22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

‘අග්බෝ‘ට අඛණ්ඩ ප්‍රතිකාර

ඉදිරිපස වම් පාදයට දඩයක්කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලැබූ අග්බෝ ඇතාට පසුගිය ජුනි මස 12 වැනිදා සිට ආරම්භ කල ප්‍රතිකාර කටයුතු මේ දක්වා අනුරාධපුර කලාපය භාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායම විසින් සිදු කරනු ලබයි.

එසේම අවස්ථා කීපයක දී විශේෂ පශු වෛද්‍ය කණ්ඩායම් කීපයක් ද ඊට සහාය දැක්විය.

ඒ අනුව ඊයේ(17) අග්බෝ ඇතාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ සමාලෝචනයක් සිදු කිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ වනජීවී අධ්‍යක්ෂක පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතාගේ ප්‍රධානත්වයෙන් වනජීවී පශු වෛද්‍යවරුන් කණ්ඩායමක් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරුන් පිරිසක්ද එක්ව සිටියහ.

පැය පහකට ආසන්න මෙහෙයුමක් සිදු කර ඇතාට ප්‍රතිකාර කටයුතු සිදු කිරීමට මෙම වෛද්‍ය කණ්ඩායම කටයුතු කල අතර අග්බෝ ඇතාව නිද්‍රා කිරීමෙන් අනතුරුව ඇතාගේ තුවාලය සහිත පාදය එක්ස්රේ සහ ස්කෑන් පරීක්ෂාවන් සිදු කරනු ලැබීය.

මේ සඳහා තිරප්පනය බීට්ටු වනජීවි කාර්යාලයේ නිලධාරීන් සහ කාර්ය කාර්යමණ්ඩලයේද පූර්ණ සහය ලබා දීමට කටයුතු කළහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz