22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

අහමදාබාද් සිට කොළඹ දක්වා සංචාරයන් තවත් පහසු කරමින් City of Dreams සමඟින් ඔබේ සිහින සංචාරය සැබෑ කරගන්න

ගුජරාටයේ සිට පැමිණෙන සංචාරකයින්ට ශ්‍රී ලංකාව දැන් ඉතා පහසුවෙන් ළඟා විය හැකි සුඛෝපභෝගී ජාත්‍යන්තර සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇත. 2026 ජූනි 19 වන දින සිට, ශ්‍රී ලංකාවේ පළමු පුද්ගලික ජාත්‍යන්තර ගුවන් සේවය වන ෆිට්ස්එයාර් (FitsAir) අහමදාබාද් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය. මෙමඟින් සංචාරකයින්ට කිසිදු අපහසුවකින් තොරව පැය 3යි මිනිත්තු 40ක් වැනි කෙටි කාලයකින් නගර දෙක අතර ගමන් කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

සිටි ඔෆ් ඩී්‍රම්ස් ශ්‍රී ලංකා (City of Dreams Sri Lanka), සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් ( Cinnamon Hotels & Resorts) සහ වෝකර්ස් ටුවර්ස් (Walkers Tours) යන ආයතන පහසුකම් සපයමින් බැඳගනිමින් ආරම්භ කළ මෙම නව ගුවන් ගමන් සේවාව, ගුජරාට් සංචාරකයින්ට ශ්‍රී ලංකාව තුළ නවතම අත්දැකීමක් විඳගැනීමට අවස්ථාව සලසා දෙයි. එමඟින් සුඛෝපභෝගී සති අන්ත නිවාඩු, පවුලේ සංචාර, විවාහ මංගල උත්සව, විනෝදාස්වාද චාරිකා, සුවතා නිවාඩු නිකේතන මෙන්ම විදේශ සංචාර සඳහා පැමිණෙන ගුජරාට් සංචාරකයින්ට සුවිශේෂී සහ වඩාත් උසස් තත්ත්වයේ සේවාවක් හිමිවනු නිසැකය.

මෙම නව ගුවන් ගමන් සේවාව ආරම්භ කිරීම පිළිබඳව අදහස් දක්වමින් Colombo Hotels at Cinnamon Hotels & Resorts හි ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ City of Dreams Sri Lanka හි සාමාන්‍යාධිකාරී කමල් මුණසිංහ මහතා පැවසුවේ “ඉන්දියානු සංචාරකයින් වර්තමානයේදී ඉතා පහසුවෙන් ළඟා විය හැකි මෙන්ම උසස්ම මට්ටමේ සුඛෝපභෝගී අත්දැකීම් ලබාගත හැකි ජාත්‍යන්තර ගමනාන්තයන් වෙත යොමු වීමට වැඩි උනන්දුවක් දක්වනවා. මෙම නව ගුවන් ගමන් මාර්ගය හේතුවෙන් ගුජරාටයේ සිට පැමිණෙන සංචාරකයින්ට අන් කවරදාටත් වඩා ඉතා පහසුවෙන් කොළඹ නගරය සහ City of Dreams Sri Lanka වෙත පැමිණිය හැකියි.” යනුවෙනි.

“අහමදාබාද් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව අප බෙහෙවින්ම සතුටට පත්වනවා. මෙම නව මාර්ගය සකස් කර තිබෙන්නේ සංචාරකයින්ට කිසිදු අපහසුවකින් තොරව ඉතා සුවපහසු ගමනක් යාමට අවස්ථාව සලසා දීමටයි. ඒවගේම, මේ හරහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක ව්‍යාපාරය සහ සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අප විශ්වාස කරනවා.” යනුවෙන් FitsAir හි අධ්‍යක්ෂ අම්මාර් කාසිම් මහතා ද මේ පිළිබඳව අදහස් දැක්වීය.

ගුවන් ගමන් කාලය අවම වීම, අතරමඟ නතර වී දිගු වේලාවක් රැඳී සිටීමට සිදු නොවීම, සුවිශේෂී සංචාරක පැකේජ සහ UPI ගෙවීම් ක්‍රමවේදය වැනි පහසුකම් වර්ධනය වීම හේතුවෙන්, ශ්‍රී ලංකාව වර්තමානයේදී ඉන්දියානු සංචාරකයින් අතර වඩාත් ආකර්ෂණීය සහ ඉතා පහසුවෙන් ළඟා විය හැකි ජාත්‍යන්තර ගමනාන්තයක් බවට පත්ව තිබේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමීප සංස්කෘතික, ඓතිහාසික සහ ආගමික සබඳතා සහිත දිගු ඉතිහාසයක් ඇත. විශේෂයෙන්ම ඓතිහාසික උරුමයන් නැරඹීමට ඇති උනන්දුව සහ රාමායණ කතා පුවත හා සබැඳි ස්ථානවලට ඇති සංචාරක ආකර්ෂණ නිසා ගුජරාටය ඇතුළු ඉන්දියානු සංචාරකයින් අතර ශ්‍රී ලංකාවට ඇති ඉල්ලු‍ම තවදුරටත් ඉහළ ගොස් ඇත. මෙම සංස්කෘතික සබඳතාවලට අමතරව, කොළඹ නගරයේ සුඛෝපභෝගී හෝටල් කාමර, සාප්පු සවාරි, සුන්දර වෙරළ තීරයන්, ප්‍රණීත ආහාර පාන මෙන්ම විනෝදාස්වාද අත්දැකීම් රාශියක් ද සංචාරකයින්ට අත්විඳිය හැකිය.

අහමදාබාද් – කොළඹ නව ගුවන් ගමන් සේවාව ගැන ඔබ දැනගත යුතු කරුණු

මෙම සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක වන්නේ අහමදාබාද් හි Sardar Vallabhbhai Patel ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතරයි. මේ හේතුවෙන් ගුවන් ගමන් සඳහා ගතවන සමස්ත කාලය සැලකිය යුතු ලෙස අඩු වන අතර, වෙනත් ගුවන් යානාවලට මාරු වෙමින් යාමට සිදුවන අපහසුතාව ද මගහරවා ගත හැකිය. මේ සඳහා ගතවන්නේ පැය 3යි මිනිත්තු 40ක වැනි කෙටි කාලයක් බැවින්, ගුජරාටයේ සිට පැමිණෙන අයෙකුට ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ළඟා විය හැකි හොඳම ජාත්‍යන්තර නිවාඩු ගමනාන්තයක් ලෙස කොළඹ නගරය පෙන්වා දිය හැකිය.

2026 ජුනි 19 සිට බලපැවැත්වෙන පරිදි, FitsAir සතියකට දින තුනක් ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි

මාර්ගයපිටත්වීමේ වේලාව (දේශීය)පැමිණීමේ වේලාව (දේශීය)
අහමදාබාද් → කොළඹ03:4006:50
අහමදාබාද් → කොළඹ10:4513:55
කොළඹ → අහමදාබාද්23:2502:35
කොළඹ → අහමදාබාද්06:3009:40

සංචාරකයින්ට තමන්ගේ නිවාඩු කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත හැකි වන අයුරින් මෙම ගුවන් ගමන් කාලසටහන සකස් කර ඇති බැවින්, කොළඹට ළඟා වූ සැනින්ම කිසිදු ප්‍රමාදයකින් තොරව සංචාරය ආරම්භ කිරීමට ඔවුන්ට අවස්ථාව ලැබේ. මෙම ගමන් සඳහා FitsAir සමාගමේ නවීන එයාර්බස් ගුවන් යානා යොදා ගන්නා අතර එමඟින් ඉතා කාර්යක්ෂම boarding පහසුකම්, සුහදශීලී ගුවන් සේවා කාර්ය මණ්ඩල සේවය සහ රසවත් කෙටි ආහාර පාන ද ඇතුළුව ඉහළම මට්ටමේ සුවපහසු ජාත්‍යන්තර ගුවන් ගමන් අත්දැකීමක් සංචාරකයින්ට හිමිවේ.

කොළඹ සහ City of Dreams කෙටි මෙන්ම සුඛෝපභෝගී සංචාරයකට කදිම තේරීමකි

අහමදාබාද් සිට පැය 3යි මිනිත්තු 40ක් වැනි කෙටි කාලයකින් ළඟා විය හැකි කොළඹ නගරය, ඉන්දියානු සංචාරකයින්ට ඉක්මන් විදේශ සංචාරයක නිරත වීමට කදිම ගමනාන්තයකි. මෙම සෘජු ගුවන් ගමන් සේවාව හේතුවෙන් තම විවාහයෙන් පසු මංගල රාත්‍රිය ගත කරන්නන්, පවුල්වලට, සුඛෝපභෝගී අත්දැකීම් සොයන්නන්, රසවත් ආහාර පාන ප්‍රිය කරන්නන් මෙන්ම කෙටි නිවාඩුවක් අපේක්ෂා කරන තරුණ සංචාරකයින් ද ශ්‍රී ලංකාව වෙත වැඩි වශයෙන් ආකර්ෂණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙයට අමතරව මහනුවර සිට දකුණු වෙරළ තීරය දක්වා මුළු දිවයිනම ආවරණය වන පරිදි Cinnamon හෝටල් ජාලය හරහා විශේෂ සංචාරක සැලසුම් ද සංචාරකයින් වෙනුවෙන් සකස් කර දී තිබේ.

මෙම සමස්ත සංචාරක අත්දැකීමේ ප්‍රධානතම ආකර්ෂණය වන්නේ අලු‍තින්ම විවෘත කරන ලද City of Dreams Sri Lanka වේ. දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සුඛෝපභෝගී සංචාරක නිකේතනය වන මෙය, සුඛෝපභෝගී නවාතැන් පහසුකම්, ප්‍රණීත ආහාර පාන, nightlife, විනෝදාස්වාදය, විවේකීව ගත කළ හැකි ස්ථාන මෙන්ම මංගල උත්සව පැවැත්වීමේ පහසුකම් ද ඇතුළු සියලු‍ම සේවාවන් එකම වහලක් යටට ගෙන එන සුවිශේෂී ගමනාන්තයකි.

මීට අමතරව, සංචාරකයින්ට කොළඹ නගරයේ පිහිටි Cinnamon Hotels & Resorts හෝටල් ජාලයට අයත් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ්, සිනමන් ලේක්සයිඩ් සහ සිනමන් රෙඩ් යන ප්‍රමුඛු පෙළේ හෝටල්වල ඇති සුවපහසු අත්දැකීම් විඳගැනීමට ද අවස්ථාව ලැබේ.

https://www.cinnamonhotels.com/cinnamon-life-city-of-dreams-sri-lanka/offers/chalo-colombo- හරහා වෙන්කරවා ගැනීම් සිදු කරගත හැකිය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz