22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

හෝමාගම ගින්න පාලනය කෙරේ – මුව ආවරණ පළඳින ලෙසට විශේෂ දැනුම්දීමක්

හෝමාගම කර්මාන්ත පුරයේ පිහිටි රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවක ඊයේ(17) රාත්‍රියේ හටගත් ගින්න මේ වන විට මැඩපවත්වා ඇත.

ගින්න නිවා දැමීමට ගිනි නිවන රථ හතක් යොදවා තිබුණු අතර ඒ අනුව කෝට්ටේ සහ හොරණ, නගර සභා ගිනි නිවන රථ සහ ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ කණ්ඩායමක් ද මේ සඳහා යොදවා තිබුණි.

ගින්නෙන් ජිවිත හානි කිසිවක් වාර්තා නොවන අතර හෝමාගම පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

එසේම හෝමාගම අවට පදිංචිකරුවන් වෙත මුව ආවරණ පළඳින ලෙසට කොළඹ ආපදා කළමනාකරණ ඒකකය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ ගින්න හේතුවෙන් මතුවිය හැකි ශ්වසන ආබාධ අවම කරගැනීම සඳහාය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz