22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධව සාකච්ඡා කිරීම ජුනි මස 14,15,16 යන තෙදින පුරාඅධිකරණ අමාත්‍යාංශයේදී.

ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධව උනන්දුවක් දක්වන ඔබගේ/ ඔබ ආයතනයේ/ සංවිධානයේ  නිර්දේශ/ අදහස් හා යෝජනා පිළිබදව 2023 ජුනි මස 14,15,16 යන තෙදින තුළ සාකච්ඡා කිරීම සදහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා තීරණය කර තිබේ.

ඒ අනුව මෙම පනත් කෙටුම්පතට ඔබගේ /ඔබ ආයතනයේ/ සංවිධානයේ අදහස් යෝජනා ලබා ගැනීම සදහා අධිකරණ අමාත්‍යතුමා හා නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට වේලාවක් වෙන් කිරීමට අවශ්‍යව ඇති බැවින් ඔබගේ සහභාගිත්වය පිළිබදව 2023 ජුනි මස 12 වන දිනට පෙර පහත සදහන් කර ඇති විද්‍යුත් ලිපිනයට හෝ ෆැක්ස් අංකයට දන්වා එවන මෙන් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

දැනට ශ්‍රී ලංකාවේ බල පැවැත්වෙන 1979 අංක 48 කරණ ත්‍රස්තවාදය වැළැත්වීමේ ( තාවකාලික විධි විධාන) පනතේ හිදැස් හදුනා ගනිමින් නව නීතියක් කෙටුම්පත් කිරීමට ලද කැබිනට් අනුමැතිය මත අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පත් කළ විද්වත් කමිටුවක් මගින් ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කර ඇත.

එම පනත් කෙටුම්පත 2023 මාර්තු 17 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඇත. documents.gov.lk වෙබ් අඩවියේ ප්‍රකාශනයන් යටතේ අදාළ පනත් කෙටුම්පත භාෂා ත්‍රිත්වයෙන් භාගත කර ගත හැක.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz