චීනයේ යුනාන් පළාත් ජනතා සංගමය නැගෙණහිර පළාතේ පාසල් දරුවන් සඳහා පාසල් බෑග් පරිත්‍යාගයක්

( ARM. Saheeth)

නැගෙණහිර පළාතේ පාසල් දරුවන් සඳහා පාසල් බෑග් පරිත්‍යාග කිරීමේ වැඩසටහන් ඉකුත් (6) කන්තලේ අධ්‍යාපන කලාපයෙන් ආරම්භ කරන ලදි. චීනයේ යුනාන් පළාතේ ක්‍රියාත්මක වන “විදේශ රටවල් සමඟ මිත්‍රත්වය සඳහාවූ යුනාන් පළාත් ජනතා සංගමය” විසින් නැගෙණහිර පළාත් ගරු ආණ්ඩුකාර සෙන්දීල් තොන්ඩමන් මැතිතුමන්ට මෙම පාසල් බෑග් තොගය ලබාදී ඇත.

මුල් අදියරේදී නැගෙණහිර පළාත් පාසල් දරුවන් 5000කට පාසල් බෑග් පරිත්‍යාග කිරීමට නියමිත ඇති බව උත්සවයේ ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස පැමිණි ත්‍රිකුනාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල මහතා පැවසීය