22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ලංකා සතොස ටින් මාළු-මුංඇට හාල්මැස්සන් කොත්තමල්ලි මිල බස්සයි

ආනයනික ටින් මාළු, මුං ඇට, හාල් මැස්සන්, කොත්තමල්ලි සහ දේශීය ටින් මාළුවල මිල අද (19) රාත්‍රියේ සිට පහත දැමීමට ලංකා සතොස පියවර ගෙන තිබේ.
මේ අනුව ආනයනික ටින් මාළු රුපියල් 35කින් අඩු කර ඇති අතර මුං ඇට කිලෝවක මිල රුපියල් 20කින් අඩු කර තිබේ. කොත්තමල්ලි කිලෝවක මිල රුපියල් 10කින් සහ දේශීය මාළු ටින් එකක මිල රුපියල් 5කින් පහත දමා තිබේ.
දිවයින පුරා ඇති සියලු සතොස ජාලාවලින් මෙම මිල සහනය ලබාගත හැකි බවත් පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් මෙම තීරණය ගනු ලැබූ බවත් සතොස අලෙවි ප්‍රධානි සවන් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz