22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියගේප්‍රකාශය අප පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

උතුරු නැගෙනහිරට එල්.ටී.ටී.ඊ. පාලනයක් අවශ්‍ය බව සඳහන් කරමින් විජය කලා මහේෂ්වරන් ඇමතිවරිය පසුගියදා කර තිබෙන පිළිකුල් සහගත ප්‍රකාශය ජාතික හෙළ උරුමය ලෙස  පිළිකුලෙන් යුතුවම හෙළා දකිමු. මිනීමරු ඒකාධිපතිවාදී කොටි සංවිධාකයට අත් වූ පරාජය අප රටට පමණක් නොව සාමය අගයන සමස්ත ලෝකයටම මහත් අස්වැසිල්ලක් විය.

වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඒකාධිපතිවාදයේ යකඩ සපත්තුවට පෑගී පීඩා වින්ද දෙමළ ජනතාව නැවතත් එවැනි ඉරණමක් බලාපොරොත්තු වන්නේ යැයි සිතිය හැක්කේ විජයකලා ඇමතිවරිය වැනි බංකොළොත් දේශපාලන අදහස් දරන අයට පමණි.

විජයකලා ඇමතිවරිය පමණක් නොව මෙවැනි අදහස් දරන සියලු දෙනාටම ඉතිහාසයේ කුණු බක්කිය ඉක්මනින්ම උරුම වන බව අවධාරණ කිරීමට අපි මෙය අවස්ථාවක් කර ගනිමු.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz