විදේශ විනිමය ගනුදෙනු සහ පිටතට ගලායාම නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා මහ
බැංකුව විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග සිය සංසදය පිළිගන්නා බව මෙරට ඇඟලූම්
නිෂ්පාදන සහ අපනයන ක්ෂේත්රය නියෝජනය කරනු ලබන ප්‍රධානතම ආයතනය වන
ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) පවසා සිටී.
මේ පිළිබඳව අදහස් දක්වමින් JAAF පැවසුවේ ‘’අපගේ රට මේ වන විට මුහුණ දී සිටින
දැඩි අර්බුදකාරී තත්ත්වය පිළිබඳව අපගේ සාමාජිකයින් දැඩි විමසිල්ලෙන් සිටිනවා.
අපනයන ඉපැයීම් රට වෙත ගෙන්වා ගැනීම සහතික කරමින් අපගේ සාමාජික සමාගම්
නීතියට අනුකූලව කටයුතු කර ඇති බව අපට විශ්වාසයි. ජනතාව මුහුණ දෙන වත්මන්
ආර්ථික දුෂ්කරතාවලට සහනයක් දීමට අප කැපවී සිටිනවා.’’
‘‘අපගේ සාමාජික සමාගම් දැනට පවතින රෙගුලාසි වලට අනුකූලව කටයුතු කරනු ඇති
අතර මෙම අභියෝගාත්මක තත්වයන් යටතේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට
දායකත්වය ලබා දෙන සියලූම පාර්ශවකරුවන්ට අත්‍යවශ්‍ය සහාය ලබා දීම සඳහා මහ
බැංකුව සහ රජය විසින් ගනු ලබන සියලූ ප්රයත්නයන්ට අඛණ්ඩ සහයෝගය ලබා දීමට
කටයුතු කරනවා.’’ යනුවෙන් JAAF අවධාරණය කළේය.
ඇඟළුම් යනු ශ්‍රී ලංකාවේ තනි විශාලතම විදේශ විනිමය උපයනු ලබන අංශය වන
අතර එය රටේ දළ දේශීය නිෂ්පාදිතයට 6% ක දායකත්වයක් සපයනු ලබයි. එම අංශය
සේවකයින් 350,000 කට පමණ ස්ථිර රැකියා අවස්ථා සහ තවත් 700,000 කගේ
ජීවනෝපාය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීමට සමත්ව තිබේ.
ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය යනු ලෝකයේ අංක එකේ ඇඟලූම් සපයනු ලබන
ගමනාන්තය බවට ශ්‍රී ලංකාවේ ඇඟළුම් පත් කරවීමේ අවසාන ඉලක්කය කරා
මෙහෙයවනු ලබන ඉහළම ආයතනයයි. සැපයුම් දාම හවුල්කරුවන්, අපනයන අරමුණු
කරගත් ඇඟලූම් නිෂ්පාදකයින්, මිලදී ගැනීමේ මධ්‍යස්ථාන සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර
වෙළඳ නාමවල නියෝජිතයින් ආදිය ආවරණය කරනු ලබන සංගම් 5 ක් JAAF
නියෝජනය කරනු ලබයි.
අදාළ පුවත්
“2026 සැප්තැම්බර් මෙරට ඇඟලුම් අපනයනය ඉහළ ගියද ගෙවුණු මාස 9 තුළ සිදු වූ පහළ බැසීම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි”
AkzoNobel Sri Lanka සමාගමේ ‘පින්තාරු ප්රණාම’ තුළින් Dulux පින්තාරු ශිල්පීන්ට උපහාර
City of Dreams Sri Lanka හි NÜWA 2026 SATA සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ අංක 1 නව බලශක්ති වාහන සන්නාමය වන BYD මහනුවර ප්‍රදර්ශනාගාරය වාහන බෙදා හැරීම් සහ සේවා වාර 1000ක් සම්පූර්ණ කරයි