිදී ඉල්ලා සිටියේය. ‘‘ප‍්‍රධාන වශයෙන් නූල් සහ අමුද්‍රව්‍ය චීනයෙන් ආනයනය කරනු ලැබුවද කාබනික හෝ ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද රෙදිපිළි සඳහා ඉහළ යන ඉල්ලූම හේතුවෙන් ශක්තිමත් හවුල්කාරිත්වයක් අවශ්‍යයි. මඩකලපුව ප‍්‍රදේශයේ පිහිටා ඇති එරාවූර් රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත උද්‍යානය මේ සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. අපි ආයෝජකයින්ට සහ රෙදිපිළි නිෂ්පාදකයින්ට සහයෝගීව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා වගේම එමගින් කාර්යයන් ඉක්මනින් අවසන් කිරීමටත් අපගේ නිෂ්පාදන හැකියාවන් වැඩි කිරීමටත් හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා.’’

    අක්කර 300කට වඩා වැඩි භූමි ප‍්‍රදේශයක් පුරා විහිදෙන මෙම කලාපය රෙදිපිළි නිෂ්පාදනයේ විවිධ අංශ සඳහා අවස්ථා ලබා දෙයි. නිෂ්පාදකයින්ට මෙම කලාපය තුළ වෙනත් පහසුකම් පිහිටුවීමට හැකියාව ඇති අතර දේශීයව ලබාගත් රෙදිපිළි භාවිතයෙන් අමුද්‍රව්‍ය ලබා ගැනීමට ගතවන කාලය අවම කරගත හැකි අතර සමස්ත පිරිවැය ද අඩු කරගත හැකි වේ. නිෂ්පාදකයින් සඳහා වන ප‍්‍රධාන ප‍්‍රතිලාභ අතරට අපනයන සඳහා වසර 5-10 ක් දක්වා බදුවලින් නිදහස් කිරීම, ආනයනික අමුද්‍රව්‍ය සඳහා තීරු බදු සහ බදු අය නොකිරීම, බදු සහන සහ අමතර බදුවලට යටත් නොවී ඔවුන්ගේ මුළු ලාභයම තම මව් රටට ආපසු ගෙන්වා ගැනීමේ හැකියාව ආදිය ඇතුළත් වේ.

    ‘‘ඉන්දියන් සාගරයේ ශ‍්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමේ උපරිම වාසිය අප ලබා ගත යුතුයි’’ යනුවෙන් ලියනහේවගේ මහතා අවධාරණය කළේය.

    16 වැනි ගෝලීය රෙදිපිළි සහ ඇඟලූම් සැපයුම් දාම සමුළුවට චීන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ලොව පුරා සිටින රෙදිපිළි, නූල්, trims සැපයුම්කරුවන් මෙන්ම ඇඟලූම් නිෂ්පාදකයින් ඇතුළු ඇඟලූම් නිෂ්පාදනයේ ප‍්‍රධාන පාර්ශවකරුවන් සහභාගී විය. දවස් තුනක් පුරා පැවති මෙම සමුළුවේදී ඉහළ පෙළේ රෙදිපිළි කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා විශේෂඥ කමිටුවක් ද පත් කෙරිණි.

  • Sri Lanka’s biggest Free Fire event DIALOG-SLESA All-Island Free Fire Championship returns for its second year with a Rs. 1mn prize pool

    Sri Lanka’s biggest Free Fire event DIALOG-SLESA All-Island Free Fire Championship returns for its second year with a Rs. 1mn prize pool

    For the consecutive second year, the Sri Lanka Esports Association (SLESA) is hosting the DIALOG-SLESA All-Island Free Fire Championship. This prestigious event, spotlighting the globally renowned game Free Fire, is generously supported by its primary sponsor, Dialog, in collaboration with its strategic partner, Gamer.LK.

    The championship held entirely online boasts an impressive prize pool of Rs. 1 million, reflecting the growing significance and investment in the Esports arena in Sri Lanka. The district qualifier stage, which commenced on 18th September, is set to culminate with a two-day Grand Final scheduled for late November.

    Players first take part in the district qualifier stage where teams have to earn their right to represent their district at the district final round by making their way through a group stage, semi-finals and a qualifier final. This year also features a Solo Wildcard round where individual players will battle it out to be placed into one team which will also make their way to the district final round. The teams that make it through the district final round earn the right to represent their district at the All-Island semi-final round, after which the top 12 teams qualify for the Grand Finals.

    Last year’s Championship, saw over 2,000 participants take part where team nA NEVERSTOP, who were selected to represent the Mongarala district emerged victorious. Popular Free Fire game streamers hosted watch parties on their social media channels, creating massive interest and bringing together a fledgling community of young aspirants as they compete on the national stage.

    “The DIALOG-SLESA All-Island Free Fire Championship showcases the thriving Esports culture in Sri Lanka. We are excited to witness the growth of our local talent and provide them a platform to shine on the national stage and thereby set their sights on breaking into the international Free Fire arena,” said Raveen Wijayatilake, President of SLESA.

    Esports, the country’s fastest-growing sport, is officially recognised by Sri Lanka’s Ministry of Sports. Sri Lankan Esports athletes have competed internationally, most recently at the 19th Asian Games in Hangzhou, China. Founded in 2012 by Gamer.LK and four other members, SLESA has systematically fostered the sport’s growth in the country, gaining international recognition.

    Dialog Axiata PLC, Sri Lanka’s premier connectivity provider, has been at the helm of uplifting Esports for over a decade by powering gaming competitions in Sri Lanka. In the recent past, Dialog’s strategic partnership with SLESA has empowered the training and development of vital skills for avid local gamers and help bring structured Esports to all corners of the island. With the widest 4G coverage in Sri Lanka and constantly network optimisations, Dialog delivers on its commitment towards bridging the digital divide by enabling Esports to prosper in the rural peripheries of Sri Lanka.

    Stay tuned for more updates and thrilling matches as the Dialog SLESA All-Island Free Fire Championship 2023 unfolds. For updates about the event and to watch the matches, visit the Sri Lanka Esports Facebook page at https://www.facebook.com/srilankaesports.

  • 2023 உலகக்கிண்ண இறுதிப் போட்டிக்கு பலத்த பாதுகாப்பு

    2023 உலகக்கிண்ண இறுதிப் போட்டிக்கு பலத்த பாதுகாப்பு

    ( SURATHA NEWS READER AKM MUKSITH KINNIYA )

    2023 உலகக்கிண்ண கிரிக்கெட் தொடரின் இறுதிப்போட்டி அஹமதாபாத் நரேந்திர மோடி சர்வதேச கிரிக்கெட் மைதானத்தில் இன்று வரை 19 பிற்பகல் 2 மணிக்கு நடைபெறவுள்ளது.

    உலகக்கிண்ண கிரிக்கெட் இறுதிப் போட்டியை இந்திய பிரதமர் நரேந்திர மோடி மற்றும் அவுஸ்திரேலிய துணை பிரதமர் ரிச்சர்ட் மார்ல்ஸூம் (Richard Marles) நேரில் காண பார்வையிட உள்ளமையினால் போட்டிக்கான பாதுகாப்பு ஏற்பாடுகள் பலப்படுத்தப்பட்டுள்ளன.

    மைதானம், அணிகள், பிரமுகர்கள் பாதுகாப்பு மற்றும் போக்குவரத்து ஒழுங்குகளுக்காக 4,500 பொலிஸார் சேவையில் ஈடுப்படுத்தப்படவுள்ளதுடன்,

    உலகக்கிண்ண இறுதிப்போட்டியை முன்னிட்டு நரேந்திர மோடி மைதானத்தில் இந்திய விமானப்படையின் விமான கண்காட்சியும் நடத்தப்படவுள்ளது

    மாபெரும் இறுதிபோட்டியில் ரோஹித் சர்மா தலைமையிலான இந்திய அணியும், பெட் கமிஸ் தலைமையிலான அவுஸ்திரேலிய அணியும் பலப்பரீட்சை நடத்தவுள்ளமை குறிப்பிடத்தக்கது.

  • පිරිවැය සහ කාබන් ප්‍රමාණය පහත හෙළමින්  ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ කර්මාන්ත භාවිත කරන බලශක්ති ප්‍රමාණය අඩුකරයි

    පිරිවැය සහ කාබන් ප්‍රමාණය පහත හෙළමින්  ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ කර්මාන්ත භාවිත කරන බලශක්ති ප්‍රමාණය අඩුකරයි

    ශ්‍රී ලංකාවේ විශාල ලෙස බලශක්ති භාවිතකරන කර්මාන්ත ක්ෂේත්‍රය, බලශක්ති උපදේශකවරුන් සහ අදාළ රජයේ දෙපාර්තමේන්තු නියෝජනය කරමින් නියෝජිතයෝ 45 දෙනෙක් අන්තර්ජාතික වශයෙන් පිළිගත් වසරක බලශක්ති කළමනාකරණ පාඨමාලාවක් සාර්ථකව නිමකරති. මෙම පාඨමාලාවේ කොටසක් ලෙස ඔවුන් ක්‍රියාවට නැංවූ බලශක්ති කළමනාකරණ සැලසුම් මගින් දැනටමත් හරිතාගාර වායු විමෝචන මෙට්රික් ටොං 7200 ක් ඉතිරිකර ඇති අතර එය වසරක කාලයක් සඳහා පැට්රල් මෝටර් රථ 1,000 කට වැඩි සංඛ්‍යාවක් මාර්ගවලින් ධාවනයෙන් ඉවත්කිරීමට සමානය.

    ශ්‍රි ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ බලශක්ති කාර්යක්ෂමතාවයේ නව යුගයක් උදාකරමින්, ශ්‍රි ලාංකික බලශක්ති කළමනාකරණ පද්ධති පුහුණුලාභීන් 45 දෙනෙකුගෙන් සමන්විත ප්‍රථම කණ්ඩායමට උපාධි සහතික ප්‍රදානය කිරීම උත්සවාකාරයෙන් ඊයේ සිදුකෙරිණ. යුරෝපීය සංගමය ආධාර සපයන ‘ශ්‍රි ලංකාවේ කර්මාන්ත දක්වන දේශගුණ ප්‍රතිචාරය කඩිනම්කිරීම’ (‘Accelerating Industries’ Climate Response in Sri Lanka’)  ව්‍යාපෘතියේ ආධාර ඇතිව ක්‍රියාත්මක මෙම ප්‍රයත්නය ජාතික බලශක්ති සුරක්ෂිතතාවය වැඩිදියුණුකිරීමට සහ ඉදිරි වසරවලදී දේශගුණ අංශයෙන් ශ්‍රි ලංකාවට ඇති  ඉලක්ක සපුරා ගැනීමට පිටිවහලක් වෙයි.

    “කර්මාන්ත අංශය අපගේ ආර්ථිකයේ එක් ප්‍රතිෂ්ඨාවකි” ප්‍රධාන ආරාධිතයා වූ කර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ  මහතා පැවසීය. “අප මෑතදී මුහුණදුන් බලශක්ති අර්බුදය සහ ගෝලීය දේශගුණ අර්බුදය මගින් අපට පැහැදිලිව පෙන්වා දී ඇත්තේ අප පොසිල ඉන්ධන වෙනුවට විකල්ප සොයා ගත යුතු බවයි. මේ හේතු නිසා මම අපගේ නිෂ්පාදන අංශයේ විශාල ආයතනවලින් සමහරක් බලශක්ති අපතේයාම අඩුකරගැනීමට පියවර ගෙන ඇති ආකාරය දැකගැනීමට මහත් කැමැත්තකින් පසුවුනෙමි. මෙය රටේ පවිත්‍ර බලශක්ති විසඳුමෙහි වැදගත් කොටසක්”.

    යුරෝපීය සංගමයේ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ තානාපති කාර්මෙන් මොරෙනෝ මහතා කතාකරමින් “බලශක්ති අර්බුදයේ භූ-දේශපාලනයෙන් විශාල ලෙස පොසිල ඉන්ධන යොදාගන්නා රටවල් පීඩාවටපත්වීමේ අවදානමට පත් කර ඇත. ශ්‍රි ලංකාව මෙන්ම ලොවපුරා රටවලට හරිත සහ පුනර්ජනනීය බලශක්තියට මාරුවීමට අවශ්‍යව ඇත. යුරෝපීය සංගමයට ඉතා වැදගත් අත්දැකීම් සහ දැනුම බෙදාගැනීමට ඇති එක් ක්ෂේත්‍රයක් වන්නේ මෙයයි. හරිතාගාර වායු විමෝචන අඩුකරන සහ ජීවිතයේ ගුණාත්මකබව වැඩිකරන පවිත්‍ර බලශක්තියට මාරුවීම අපගේ ඉහළ ප්‍රමුඛතාවන් අතර පවතින විෂයයකි. ඒ නිසා අප මෙවැනි ව්‍යාපෘතිවලට ආධාර සපයන අතර  මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ පෙරමුණෙහි පසුවන ආයතන ප්‍රායෝගික නිපුණතා අත්කරගනිමින්  ඒවායේ බලශක්ති කාර්යක්ෂමතාව උදෙසා ඉදිරියට පියවරතැබීම ගැන අපි සතුටට පත්වෙමු ”.

    ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයට ප්‍රයෝගික තාක්ෂණය සහ කළමනාකරණ පිලිවෙත් යොදාගැනීමෙන් කාර්මික බලශක්ති අපතේයාම සැලකිය යුතු මට්ටමකින් අඩුකරගැනීමේ හැකියාව ඇත. මෙම සක්‍යතාවයෙන් ඵලනෙලා ගැනීම පිණිස, ගතවූ 12 මාසයක කාලය තුළ, එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ ප්‍රධාන පුහුණුකරුවන් දෙදෙනෙකු විසින් ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ සහයෝගය  ඇතිව, බලශක්ති කළමනාකරණ පද්ධති  (EnMS  ) පිළිබඳ මෙම අන්තර්ජාතික වශයෙන් පිළිගත්  පුහුණු පාඨමාලාව හැදෑරූ පළමු කණ්ඩායමට මගපෙන්වන ලදී.

    “කර්මාන්තශාලාවක, බලශක්ති කළමනාකරණ පද්ධති මගින් බලශක්ති සංරක්ෂණය කෙරෙහි පමණක් නොව,බලශක්තිය ඉතිරිකරගත හැකි සහ වායු විමෝචන අඩුකරගත හැකි ක්‍රියාමාර්ගවලට සැමගේ අවධානය යොමුකරවයි. පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත්වීමේ ගමන ආරම්භවන්නේ එතැනිනි” යනුවෙන් එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ ව්‍යාපෘති කළමනාකරු නිකලස් ඩෙහොඩ් මහතා ප්‍රකාශ කළේය.

    මෙම පාඨමාලාවෙන් ගෝලීය ප්‍රශස්ත භාවිතයන් ආවරණය කළ අතර,පාඨමාලාව හැදෑරූ පිරිස පංති කාමරයට සීමා නොවී ඔවුන්ගේ වැකරන ස්ථානකරා ගොස් ඔවුන්ගේ සමාගමේ අවශ්‍යතාවන්ට සරිලන ලෙස බලශක්ති කළමනාකරණ පද්ධති සංවර්ධනය කිරීමෙහිද යෙදුනහ.

    දිගුකාලීන වශයෙන්, මෙම ව්‍යාපෘතියට සම්බන්ධ සමාගම් දැනටමත් සිය බලශක්ති බිල්පත 25% ක් දක්වා අඩුකරගැනීමේ මාවතට පිවිස සිටී. මේ අතර බලශක්ති අපතේයාම අඩුකරගත හැකි සහ මුදල් ඉතිරි කරගත හැකි ආකාරය ගැන තවත් සමාගම්වලට උපදෙස්දීමට හැකි බලශක්ති උපදේශකයෝ පිරිසක් දැන් ශ්‍රි ලංකාවේ  සිටිති.

    බලශක්ති කළමනාකරණ පද්ධති පිළිබඳ පුහුණුව ලබාගැනීමට දක්වන උනන්දුව වැඩිවෙමින් තිබෙන හෙයින් මෙම ව්‍යාපෘතියෙන් තවත් පුහුණු පාඨමාලා පිරිනමන අතර මීළඟ පාඨමාලාව 2024 මුලදී ආරම්භ කිරීමට නියමිතය.

    මෙම EnMS පුහුණුව සැපයීම ‘ශ්‍රි ලංකාවේ කර්මාන්ත දක්වන දේශගුණික ප්‍රතිචාරය කඩිනම්කිරීම’ ව්‍යාපෘතියේ කොටසකි. මෙම පස් අවුරුදු සහ යුරෝ මිලියන 7.56 ක මූලාරම්භ වැඩසටහනට යුරෝපීය සංගමයේ Global Climate Change Alliance+ (GCCA+) මගින් අරමුදල් සපයයි. එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය විසින් එය ක්‍රියාත්මක කරනු ලැබේ. පරිසර අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය රජයේ සමාන්තර ආයතනයි. මෙම ව්‍යාපෘතිය කර්මාන්ත අංශයේ හරිතාගාර වායු විමෝචන 2030 වන විට 7% කින් අඩුකිරීට ශ්‍රි ලංකා රජය දරන ප්‍රයත්නයේ එක් ප්‍රතිෂ්ඨාවකි.

    ශ්‍රි ලංකාවේ බලශක්ති කළමනාකරණ පද්ධති පාඨමාලාව නිමකළ පිරිස

  • வவுனியா விபத்தில் பொலிஸ் உத்தியோகத்தர் பலி!!

    வவுனியா விபத்தில் பொலிஸ் உத்தியோகத்தர் பலி!!

    ( சுரத தமிழ் செய்தி பிரிவிற்காக செட்டிகுளத்தில் இருந்து சிவானந்தராசா )

    வவுனியா எ9 வீதி சாந்தசோலை சந்தியில் இன்று இடம்பெற்ற விபத்தில் பொலிஸ் உத்தியோகத்தர் உட்பட முதியவரும் பரிதாப சாவடைந்துள்ளனர்

    இன்று மாலை 2 மணியளவில் ஓமந்தை பகுதியில் இருந்து வவுனியா நோக்கி குறித்த நபர் மோட்டார் சைக்கிளில் பயணித்துள்ளார்.

    இதன்போது எதி்ரே மற்றொரு மோட்டார் சைக்கிளில் பயணித்துகொண்டிருந்த முதியவர் ஒருவர் சாந்தசோலைப்பகுதிக்குள் திரும்ப முற்ப்பட்டபோது குறித்த விபத்து இடம்பெற்றது.

    விபத்தில் காயமடைந்த இருவரும் உடனடியாக மீட்கப்பட்டு வவுனியா வைத்தியசாலையில் அனுமதிக்கப்பட்டனர்.

    எனினும் குறித்த இளைஞர் சாவடைந்துள்ளதுடன் முதியவர் படுகாயமடைந்த நிலையில் வவுனியா வைத்தியசாலையின் தீவிர சிகிச்சைபிரிவில் அனுமதிக்கப்பட்டுள்ள வேளை சிகிச்சை பலனின்றி மரணமடைந்தார்

    27 வயதான அக்கராயன் பகுதியில் பொலிஸ் விசேட புலனாய்வு பிரிவில் பணிபுரியும் திசாநாயக்கா என்பவரே சாவடைந்துள்ளார்

    விபத்து தொடர்பாக வவுனியா பொலிசார் விசாரணைகளை முன்னெடுத்துவருகின்றனர். சுரத தமிழ் செய்தி பிரிவிற்காக செட்டிகுளத்தில் இருந்து சிவானந்தராசா