- හැටන් නැෂනල් බැංකුව 2025 Euromoney, විශිෂ්ටතා සම්මාන උළෙලේදී (Euromoney Awards for Excellence 2025) ශ්‍රී ලංකාවේ විශාල සමාගම් සඳහා හොඳම බැංකුව ලෙස පිළිගැනීමට ලක්වූ අතර මෙම සම්මානය රටේ විශාලතම සමාගම් සහ ආයතන සඳහා විශ්වාසදායක බැංකු සහකරුවෙකු ලෙස HNB හි ස්ථානය නැවත තහවුරු කරයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ “මෙම සම්මානය මගින් අප ගොඩනඟා ඇති හවුල්කාරිත්වයන්හි ශක්තිය සහ ශ්‍රී ලංකාවේ ආයතනික ක්ෂේත්රයට අප සහයෝගය දක්වන ආකාරය පිළිබඳව බැංකුවට පැහැදිලි ඉලක්කයක් සහ අවධානයක් ඇති බව පෙන්නුම් කරනවා. පසුගිය වසර පුරාවට අපි ස්ථාවර වර්ධනයක් අත්කර ගැනීම, සේවාදායකයින් සමඟ සමීප සබඳතා ගොඩනඟා ගැනීම සහ අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත කිරීම කෙරෙහි අවධානය යොමු කළ අතරම අවදානම් ප්‍රවේශමෙන් කළමනාකරණය කරනු ලැබුවා. මෙම සමබරතාවය අපට සාර්ථකව ඉදිරියට යාමට විශ්වාසය ලබා දුන්නා.” යනුවෙන් ඔහු සඳහන් කළේය.
2024 දී HNB හි ආයතනික බැංකු අංශයේ මුළු ණය සැලකිය යුතු ලෙස වර්ධනය විය. ඒ සමඟින් වත්කම්වල ගුණාත්මකභාවය වැඩිදියුණු වූ අතර Stage 3 ප්‍රතිපාදන ආවරණය සඳහා වැඩි මුදලක් වෙන් කළේය. තවද මෙම අංශය වසර දහයකට පසු එහි ඉහළම CASA වර්ධනය ද වාර්තා කළේය.
ෆිච් රේටින්ග්ස් ලංකා විසින් HNB හි ජාතික දිගු කාලින ශ්‍රේණිගත කිරීම AA- (lka) ක් ලෙස ඉහළ දමා ඇත. තවද බැංකුවේ ගෝලීය ස්ථාවරත්වය සහ මූල්‍යමය ශක්තිය පිළිබිඹු කරමින් එක්සත් රාජධානියේ කීර්තිමත් ද බෑන්කර් සඟරාව විසින් ‘ලෝකයේ හොඳම බැංකු 1000’ අතරට ද HNB ශ්‍රේණිගත කර ඇත. මීට අමතරව පාරිභෝගික බැංකුකරණය තුළ සිය ස්ථානය අඛණ්ඩව තහවුරු කරමින් “ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව” ලෙස ඒෂියන් බෑන්කර් සඟරාව විසින් 15 වැනි වරටත් HNB ගෝලීය වශයෙන් ඇගයීමට ලක් කර තිබේ.
තවද ඉන්දියානු වාණිජ මණ්ඩලය Indian Chamber of Commerce (ICC) විසින් තුන්වන වරටත් සංවිධානය කරන ලද ආසියානු බැංකු සම්මේලනයේ සම්මාන උළෙලේදී (Emerging Asia Banking Conclave and Awards) HNB ‘ලාභදායිතාවයේ හොඳම කාර්ය සාධනය’ උදෙසා ඇගයීමට ලක් විය.