mCash නියෝජිත ජාලය භාවිත කරමින් රට පුරා HNB ඉතුරු ඉතුරු නියෝජිතායතන
බැංකු සේවා දියත් කිරීම සඳහා HNB සහ SLTMobitel අත්වැල් බැඳගනී

ශ‍්‍රී ලංකාවේ බැංකු සහ විදුලි සංදේශ යන ක්ෂේත‍්‍රවල දැවැන්තයින් දෙදෙනෙකු වන
HNB සහ SLTMobitel නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ප‍්‍රථම වරට HNB
පාරිභෝගිකයින්ට තෝරා ගනු ලබන Mobitel mCash නියෝජිතයන් හරහා තම ඉතුරුම්
ගිණුම්වලට මුදල් තැන්පත් කිරීමට හැකිවන පරිදි ‘‘HNB ඉතුරු ඉතුරු’’ නියෝජිතායතන
බැංකු සේවා දියත් කිරීම උදෙසා අත්වැල් බැඳ ගනී.
දිවයින පුරා ඉතිරි කිරීමේ පුරුද්ද ප‍්‍රචලිත කිරීමේ අරමුණ පෙරදැරිව HNB විසින්
නියෝජිතායතන බැංකු සේවා පහසුකම හඳුන්වා දෙනු ලැබේ.
ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නිරන්තර අධීක්ෂණය යටතේ ක‍්‍රියා කරමින් HNB සහ SLTMobitel
අතර ඇති කරගත් මෙම නව හවුල්කාරීත්වය විශේෂයෙන්ම දුෂ්කර ග‍්‍රාමීය ප‍්‍රදේශවල
වෙසෙන සෑම ශ‍්‍රී ලාංකිකයකු සඳහාම සමාන ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි
අපේක්ෂා කෙරෙයි.
මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB ප‍්‍රධාන මෙහෙයුම්
නිළධාරී/විධායක අධ්‍යක්ෂ, දිල්ශාන් රොද්‍රිගෝ මහතා පැවසුවේ ”සියලූම ශ‍්‍රී
ලාංකිකයන්ට මූල්‍ය සේවා වෙත පහසුවෙන් ප‍්‍රවේශ වීම පුළුල් කිරීමේ නව්‍ය ක‍්‍රම
අඛණ්ඩව ලබා දීම සඳහා Mobitel සමඟ හවුල්වීමට ලැබීම ගැන අප සතුටු වෙනවා.
සාම්ප‍්‍රදායික සහ ඩිජිටල් බැංකුකරණය තවදුරටත් දියුණු කිරීමට අප විශාල වශයෙන්
ආයෝජනය කරමින් සිටින අතර Mobitel හි පුළුල් mCash ජාලය හා සම්බන්ධ වීමෙන්
එය තවදුරටත් පුළුල් කිරීමට හැකියාව ලැබෙනවා. මෙයින් අදහස් කරන්නේ අත්‍යාවශ්‍ය
මූල්‍ය සේවා සඳහා වඩා හොඳ ප‍්‍රවේශයක් ලබා දීම සහ විශේෂයෙන්ම දුෂ්කර ග‍්‍රාමීය
ප‍්‍රදේශවල හා දීප ව්‍යාප්ත පාරිභෝගිකයින්ට පහසුවෙන් තම බැංකු කටයුතු සලසා
ගැනීමට අවස්ථාවක් ලබා දීමටයි.” යනුවෙනි.
”කෙන්යාව වැනි අප‍්‍රිකානු වෙළෙඳපොලවල කැපී පෙනෙන දියුණුවක් අත්පත් කර ගැනීම
සඳහා මෙයට සමාන ආකෘතීන් භාවිතා කර තිබෙන අතර එහිදී ආසන්න වශයෙන්
ඇමරිකානු ඩොලර් බිලියන 7.27 ක ගනුදෙනු බැංකු නියෝජිතයින් හරහා සිදු කර
තිබෙනවා. උගන්ඩාව, ටැන්සානියාව සහ මැලේසියාව යන රටවල් ද වර්තමානය වන විට
මෙම ක‍්‍රමය සඳහා මුලපුරා තිබෙනවා. අපගේ මෙම නියෝජිතායතන බැංකු සේවා දියත්
කිරීම මගින්භඊ හි ඉදිරි ගමන සඳහා මූල්‍ය සේවා වෙත ප‍්‍රවේශ වීමට ඇති බාධක
බිඳ දැමීම සම්බන්ධයෙන් පරිවර්තනීය බලපෑමක් ඇති කරනු ඇතැයි අපට විශ්වාසයි.”
යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
මොබිටෙල් සමඟ HNB ආරම්භ කරන ලද මෙම හවුල්කාරීත්වය බැංකුවේ පුළුල් උපාය
මාර්ගයක කොටසක් වන අතර එය ශ‍්‍රී ලංකාවේ බැංකු සේවා ක්ෂේත‍්‍රය තුළ නව
ආදර්ශයක් නිර්මාණය කිරීමට හැකි විය. මෙහිදී බැංකු සේවාවන් සිය ශාඛාවලින්
පිටතට ගෙන යමින් සහ බැංකු සේවාවන් සෘජුවම ගනුදෙනුකරුවන් වෙත ගෙන යමින්
දිගුකාලීන අර්ථවත් බැඳීමක් ඇති කර ගැනීම මෙහි අරමුණ බව ඩිල්ශාන් රොද්‍රිගෝ
මහතා පැවසීය.
”ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) විසඳුම් සපයන්නා ලෙස SLT-MOBITEL
ඩිජිටල් පරතරය අවම කිරීම යන ජාතියේ දැක්ම සාක්ෂාත් කරගැනීමට කැපවී සිටින

අතර අපගේ අති නවීන ජංගම මුදල් වේදිකාව වන mCash ශ්‍රී ලංකාවේ මූල්‍ය
අන්තර්ගතභාවය පිළිබඳ ඉලක්ක සපුරා ගැනීම සඳහා ඉතා මැනවින් සැකසී තිබෙනවාx
මෙරට විප්ලවීය ජංගම මුදල් සංකල්පය ලෙස පිළිගෙන ඇති mCash බාධාවකින් තොර,
කාර්යක්ෂම සහ ආරක්ෂිත මුදල් රහිත ගනුදෙනු සඳහා පාරිභෝගිකයින් සහ ව්‍යාපාර
සවිබල ගන්වමින් පරිපූර්ණ හා නවීනතම ජංගම මූල්‍ය විසඳුම් පිරිනමනු ලබනවා.
ජංගම ගෙවීම් ecosystem එක උපරිම ලෙස භාවිත කිරීමටත් වටිනා සහ ශක්තිමත්
අංශයක් ලෙස ඉදිරියට ගෙන යාමටත් ප‍්‍රධාන පාර්ශවකරුවෙකු බවට හැටන් නැෂනල්
බැංකුව සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම ගැන අපි සතුටු වනවා.’’ යනුවෙන්
මොබිටෙල් ප‍්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා පැවසුවේය.
ඕනෑම HNB සාමාන්‍ය හා ළමා ඉතුරුම් ගිණුම් හිමියෙකුට ඔවුන්ගේ ගිණුමට මුදල්
තැන්පත් කිරීම සඳහා Softlogic, Singer, Lanka Bell වැනි තෝරාගත් ඕනෑම මොබිටෙල් mCash
නියෝජිතයන් මෙන්ම ඕනෑම Mobitel හෝ SLT සේවා මධ්‍යස්ථානයක් සමඟ සම්බන්ධ විය
හැකිය.
අදාල ගනුදෙනුව ඉදිරියට සිදු කරගෙන යාමට ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ නම, සාමාන්‍ය
හෝ ළමා ඉතුරුම් ගිණුම් අංකය සමඟ ඔවුන් තැන්පත් කිරීමට බලාපොරොත්තු වන
මුදල, ඔවුන්ගේ ජංගම දුරකතන අංකය සහ ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය
ඉදිරිපත් කළ යුතුය.
මුදල් තැන්පතු කළ පසු අදාල තැන්පතුව සනාථ කිරීම සඳහා HNB සහ Mobitel වෙතින්
ස්වයංක‍්‍රීය කෙටි පණිවිඩ දෙකක් තැන්පතුව තහවුරු කරන පාරිභෝගිකයා වෙත වෙන
වෙනම යවනු ඇත. එහිදී උපරිම තැන්පතුවක් ලෙස දිනකට රු.25,000 ක්තැන්පත්
කිරීමට සෑම පාරිභෝගිකයෙකුටම අවස්ථාව හිමිවෙයි.
පාරිභෝගික මධ්‍යස්ථාන 256ක් දීපව්‍යාප්තව පවත්වාගෙන යන HNB ඩිජිටල්
බැංකුකරණයේ නව ආදර්ශයක් ඉදිරියට ගෙන යාමේ ප‍්‍රයත්නය උදෙසා දෙස් විදෙස්
පිළිගැනීමක් ලබා ඇති ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත් තාක්ෂණික නවෝත්පාදන
බැංකුවකි. සිය බැංකු විශිෂ්ටත්වය මැනවින් විදහා පෙන්වමින් 2021 ජාත්‍යන්තර මූල්‍ය
සඟරා සම්මාන උළෙලේදී බැංකුකරණ අංශයේ ‘‘විශිෂ්ටතම පාරිභෝගික බැංකුව’’ සහ
‘‘විශිෂ්ටතම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) බැංකුව’’ යන සම්මාන හිමිකර
ගැනීමට HNB සමත් විය. එක්සත් රාජධානියේ ‘ද බෑන්කර්’ සඟරාව මගින් අඛණ්ඩව
පස්වරක් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ද HNB ශ්‍රේණිගත කරන ලද අතර 2020
ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේදී විශිෂ්ටතම වත්කම් භාරකාරත්ව (Best Sub-
Custodian) බැංකුව ලෙස ද HNB සම්මානයට පාත‍්‍ර විය. Fitch Ratings (ලංකා) සමාගම විසින්
බැංකුවට ජාතික දිගු කාලීන AA- (lka) ශ්‍රේණිගත කිරීමක් ලබා දී ඇත.

HNB විධායක අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී, ඩිල්ෂාන් රොද්‍රිගෝ සහ මොබිටෙල් ප‍්‍රධාන විධායක නිලධාරී, චන්දික විතාරණ යන මහත්වරු අදාල අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගනිමින්. HNB හා Mobitel යන සමාගම් දෙක නියෝජනය කරමින් පැමිණ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ඡායාරූපයේ වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *