පසුගිය වසර දෙකක කාලය තුළ අත්පත් කරගත් ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කරගනිමින්, එම ආර්ථික ස්ථාවරත්වයේ ප්රතිලාභ ජනතාවට ලබාදෙන සහ රටේ ආර්ථිකය පරිවර්තනීය ලෙස සංවර්ධනය කෙරෙන මාවතකට යොමු කිරීම උදෙසා 'ආර්ථික ස්ථාවරත්වයෙන් පරිවර්තනීය යුගයකට' තේමාව යටතේ අයවැය 2027 යෝජනාවලිය අද (12) දින මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.
2027 අයවැයට අදාළව ලේඛනවල ඩිජිටල් පිටපත් මුදල් අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන https://www.treasury.gov.lk/ හරහා ලබාගත හැකිය