22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

SLT-MOBITEL, අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය, පොල්ලෙබැද්ද ආදිවාසීග්‍රාමයේ COVID-19 නිසා පීඩාවට පත් ජනතාවට සහන සලසයි

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම
දුරකථන ජාලය වන SLT-MOBITEL, COVID-19 සංචරණ සීමාවන් නිසා
පීඩාවට පත් අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය ලේකම්
කාර්යාලයට අයත්, පොල්ලෙබැද්ද ග්‍රාම නිලධාරී වසම තුළ ජිවත් වන
ආදිවාසී ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමට පසුගියදා කටයුතු
කළේය.
ඒ අනුව, තම එදිනෙදා මූලික අවශ්‍යතා පවා සපුරාගත නොහැකිව දුෂ්කර
තත්ත්වයකට පත්වී සිටි පවුල් 285 කට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත්
සහන මලු බෙදාදීම සිදුකරන ලදි. මේ සදහා අම්පාර දිස්ත්‍රික් ලේකම්
කාර්යාලය සහ මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතන
වල සහයෝගය හිමි වූ අතර අම්පාර දිස්ත්‍රික් ලේකම් ඩී. එම්. එල්.
බණ්ඩාරනායක මහතා සහ මහඔය අතිරේක ප්‍රාදේශීය ලේකම්වරයා
මෙම අවස්ථාවට සහභාගී වුහ.
මීට අමතරව, COVID-19 හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම
සඳහා ‘දාන පාරමිතා’ නමින් විශේෂ වැඩසටහනක් දියත් කිරීමටද SLT-
MOBITEL කටයුතු කළේ ය. ‘YES’ ලෙස ටයිප් කර 255 අංකයට SMS
යොමුකිරීම මගින් SLT-MOBITEL පෙරගෙවුම් හා පසුගෙවුම්
පාරිභෝගිකයන්ට මේ සඳහා මුදල් පරිත්‍යාග කළ හැකි වේ. මෙම සෑම
SMS පණිවිඩයක් සඳහාම රු. 50 ක මුදලක් අය කෙරෙන අතර, එලෙස
එක්රැස් වන මුදලට සමාන මුදලක් පරිත්‍යාග කරමින් අරමුදල දෙගුණ
කිරීමට SLT-MOBITEL කටයුතු කරයි. මෙම මුදල් මෙරට විපතට පත්
ජනතාව වෙත වියළි සලාක, සෞඛ්‍ය උපාංග සහ සහන මලු ආදිය බෙදාදීම
සඳහා භාවිතා කෙරේ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz