තැන තැන රෙදි වේලපු කාලෙට තිත තියන්න, රෙදි සෝදන්න වගේම වේලන්නත් අදම Samsung Washer Dryers එකක් ගන්න

ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung නිරන්තරයෙන් සිය පාරිභෝගික අවශ්‍යතාවන් පිළිබඳ මනා අවබෝධයකින් යුතුව කටයුතු කරමින් ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමට කටයුතු කර ඇත්තේ නව්‍ය නිෂ්පාදන රැසක් හඳුන්වා දෙමිනි. සෑම විටම පාරිභෝගික පහසුව වෙනුවෙන් නවතම තාක්ෂණය උපයෝගී කර ගන්නා Samsung රෙදි සේදීමේ නව්‍ය තාක්ෂණය ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා වෙත හඳුන්වාදීමට කටයුතු කරන ලදී. ඒ  Bespoke AI Washer Dryer මෙරට වෙළෙඳපොලට හඳුන්වා දෙමිනි. රෙදි සේදීම පමණක් නොව එම රෙදි වියලීමද පහසුවෙන් කර ගැනීමේ අවස්ථාව මෙම නවතම නිෂ්පාදනය තුලින් හිමි වේ. ඒ නිසාම නාගරික මෙන්ම අඩු ඉඩකඩක් සහිත නිවසක වුවද ඕනෑම කාලගුණික තත්වයක් යටතේ කරදරයකින් තොරව රෙදි සෝදා ගැනීමට මෙන්ම වියලා ගැනීමටද මේ තුලින් අවස්ථාව උදා වේ.

මෙහි විශේෂත්වය වන්නේ මේ කාර්යයන් දෙකම එකම නිෂ්පාදනයක් තුල සිදු කිරීමේ හැකියාවයි. ඒ නිසා නිවස තුළ බොහෝ ඉඩකඩක් ඉතිරි කර ගැනීමටද හැකියාව උදා වේ. යන්ත්‍රය තුල සෝදන ලද ඇඳුම් වියලීම සඳහා මාරු කිරීමකින් තොරව යන්ත්‍රය තුලින්ම ස්වයංක්‍රීයව එම කාර්යයන් සිදු කරන බැවින් කාලය මෙන්ම මහන්සියද ඉතිරි වේ. සෑම ඉඩක්ම ඉතා වැදගත් වන නිවසකට මෙන්ම කාර්ය බහුල ගෘහණියන්ටද එකසේ වැදගත් මෙම සුවිශේෂී නිෂ්පාදනය ඔබේ ජීවිතයට සුවපහසු අත්දැකීමක් ලබා දෙනු නිසැකය.

නිවසට අසිරිය කැන්දන ආකර්ෂණීය පෙනුමකින් යුත් AI බලයෙන් ක්‍රියාත්මක මෙය විදුලිය පිරිමැස්ම හා සුවපහසුව එක් කළ මනා නිමාවකින් යුත් නිවසේ වැඩ පහසු කරන නිෂ්පාදනයක් ලෙසද පෙන්වා දිය හැකිය. කාර්ය බහුල දිවි පෙවතක් තුල ඉක්මණින් හා ඵලදායී අයුරින් වැඩ නිම කර ගැනීමේ හැකියාව උදා කර දෙමින්  වඩා යහපත් ජීවන තත්වයක් උදා කර දීමටද Bespoke AI Washer Dryer සමත් වනු නිසැකය.

Samsung හි තාක්ෂණික අනන්‍යතාවය අනුව විශිෂ්ට තාක්ෂයෙන් යුතුව නිර්මාණය කර ඇති මෙම රෙදි සේදුම් යන්ත්‍රය ඔබේ එදිනෙදා රෙදි සේදීමේ තීරණයන් වෙනසකට ලක් කරනුයේ ඔබගේ අවශ්‍යතාවය මත තීරණ ගැනීමේ අවස්ථාව උදා කරමිනි. AI EcoBubble™ තාක්ෂණය සමඟින් ඇඳුමේ ඇති කුණු, දූවිලි වඩා හොඳන් ඉවත් කරමින් ඇඳුම්ට සුපිරිසිදු බවක් හා අලුත් පෙනුමක් එක් කර ගැනීමට මේ තුලින් අවස්ථාව උදා කර දී ඇත්තේ කාලය, මහන්සිය ඉතිරි කරමිනි. ඇඳුම් සේදීමේ වාර ගණන එහි SmartThings App හි නිර්දේශයන් අනුව තීරණය කළ හැකි අතර එහි ඇති Digital Inverter තාක්ෂණය තුලින්  සෝදනු ලබන රෙදි ප්‍රමාණය මත අවශ්‍ය සේදුම් ශක්තිය යෙදවීම හේතුවෙන් විදුලිය පිරිවැය අවම වීමද, ඝෝෂාවකින් තොරව පහසුවෙන් ක්‍රියාත්මක වීමේ හැකියාවද උදා වේ.

Flat-glass නිමාව, අවම contours, සහ Black Bespoke නිමාව සමඟින් යන්ත්‍රයේ අභ්‍යන්තරය සඳහා මෙන්ම කාර්ය සාධනය සඳහාද නිර්මාණය කර ඇති මෙහි සම්පූර්ණ ප්‍රමාණය සෑම නිවසකටම මනාව ගැලපෙනු ඇත. රෙදි 12KG සේදීමේ හැකියාව සහ 7KG වියලා ගැනීමේ හැකියාව සහිත එය බෙඩ් ශීට්, සාරි සහ තිර රෙදි ඇතුලු ප්‍රමාණයෙන් විශාල සේ පවා පහසුවෙන් සෝදා ගැනීමේ හැකියාව ලබා දීම ඉමහත් පහසුවක් වනු නිසැකය. සේදීම සඳහා යොදා ගන්නා රෙදිවල බර අඩු වන විට එය කළමනාකරණය කර ගැනීමේ කාලයද අවම වන අතර එය කාර්යක්ෂමතාව ඉහළ නැංවීමද හේතු වේ.

මෙහි ඇති Air Wash විශේෂාංගය රත් වූ වාතයෙන් පමණක් යොදා ගනිමින් ඇඳුම්වල විෂබීජ 99.9% ඉවත් කිරීමට කටයුතු කරනුයේ ඇඳුම්වලට නැවුම් සුවඳක්ද එක් කරමිනි. Hygienic Steam තාක්ෂණය තුලින් ළදරු ඇඳුම් විනාඩි 20කදී සෝදා ගැනීමේ හැකියාවද මේ තුලින් ලබා දේ. මේ සියලු පහසුකම් නිසා ගෘහණියන්ට වැසි දිනවලදී හෝ නිවසේ ඉඩකඩ අවම වන විටකදී හෝ රෙදි වියලා ගැනීමට කරදර විය යුතු නැත. තවදුරටත් නිවස ඉදිරිපස රෙදි එල්ලා තැබීමට අවශ්‍ය වන්නේද නැත. AI Washer Dryer සැබෑ සුවපහසුවක් අත්කර දෙනු ඇත.

AI Washer Dryer හි ඩිජිටල් ඉන්වෙන්ටර් මෝටරය සඳහා වසර 20ක් දක්වා වගකීමක් ලබා දෙන එකම සන්නාමය වන්නේද Samsung පමණකි. මේ සුවපහසුව අත්විඳීමට කැමති පාරිභෝගිකයින් හට මෙහි WD12D මාදිලිය දැන් දිවයින පුරා සිංගර්, සිංහගිරි, දම්රෝ සහ සොෆ්ට්ලොජික් අලෙවිසැල්වලින් රු. 229,999/- මුදලකට මිලදී ගත හැකිය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *