කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම 2026 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී සම්මාන හයක් දිනා ගැනීමට සමත් විය. විවිධ අංශ යටතේ තම විකුණුම් බලකාය දැක්වූ විශිෂ්ට දක්ෂතා, කැපවීම සහ වෘත්තීය නිපුණතාවය අගයමින් මෙම සම්මාන හිමි කර ගැනීමට Coca-Cola සමාගමට හැකි විය.

මෙම ජයග්‍රහණ අතරට ලෝකඩ සම්මාන දෙකක් සහ කුසලතා සම්මාන හතරක් ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ FMCG භාණ්ඩ සහ නවීන වෙළෙඳ ක්ෂේත්‍රයන් තුළ සමාගමේ ව්‍යාපාරික වර්ධනය ඉදිරියට ගෙන යාමටත්, වෙළඳපොළ තුළ සිය ස්ථාවරත්වය ශක්තිමත් කිරීමටත් සමාගමේ විකුණුම් කණ්ඩායම් දැක්වූ කැපවීම සහ දායකත්වය මෙමගින් මනාව පිළිබිඹු වේ.

සම්මාන ලාභීන් අතරින් කොකා-කෝලා බෙවරේජස් හි ගයාන් මින්දික සහ චාමර පෙරේරා ලෝකඩ සම්මාන දිනා ගත් අතර, අසංක ප්‍රදීප්, ඉෂාන් සලින්ද, උමේන්ද්‍ර අබේනායක සහ ඇලිස්ටෙයාර් සෙන් කුසලතා සම්මාන හිමිකර ගත්හ. විකුණුම්, විකුණුම් ක්‍රියාත්මක කිරීම, කලාපීය කළමනාකරණය සහ ජාතික විකුණුම් නායකත්වය යන ප්‍රධාන අංශ රැසක දැක්වූ විශිෂ්ටත්වය මෙම සම්මාන දිනා ගැනීමට හේතු විය.

මෙම නවතම ඇගයීම SLIM ජාතික විකුණුම් සම්මාන උළෙල සමඟ Coca-Cola සමාගමට ඇති දිගුකාලීන සබඳතාවය තවත් ශක්තිමත් කරයි. මෙරට ප්‍රබලතම ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හි විශිෂ්ටයින් සමඟ තරග කරමින්, Coca-Cola විකුණුම් වෘත්තිකයින් සෑම විටම සිය හැකියාවන් ඉහළින්ම ප්‍රදර්ශනය කර ඇත.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින්, Coca-Cola සමාගමේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් ප්‍රධානී මාරියෝ පෙරේරා මහතා සඳහන් කර සිටියේ “සෑම සාර්ථක ව්‍යාපාරයක් පිටුපසමතම කැපවීම, නොපසුබට උත්සාහය සහ පාරිභෝගිකයින් පිළිබඳ මනා අවබෝධය තුළින් අපගේ අරමුණු සැබෑ කරන කණ්ඩායමක් සිටිනවා. පාරිභෝගිකයින් සමඟ ඇති සබඳතා ශක්තිමත් කිරීමටත්, රට පුරා සිටින පාරිභෝගිකයින්ට අපගේ නිෂ්පාදන පහසුවෙන් ලබා ගැනීමට සැලැස්වීමටත් වෙහෙස නොබලා කටයුතු කරන අපගේ විකුණුම් වෘත්තිකයින්ගේ දක්ෂතාවයට සහ කැපවීම පිළිබඳව කදිම නිදසුනක් ලෙස මෙම සම්මාන සඳහන් කළ හැකියි. Coca-Cola සමාගම ලෙස අපි අපගේ සේවකයින් ඇගයීමටත්, ඔවුන් වෙනුවෙන් ආයෝජනය කිරීමටත් කටයුතු කරන අතර ඔවුන් කරන සෑම කාර්යයකදීම විශිෂ්ටත්වය ලබා දෙන අතරම, වෘත්තීයමය වශයෙන් ඉදිරියට යාමට ඔවුන්ව සවිබල ගැන්වීමට බලාපොරොත්තු වනවා. අපගේ සම්මානලාභීන් පිළිබඳව අපි ඉතා ආඩම්බර වනවා, ඒවගේම ඔවුන්ගේ වෘත්තීය ජීවිතයේ තවත් ඉහළ ජයග්‍රහණ ලබා ගන්නා ආකාරය දැකීම අපගේ බලාපොරොත්තුවයි.” යනුවෙනි.

මෙම සම්මාන, විකුණුම් ක්ෂේත්‍රයේ දක්ෂයින් බිහිකිරීමට, වෘත්තීය විශිෂ්ටත්වය පෝෂණය කිරීමට සහ සමාගමේ දිගුකාලීන වර්ධනයට දායක වන ඉහළ කාර්යසාධනයක් සහිත ශ්‍රම බලකායක් ගොඩනැගීමට කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම දක්වන අඛණ්ඩ කැපවීම තවදුරටත් තහවුරු කරයි.