15.06.2026 Weather Forecasts – කාලගුණ අනාවැකිය – வானிலை முன்னறிவிப்பு

( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. ) 

2026 ජුනි මස 15 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 ජුනි මස 15 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

WEATHER FORECAST FOR 15 JUNE 2026
Issued at 05.30 a.m. on 15 June 2026.

Several spells of showers will occur in Western, Sabaragamuwa and North-western provinces and in Galle, Matara, Kandy and Nuwara-Eliya districts.

Showers or thundershowers may occur at a few places in Uva and Eastern provinces and in Mullaittivu district after 2.00 p.m.

Fairly strong winds about (30-40) kmph can be expected at times over Western slopes of the central hills, Northern and North-central provinces and in Hambantota and Trincomalee districts.

The general public is kindly requested to take adequate precautions to minimize damage caused by temporary localized strong winds and lightning during thundershowers.