සමාජ සත්කාරය වෙනුවෙන් දශකයක ගොල්ෆ් ක්‍රීඩා මෙහෙවර සමරමින් 11 වැනි Dialog Club Vision Rotary Par 3 Golf Classic තරගාවලිය පැවැත්වේ
පසුගිය වසර පහ තුළ කොළඹ මෙට්‍රොපොලිටන් රොටරි සමාජය සිය අරමුදල් රැස්කිරීමේ වැඩසටහන් හරහා සමාජ සත්කාරක ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 47කට අධික මුදලක් රැස්කර තිබේ.
කොළඹ මෙට්‍රොපොලිටන් රොටරි සමාජය (Rotary Club of Colombo Metropolitan – RCCM), ප්‍රධාන අනුග්‍රාහක Dialog Club Vision සමඟ එක්ව සංවිධානය කරන 11 වැනි Dialog Club Vision Rotary Par 3 Golf Classic ගොල්ෆ් තරගාවලිය 2026 ඔක්තෝබර් 24 වැනි සෙනසුරාදා Royal Colombo Golf Club (RCGC) හිදී පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලිය අනෙකුත් ගොල්ෆ් තරගවලින් වෙනස් වන්නේ එහි සුවිශේෂී තරග ආකෘතිය හේතුවෙනි. සාමාන්‍යයෙන් කුහර 18කින් සමන්විත ගොල්ෆ් පිටිය, මෙම තරගාවලිය සඳහා සෑම කුහරයක්ම Par 3 ලෙස ක්‍රීඩා කරන, සමස්ත Par අගය 54ක් වන පිටියක් බවට පත් කෙරේ. මෙම ආකෘතිය තුළ ක්‍රීඩකයින්ගේ ඉලක්කයට නිවැරදිව පහරදීමේ හැකියාව, පන්දුව ගමන් කරන දුර පාලනය කිරීම සහ ග්‍රීන් ප්‍රදේශය ආසන්නයේදී දක්වන දක්ෂතාව පරීක්ෂාවට ලක්වේ. එමෙන්ම සෑම කුහරයකදීම Birdie හෝ Hole-in-One අවස්ථාවක් ලබාගැනීමේ හැකියාවද ක්‍රීඩකයින්ට හිමිවේ.
තරගකාරී ක්‍රීඩා අත්දැකීමක් සමඟ අර්ථවත් සමාජ සත්කාරක කටයුතුවලට දායක වීමේ අවස්ථාවද ලබාදෙන මෙම තරගාවලිය, ගොල්ෆ් ක්‍රීඩකයින් මහත් උනන්දුවෙන් බලා සිටින වාර්ෂික ඉසව්වක් බවට පත්ව තිබේ. මෙවර තරගාවලිය පෙරවරු 7.00ට සහ පස්වරු 12.30ට ආරම්භ වන සැසි දෙකක් යටතේ පැවැත්වේ.
වසර ගණනාවක් පුරා Rotary Par 3 Golf Classic තරගාවලිය, RCCM හි ප්‍රධාන අරමුදල් රැස්කිරීමේ වැඩසටහනක් බවට පත්ව ඇති අතර, එමඟින් ශ්‍රී ලංකාව පුරා ජනතාවගේ ජීවිතවලට සැබෑ වෙනසක් ඇතිකරන සමාජ සත්කාරක ව්‍යාපෘති රැසකට දායකත්වය ලබාදී තිබේ.
ළමුන් සඳහා හෘද සැත්කම් සිදුකිරීම, රෝහල්වලට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීම, ආබාධ සහිත දරුවන් වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, අධ්‍යාපනික සහාය ලබාදීම සහ ප්‍රජා සුබසාධන ව්‍යාපෘති ඒ අතර වේ.
මෙම වැඩසටහන්වලින් ඇතිකර තිබෙන යහපත් බලපෑම පිළිබඳව අදහස් දක්වමින් කොළඹ මෙට්‍රොපොලිටන් රොටරි සමාජයේ සභාපති ජොවිනි මචාඩෝ (Joevinie Machado) මෙසේ පැවසීය.
“Rotary Par 3 Classic තරගාවලියේ 11 වැනි අදියර සමරන මේ මොහොතේ, මෙය හුදෙක් ගොල්ෆ් තරගාවලියකට වඩා බොහෝ දුර ගිය වැඩසටහනක් බව අපට සිහිපත් වෙනවා. පුද්ගලයින්, ව්‍යාපාර සහ ප්‍රජාවන් එකම අරමුණක් වෙනුවෙන් එක්වූ විට කොතරම් විශාල වෙනසක් ඇතිකළ හැකිද යන්නට මෙය කදිම උදාහරණයක්.
මෙම තරගාවලියෙන් රැස්කළ අරමුදල් හරහා දරුවන්ගේ ජීවිත බේරාගැනීමට උපකාරී වන සෞඛ්‍ය සේවාවන්ට සහාය ලබාදීමටත්, තවත් සමාජ සත්කාරක ව්‍යාපෘති රැසක් අඛණ්ඩව පවත්වාගෙන යාමටත් අපට හැකිවී තිබෙනවා.
මෙම වැඩසටහනට අඛණ්ඩව සහාය ලබාදෙන Dialog Club Vision, Royal Colombo Golf Club, අපගේ ආයතනික හවුල්කරුවන් සහ ගොල්ෆ් ක්‍රීඩකයින්ට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඔවුන්ගේ නොමසුරු දායකත්වය නිසා ක්‍රීඩාවෙන් සහ සුහදත්වයෙන් පිරුණු එක් දිනයක්, ජනතාවගේ ජීවිතවල දිගුකාලීන යහපත් වෙනසක් ඇතිකරන අවස්ථාවක් බවට පත්කිරීමට අපට හැකිවී තිබෙනවා.”
දරුවන්ගේ සෞඛ්‍යය නංවාලීම RCCM හි සමාජ සත්කාරක වැඩසටහන් අතර ප්රමුඛ ස්ථානයක් ගනී. මෑතකදී ක්‍රියාත්මක කළ වැඩසටහන් යටතේ, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල සඳහා රුපියල් මිලියන 3.5ක් වටිනා ළමා අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමට සමාජය සහාය ලබාදී තිබේ. එමෙන්ම දරුවන්ගේ ශ්වසන මාර්ග කළමනාකරණයේදී වෛද්‍ය කණ්ඩායම්වලට සහාය
වීම සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට රැගෙන යා හැකි, නැවත භාවිත කළ හැකි වීඩියෝ ලැරින්ගොස්කෝප් (Video Laryngoscope) උපකරණයක්ද පරිත්‍යාග කර තිබේ.
මීට අමතරව, රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර සහ විශේෂ අධීක්ෂණ ඒකකවල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 27.6ක දායකත්වයක් ලබාදී තිබේ. රෝගීන්ගේ තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කිරීම සඳහා නවීන උපකරණ, රෝගීන් ප්‍රවාහනය කිරීමේදී භාවිත වන අධීක්ෂණ මොඩියුල, රුධිරයේ නොව ප්‍රශ්වාස වාතයේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම නිරීක්ෂණය කරන Capnography උපකරණ සහ අනෙකුත් විශේෂිත උපාංග ලබාගැනීම සඳහා මෙම මුදල් යොදාගෙන ඇත. බරපතළ රෝගී තත්ත්වයන්ට මුහුණ දෙන ළදරුවන් සහ දරුවන් නිරීක්ෂණය කිරීමේ හා රැකබලා ගැනීමේ රෝහලේ හැකියාව ශක්තිමත් කිරීම මෙහි අරමුණයි.
RCCM විසින් ක්‍රියාත්මක කරන Two Hearts Children's Heart Surgery Project වැඩසටහන හරහාද ආර්ථික අපහසුතා ඇති පවුල්වල දරුවන්ට ජීවිතාරක්ෂක හෘද සැත්කම් ලබාගැනීමේ අවස්ථා පුළුල් කිරීමට කටයුතු කරයි. හෘදයේ ඉහළ හෝ පහළ කුටීර අතර බිත්තියේ සිදුරු පවතින තත්ත්වයන් (Atrial and Ventricular Septal Defects) හඳුනාගෙන ඇති දරුවන් වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. රුපියල් මිලියන 15ක අරමුදල් සහාය ඇතිව, අදාළ සෞඛ්‍ය බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් තෝරාගත් පෞද්ගලික රෝහල්වල සැත්කම් සිදුකිරීමට පහසුකම් සැලසීම හරහා දරුවන්ට සැත්කම් සඳහා බලා සිටීමට සිදුවන කාලය අඩුකිරීම මෙහි අරමුණයි.
සෞඛ්‍ය ක්ෂේත්රයට අමතරව, ආබාධ සහිත දරුවන් වෙනුවෙන් වාර්ෂිකව පවත්වන Sunshine Games, අධ්‍යාපනික ආධාර සහ අවදානමට ලක්විය හැකි දරුවන් වෙනුවෙන් ආහාර ලබාදීමේ වැඩසටහන් ඇතුළු සමාජ සත්කාරක ව්‍යාපෘති රැසකටද RCCM අඛණ්ඩව සහාය ලබාදෙයි. මෙම වැඩසටහන් මඟින් අවස්ථා සීමිත ප්රජාවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට සහ ඔවුන්ට නව අවස්ථා උදාකරදීමට සමාජය දක්වන කැපවීම පිළිබිඹු වේ.
තරගාවලිය වසර ගණනාවක් පුරා පවත්වාගෙන යාම තුළින් ක්‍රීඩාවට සමාජය තුළ ඇතිකළ හැකි පුළුල් බලපෑම මනාව පෙන්නුම් කරන බව Dialog Axiata හි සමූහ පාරිභෝගික අත්දැකීම් ප්‍රධානී අයෝමාල් ගුණසේකර මහතා පැවසීය.
“11 වැනි වරටත් පැවැත්වෙන Rotary Par 3 Golf Classic තරගාවලියට සහ කොළඹ මෙට්‍රොපොලිටන් රොටරි සමාජයට සහාය ලබාදීමට හැකිවීම Dialog Club Vision ආයතනයට මහත් ආඩම්බරයක්.
පසුගිය වසර නවය පුරා මෙම වැඩසටහනට සහාය ලබාදෙමින්, අඛණ්ඩව දෙවැනි වරටත් ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එක්ව සිටින අපට, ශක්තිමත් හවුල්කාරිත්වයන් තුළින් ශ්‍රී ලංකාව පුරා ප්‍රජාවන්ට ඇතිකළ හැකි දිගුකාලීන යහපත් බලපෑම දැකගැනීමට හැකිවී තිබෙනවා.
මෙම තරගාවලියේ සැබෑ විශේෂත්වය වන්නේ පොදු අරමුණක් වෙනුවෙන් ආයතන සහ පුද්ගලයින් එක්කරමින්, ක්‍රීඩා ඉසව්වක් අර්ථවත් සමාජ මෙහෙවරක් සඳහා වේදිකාවක් බවට පත්කිරීමයි.
සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමේ අවස්ථා පුළුල් කිරීමටත්, දරුවන්ට සහ පවුල්වලට වඩාත් යහපත් අනාගතයක් උදාකරදීමටත් දායක වන මෙවැනි වැඩසටහන්වලට අඛණ්ඩව සහාය ලබාදීමට ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා.”
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ආයෝජන සමාගමක් වන Asia Securities මෙවර තරගාවලියේ ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස එක්ව සිටී.
RCCM සමඟ අඛණ්ඩව හයවැනි වරටත් මෙම තරගාවලිය සඳහා එක්වීම පිළිබඳව අදහස් දක්වමින් Asia Securities හි විධායක අධ්යක්ෂ අවන්කා හේරත් (Avancka Herat) මෙසේ පැවසීය.
“Rotary Par 3 Classic 2026 තරගාවලිය සමඟ අපගේ හවුල්කාරිත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා. මෙම වැඩසටහනට වසරින් වසර සහාය ලබාදීමට අප පෙළඹෙන්නේ, ‘Rotary for Little Hearts’ වැඩසටහනට එයින් ලැබෙන දායකත්වය අපගේ ආයතනයේ දැක්ම සමඟ මනාව
ගැළපෙන නිසයි. අපගේ ව්‍යාපාරික සීමාවන්ගෙන් ඔබ්බට ගොස් යහපත් බලපෑමක් ඇතිකිරීම සහ අප ලබාගන්නා සාර්ථකත්වයේ ප්රතිලාභ පුළුල් සමාජය සමඟ බෙදාගැනීම එම දැක්මේ මූලික අංගයන් වෙනවා.”
Asia Securities ආයතනය, ආයතනික ආයෝජකයින්, ඉහළ වත්කම් සහිත ගනුදෙනුකරුවන් සහ සාමාන්‍ය ආයෝජකයින් ඇතුළු පුළුල් පාරිභෝගික පිරිසකට වත්කම් කළමනාකරණ, කොටස් වෙළෙඳපොළ ආයෝජන සහ ආයෝජන බැංකු සේවා සපයයි. එම සමාගම අඛණ්ඩව සිව්වැනි වරටත් ශ්‍රී ලංකාවේ අංක එකේ කොටස් තැරැව්කාර සමාගම ලෙස පිළිගැනීමට ලක්ව තිබේ.
මෙම වාර්ෂික ක්‍රීඩා හා අරමුදල් රැස්කිරීමේ වැඩසටහන සාර්ථකව පවත්වාගෙන යාම සඳහා Royal Colombo Golf Club ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස දායක වන අතර, තරගාවලිය පැවැත්වීමට අවශ්‍ය ක්‍රීඩාංගණ පහසුකම්ද සපයයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් Royal Colombo Golf Club හි නායක මහේල ජයවර්ධන මහතා මෙසේ පැවසීය.
“අඛණ්ඩව 11 වැනි වරටත් RCCM සමඟ හවුල්කරුවෙකු ලෙස කටයුතු කිරීමට ලැබීම RCGC ආයතනයට ගෞරවයක්. දිවයින පුරා සමාජයට යහපත් බලපෑමක් ඇතිකරන වැඩසටහන්වලට දායක වන අතරම, අපගේ ප්‍රදේශීය ප්‍රජාවන්ට සහාය වීමටත්, අපගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය ඉහළ නැංවීමටත් අපි දැඩි කැපවීමකින් කටයුතු කරනවා. ඔවුන්ගේ දරුවන්ට පාසල් පොත්පත් ලබාදීමද එවැනි වැඩසටහන් අතරට ඇතුළත් වෙනවා.”
අඛණ්ඩව දෙවැනි වසරටත් තරගාවලියේ රන් අනුග්‍රාහකයා ලෙස එක්වන ලංකා බැංකුවද ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් සිය කැපවීම යළි තහවුරු කර තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරී සමීර ලියනගේ මහතා මෙසේ පැවසීය.
“ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ප්‍රබල දායකත්වයක් ලබාදෙන ආයතනයක් ලෙස, අපගේ වගකීම බැංකු සේවා සැපයීමට පමණක් සීමා නොවන බව ලංකා බැංකුව විශ්වාස කරනවා.
අපගේ ‘Beyond Banking’ දැක්ම යටතේ සෞඛ්‍ය, අධ්‍යාපන, ක්‍රීඩා සහ සංස්කෘතික ක්ෂේත්රවල ජනතාවගේ ජීවිත වඩාත් යහපත් කරන සහ ප්‍රජාවන් ශක්තිමත් කරන වැඩසටහන්වලට අපි සහාය ලබාදෙනවා.
Dialog Club Vision Rotary Par 3 Golf Classic තරගාවලිය සමඟ අපගේ හවුල්කාරිත්වයද එම කැපවීමේ තවත් පිළිබිඹුවක්. විශේෂයෙන්ම දරුවන්ගේ සෞඛ්‍යය නංවාලීම සහ ජීවිතාරක්ෂක ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථා පුළුල් කිරීම සඳහා මෙයින් ලැබෙන දායකත්වය ඉතා වැදගත්.
අපගේ දරුවන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම වෙනුවෙන් කරන ආයෝජනයක් යනු අපේ රටේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් බව අපි විශ්වාස කරනවා.”
මෙම තරගාවලිය සඳහා Technomedics, AppiGo සහ Würth ආයතනද සහාය ලබාදෙන අතර, ප්‍රධාන හවුල්කරුවන් සහ තරගාවලියට සහභාගී වන ගොල්ෆ් ක්‍රීඩකයින් සමඟ එක්ව ඔවුන් ලබාදෙන දායකත්වය මෙම වාර්ෂික අරමුදල් රැස්කිරීමේ වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාමට මහත් ශක්තියක් වී තිබේ.
Rotary Par 3 Golf Classic තරගාවලිය සිය 11 වැනි අදියරට පිවිසෙන මේ මොහොතේ, එහි මෙතෙක් ගොඩනැගුණු සාර්ථකත්වය තවදුරටත් ඉදිරියට ගෙන යමින්, හවුල්කාරිත්වයන් ශක්තිමත් කරමින් සහ ක්‍රීඩාවේ ජවය ශ්‍රී ලංකාව පුරා දරුවන්ට හා ප්‍රජාවන්ට අර්ථවත් සහායක් ලබාදෙන මෙහෙවරක් බවට පත්කරමින් ඉදිරියට යාම RCCM හි අපේක්ෂාවයි.


