Warner Bros. Discovery හි ප්‍රමුඛතම සංදර්ශකයා වන HBO Max මේ වන විට බංග්ලාදේශය, කාම්බෝජය, මැකාවු, පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ යුක්‍රේනය ඇතුලු ලොව පුරා රටවල් 5ක ක්‍රියාත්මක වේ. එම සම්පූර්ණ ලැයිස්තුව මෙතනින් බලා ගත හැකිය. අද සිට මෙම රටවල සිලු නරඹන්නන් හට HBO, Max Originals, Harry Potter, the DC Universe, Warner Bros. සහ Discovery වැනි වෙළෙඳ නාම ඔස්සේ ගුණාත්මක රස වින්දනයක් උදා කර ගත හැකි වනු ඇත. එසේම ඔවුන්ට චිත්‍රපට, සම්මාන ලාභී කතා මාලා, සැබෑ ජීවිත කතා සහ පවුලේ ප්‍රියතම විනෝදාස්වාදයන් සියල්ල එකම තැනකින් රස විඳීමේ අවස්ථාවද මේ සමඟ උදා වේ.
ඒ යටතේ Game of Thrones, House of the Dragon, The Last of Us, The Penguin, The Pit වැනි ජනප්‍රිය කතා මාලාවන් මෙන්ම Superman සහ A Minecraft Movie වැනි හොලිවුඩ් චිත්‍රපටයන්ද Harry Potter, The Lord of the Rings සහ The Matrix චිත්‍රපට එකතුවදරස විඳිය හැකිය. තවද වෙතින් Deadliest Catch සහ Gold Rus යන කතාංගයන් මෙන්ම Tom and Jerry, The Wonderfully Weird World of Gumball සහ Looney Tunes වැනි ළමා විනෝදාස්වාද නිෂ්පාදන්ද එකසේ රස විඳීමට හැකියාව උදා වේ. එසේම Friends සහ The Big Bang Theory වැනි සුවිශේෂී චිත්‍රපටයන්ද 2026 වසරේ ජනවාරි මස සිට නැරඹීමට මේ සමඟ අවස්ථාව උදා වනු ඇත.
මීට අමතරව HBO Max ඔස්සේ IT: Welcome to Derry ඔක්තෝබර් 27 වන දින සිට නැරඹීමේ අවස්ථාව උදා වනු ඇත. ස්ටීව් කිංගේ නවතම නාට්‍යය වන IT universe රූපවාහිනිය සඳහා නිර්මාණය කර ඇත්තේ Andy Muschietti, Barbara Muschietti සහ Jason Fuchs විසිනි. මේ සමඟ M3GAN 2.0, Mission: Impossible – The Final Reckoning, How To Train Your Dragon සහ Weapons^ (ඇතුලු චිත්‍රපට රැස කමංගල දර්ශනයන්ද ඉදිරි මාස කිහිපයේදී රසවිඳීමේ අවස්ථාව රසිකයින්ට උදා වේ.
LG සහ Samsung ඇතුලු තෝරාගත් විවිධ උපාංග හා ප්‍රධාන වේදිකාවන්හි HBO Max සඳහා සුවිසල් අවස්ථාවක් හිමි කර දී ඇති අතර යන එන අතරතුරදී වුව එම සේවාව ලබා දෙන ස්ථානයන්හිදී රසිකයින්ට HBO Max වෙත ප්‍රවේශ වීමට හැකි වීමද විශේෂත්වයකි. මෙහිදී සුවිශේෂී චරිත 5ක් නිර්මාණය කිරීමේ හැකියාව රසිකයින්ට උදා වන අතර ඒ සෑම රූපයක්ම ජනප්‍රිය චරිත සමඟ තමන්ට කැමති අයුරින් යොදා ගැනීමටද හැකි වේ. තමන්ගේ නැරඹීමේ පුරුදු හා රසිකත්වය මත තමන්ට ගැලපෙන නිර්දේශයන් ලබා ගත හැකි තඅර බාධාවකින් තොරව ගවේෂණය කිරීමටද හැකියාව ඇත. මෙහි ඇති Continue Watching විශේෂාංගය තුලින් තමන් නතර කළ ස්ථානයේ සිට නැවත නැරඹීමේ හැකියාව උදා වන බැවින් සියලු නිර්මාණයන් මඟ නොහැර නැරඹීමේ හැකියාවද ඇත. මෙහි විශේෂත්වය වන්නේ ඒ ඒ වයසට ගැලපෙන අන්තර්ගතයන් පැවතීමත් දෙමව්පියන්ට පාලනය කළ හැකි විශේෂාංගයන් සමඟින් දරුවන්ට ගැලපෙන නිර්මාණ නැරඹීමේ අවස්ථාව ලබා දීමට හැකි වීමත්ය.
විවිධ සැලසුම් යටතේ නැරඹීමේ අවස්ථාවන් තොරා ගත හැකි HBO Max “www.hbomax.com හි සහ Apple Store මෙන්ම Google Play Store ඇතුලු යෙදුම් හරහා ලබා ගත හැකිය. HBO Max හි සැලසුම් හා මිලකරණ පිළිබඳ තොරතුරු fu;ekska ලබා ගත හැකිය.
ශ්‍රී ලංකාව
Standard මාසික සැලසුම ඇමරිකානු ඩොලර් 4.99/ වසරක සැලසුම ඇමරිකානු ඩොලර් 34.99)
එකවර උපාංග 2කින් නැරඹීමේ හැකියාව
Full HD වීඩියෝ
නරඹන අතතුරු නිර්මාණ 30ක් ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව
Premium (මාසික සැලසුම ඇමරිකානු ඩොලර් 7.49/ වසරක සැලසුම ඇමරිකානු ඩොලර් 49.99)
එකවර උපාංග 4කින් නැරඹීමේ හැකියාව
4K Ultra HD වීඩියෝ
Dolby Atmos ශබ්ද රටා
නරඹන අතතුරු නිර්මාණ 100 ක් ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව (සීමාවන් අදාල වේ)
ගෝලීය වශයෙන් HBO Max ලබා ගැනීමේ සම්පූර්ණ ලැයිස්තුව දැන ගැනීමට HBO Max Help Center වෙත පිවිසෙන්න