කාපට් අතුරා සංවර්ධනය කළ වවුනියාව සින්නකුලම–ලක්ෂපාන මාර්ගය ජනතා අයිතියට…

සින්නකුලම අලගර් මාර්ගයේ පිළිසකර කිරීම් ද අරඹයි.
කාපට් අතුරා සංවර්ධනය කරන ලද වවුනියාව සින්නකුලම හා ලක්ෂපාන මාර්ගය විවෘත කිරීම සහ සින්නකුලම අලගර් මාර්ගයේ පිළිසකර කිරීමේ වැඩ ආරම්භ කිරීම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2026-02-10) සිදු කෙරිණි.

වවුනියාව සින්නකුලම හා ලක්ෂපාන ප්‍රදේශයන්ට ගමන් පහසුකම් වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් කාපට් කර ප්‍රතිසංස්කරණය කරන ලද මෙම මාර්ගයේ දිග මීටර 840ක් වන අතර, එම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 16.5ක මුදලක් වැය කර තිබේ.
එමෙන්ම වැඩ ආරම්භ කරන ලද වවුනියාව සින්නකුලම අලගර් මාර්ගය කිලෝමීටර 1.3ක දිගකින් කාපට් අතුරා සංවර්ධනය කිරීමට නියමිත අතර, එයට රුපියල් මිලියන 38.9ක මුදලක් වෙන් කර ඇතැයි ද සඳහන් වේ.
මාර්ගය විවෘත කිරීමේ අවස්ථාවට වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්‍. තිලගනාදන් මහතා සහ එම්. ජගදීස්වරන් මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ උතුරු පළාත් අධ්‍යක්ෂ ජොයිස් කෘස් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.