( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )
2026 මාර්තු මස 10 දිනය සඳහා කාලගුණ අනාවැකිය
2026 මාර්තු මස 10 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.
උතුරු පළාතේත් ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක.
සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණ තත්ත්වයක් පවතී.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
WEATHER FORECAST FOR 10 MARCH 2026
Issued at 05.30 a.m. on 10 March 2026.
A few showers are likely in Northern province and in Trincomalee and Anuradhapura districts.
Showers or thundershowers may occur at a few places in Sabaragamuwa province and in Kandy and Nuwara-Eliya districts after 2.00 pm.
Mainly dry weather will prevail elsewhere over the island.
Misty conditions can be expected at some places in Western, Central, Sabaragamuwa, Uva and North-western provinces and in Anuradhapura, Mannar, Galle and Matara districts during the early hours of the morning.
