ඔස්ට්‍රේලියා රැකියා සිහින පෙන්වා රුපියල් කෝටියක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

ඔස්ට්‍රේලියා රැකියා ලබාදෙන බව පවසා දිවයින පුරා විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචාකළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පනාගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණ තොරතුරු මත ඔස්ට්‍රෙලියානු රැකියා ලබාදෙන පවසමින් මුදල් එක් රැස් කළ මෙම කාන්තාව  බත්තරමුල්ල සුහුරුපායේ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය අසලදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම සැකකාරිය රු.2,250,000 ක මුදලක් හා ගමන් බලපත්‍ර ලබා ගනිමින් සිට ඇත.

මේ පිළිබදව වැඩිදුර විමර්ශනය කිරීමේදී මෙම කාන්තාව දිවයින පුරා විවිධ පුද්ගලයින්ගෙන් රු.9,800,000කට  ආසන්න මුදලක් වංචාකර ඇති බව හෙළිවිය. මෙම සැකකාරිය මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි මස 24 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරිණි.

මෙම වංචාවට හසුවූ තවත් අය මේ වන විට කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි කරමින් පවතී.

නීති විරෝධී ලෙස විදේශ රැකියා ලබාදීම සදහා මුදල් ලබාගන්නා ජාවාම්කරුවන්ට විරුද්ධව දැඩි පියවර ගන්නා බවත් මෙවැනි වංචාකරුවන්ට හසු නොවන ලෙසත් විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

මෙවැනි ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන ඒකකයට තොරතුරු ලබාදෙන ලෙස නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්කාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම වැටලීම සදහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) කීර්ති මුතුකුමාරණ මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකරු ප්‍රධාන පොලිස් පරික්ෂක සී.ජී.වෙලගෙදර, පොලිස් පරික්ෂක එම්.ඒ.එස්.ජේ.අබේධීර, උප පොලිස් පරික්ෂක එච්.එච්.ලියනගේ, මාණ්ඩලික සහකාර අසංකි හුලුගල්ල, පොදු සහකාර අමිල පෙරේරා යන නිළධාරීන් එක්වූහ.

මේ සදහා අවශ්‍ය ප්‍රචාරය ලබාදෙන්නේ නම් මැනවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *