22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

මුලතිව් දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි — සංවර්ධන වේගවත් කිරීමට නව තීරණ

රජයේ ප්‍රතිපත්ති සහ සංවර්ධන වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම අරමුණු කරගනිමින් මුලතිව් දිස්ත්‍රික් සැලසුම් කමිටුව ඊයේ (ජූලි 01) මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්විය.

මුලතිව් දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් වර්ධනය සහ දිගුකාලීන ඒකාබද්ධ සංවර්ධන සැලසුම් පිළිබඳව පුළුල් සාකච්ඡාවක් සිදු කෙරිණ.

රාජ්‍ය නිලධාරීන් සංවර්ධන ක්‍රියාවලියට සෘජුව සම්බන්ධ කරගැනීම තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය වූ අතර, මහජනතාව අතරට සංවර්ධන සැලසුම් පැහැදිලිව ගෙනයාම සහ ජාතික මට්ටමේ ව්‍යාපෘති දිස්ත්‍රික් මට්ටමින් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද විශේෂ අවධානය යොමුවිය.

මෙම අවස්ථාවේදී කෘෂිකර්ම ව්‍යාපෘති ව්‍යාප්ත කිරීම සහ මුලතිව් දිස්ත්‍රික්කය සංචාරක කලාපයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සැලසුම් කමිටුව විසින් අවධානය යොමු කරන ලදී.

මෙම රැස්වීමට මුලතිව් දිස්ත්‍රික් ලේකම් ඒ. උමාමහේෂ්වරන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටි අතර, දිස්ත්‍රික්කයේ සංවර්ධන ඉලක්ක සාර්ථකව සාක්ෂාත් කර ගැනීම සඳහා සියලු පාර්ශවයන්ගේ සක්‍රීය දායකත්වය අවශ්‍ය බවද මෙහිදී අවධාරණය විය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz